කාබන් විමෝචනය අඩු කිරීමට නම්,…. (පරිසරය හා ස්වභාධර්මය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වායුගෝලයේ කාබන් විමෝචනය තවත් සියයට 5 ක් අඩු කරන්නේ කෙසේදැයි ගවේෂණය කරන වාර්තා තුනක් ප්රකාශයට පත් කර ඇත. මෙය ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්යාලය මගින් සිදු කර ඇත.
මේ වාර්ථාවල කතුවරියක් වන “ආචාර්ය කැතරින් කොලෙට්” මෙසේ පැවසුවාය: … “දේශගුණික විපර්යාසයන් අවම කිරීම සඳහා පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙත මාරුවීමට වඩා වැඩි යමක් අවශ්යය”….
හරිතාගාර වායු විමෝචනයෙන් වැඩි ප්රමාණයක් විදුලිය, ප්රවාහන, උණුසුම සහ ගොවිපොළ මගින් වන විමෝචන වේ. පැරිස් ගිවිසුමේ බැඳීම් වලට අනුකූලව කාබන් විමෝචනය අඩු කිරීමට කටයුතු කරන රජයන් සහ ව්යාපාර ඇත. ඔවුන් ශුද්ධ-ශුන්ය විමෝචන වෙත ළඟාවීම සඳහා උත්සාහ කරති.
‘අවසාන සියයට 25’ විමෝචනයෙන් අදහස් කෙරෙනුයේ කෘෂිකර්මාන්තය, සිමෙන්ති, අපද්රව්ය සහ ප්ලාස්ටික් වැනි අංශයන්ගෙන් වන වායු විමෝචනයට තුල ඇති විමෝචන අභිප්රාය වේ. නොවැලැක්විය හැකි විමෝචනයන් වන මේවා පුළුල් පරාසයක හරිතාගාර වායු විමෝචක වලින් සිදු වේ. ශුද්ධ-ශුන්ය විමෝචනය සඳහා ලබා ගැනීමට ක්රම තුනකි. පොලිමර් භාවිතය අවමය, කාබන් ඉවත් කිරීම සඳහා ගස් වැවීම වැනි සොබාදහම පදනම් කරගත් විසඳුම් සහ, විකල්ප ප්රෝටීන භාවිතය ප්රචලිත කිරීමය.
… “ශුද්ධ ශුන්ය අගය සාක්ෂාත් කර ගැනීමට නම් ඉහත වාර්තා තුනෙන් හඳුනාගෙන ඇති සියයට 25 ක අවසාන විමෝචනය විසඳිය යුතුයි”… යැයි ව්යාපාරික අධ්යක්ෂ “මහාචාර්ය කැමරන් හෙප්බර්න්” පැවසීය. කෙසේ වෙතත්, ඒවා අඩු කිරීම හෝ ඉවත් කිරීම තුළින් යම් යම් සැබෑ වෙනස්කම් සිදු වේ. මේවා සිදු විය හැකි බවට වග බලා ගැනීම සඳහා සැලකිය යුතු ආයෝඡනයක් අවශ්ය වේ.
ප්ලාස්ටික් පමණක් නොව ඇස්ෆල්ට්, ඖශධ, ද්රාවක, පොහොර සහ ලිහිසි තෙල් ඇතුළු ඛනිජ රසායනික ද්රව්ය මත පදනම් වූ ද්රව්යයන් නූතන ආර්ථිකයන් සඳහා අත්යවශ්ය වේ. එම නිසා තිරසාර ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා අලුත් ක්රම අවශ්ය බව වාර්ථා වල සඳහන් වේ. වායු ගෝලයට මුක්ත නොවීමට අල්ලා ගත් කාබන් [carbon capturing] , ප්රතිචක්රීයකරණ අනුපාත වැඩි කිරීම සහ කාලයත් සමඟ දිරන පොලිමර් නිෂ්පාදනය වැඩි කිරීම, සහ ෆොසිල හෙවත් බොරතෙල් සඳහා විකල්ප භාවිතා කිරීම නිර්දේශ කෙරේ.
තවත් වාර්තාවක් මඟින් ප්රෝටීන වල දේශගුණික බලපෑම පරීක්ෂා කරන අතර, අවාසනාවට සත්ව නිෂ්පාදන සඳහා ඉල්ලුම ඉහළ යන බව සටහන් කරයි. සමස්ත විමෝචනය සඳහා මෙම නිෂ්පාදනවල දායකත්වය 2050 වන විට සියයට 16 සිට සියයට 35 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ශාක පදනම් කරගත් ප්රෝටීන්, කෘමීන්, මයිකොප්රෝටීන් (උදා: ක්වෝර්න් මස් ආදේශක), ඇල්ගී, බැක්ටීරියා ඇතුළු විකල්ප ප්රෝටීන් ප්රභවයන් වේගවත් කිරීම වැදගත් වන්නේ එහෙයිනි.
ස්වාභාවික හරිතාගාර වායුව ඉවත් කිරීම සඳහා තණබිම් නැවත සකස් කිරීමද අවශ්ය වේ. ස්වාභාවික CO2 සහ කාබන් පෝෂක ප්රභවයන් පරීක්ෂා කරන තුන්වන වාර්තාවෙන්, අර්ධ ශුෂ්ක හා ලුණු සහිත ඉඩම් භෝග වගා කිරීම, නැවත වන වගාව සඳහා තණබිම් නැවත සකස් කිරීම කළ හැක්කේ කෙසේද යන්න විස්තර කෙරේ.
තවත් වාර්තා කතුවරයෙකු වන “බ්රයන් ඕ කැලැගන්” මෙසේ පැවසීය: …“කොවිඩ් -19 කාලයේ මෙන්ම ගෝලීය මූල්ය අර්බුදය තුළ එක්සත් ජනපදය පුනර්ජනනීය බලශක්ති පර්යේෂණ හා සංවර්ධනය සඳහා විශාල වශයෙන් ආයෝඡනය කළේය”… “එම ආයෝඡනය මඟින් බොහෝ ප්රයෝජන ලැබී ඇත”…
….“අද කෘෂිකර්මාන්තයේ හා ගොවිපොළ කර්මාන්තයේ ද ඒ හා සමාන දියුණුවක් ලබා ගැනීමට අප උත්සාහ කල යුතුය”…
May be an image of text that says 'Dairy 18.3% Beverages 5. 5.9% Fish and Seafood 5.8% Eggs 2.8% Meats 56.6% Vegetables 2.6% Grain products 1% Other Other 4.3% Fruits 1.6%'
May be an image of text that says '7 6.61 6 Binnas 5 per 4 ×××× 3 0 nuno u uno 2 Beef Cheese Pork Poultry Eggs Milk Rice Legumes Carrots Potatoes 2.45 1.72 1.26 0.89 0.72 0.16 0.11 0.07 0.03'
උපුටා ගැනීම: Lalith Karunaratna

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!