මේ සිද්ධිය උනේ 2015 විතර මං AL කරද්දි, ඒ කාලේ මාත් එක්ක ඉස්කොලෙයි, ගම්පහ පංති යන්නයි, පංති කට් කරන්නයි ඔක්කොටම හිටපු පාප මිත්රයා Bawantha Dasun. අපි දවසක් ඔන්න ඉස්කොලෙන් නුවර එලියට ට්රිප් එකක් ගියා. එහෙදි මං Coca Cola එකක් ගත්තා බොන්න, ඕකෙන් ඉතින් අන්තිමට මායි අර බවන්තයමයි බිලා කාලක් විතර ඉතුරු වෙලා තිබ්බේ. ඒකත් මගේ බැග් එකේ තිබ්බේ. කොහොමහරි දැං එහේ සීතලට කට්ටියට චූ බර හැදිලා තිබ්බේ, අන්තිමට නවත්තපු තැනේ ටොයිලට් එකට හැම එකාම වගේ යන්න පොලිමේ. මාත් ඔය පොලිමේ ගිහින් බර නිදහස් කරන් ආවා
හැබැයි බවන්තයා ආවේ නෑ ඒත් මේකත් චූ බරයි කිය කිය හිටියේ 


දවසේ අවසානේ ගෙදර ඇවිත් බෑග් එක අස් කරන්න ගත්තා, තාත්තත් මං ලග. මං වැඩිය බැලුවේ නෑ කෙලින්ම බෑග් එකෙන් අර Coca Cola ඉතුරු ටික අරං තාත්තට දුන්නා ” තාත්තේ මෙන්න Coca Cola ටිකක් ” කියලා (ඒක එද්දි බිව්වේ නෑ අමතකම වෙලා තිබ්බේ) තාත්තාත් ඉතිං ඒකේ පාට වැඩිය බැලුවේ නෑ මූඩිය ඇරියා බොන්න. අම්මෝ ඉන්න බෑ මුලු ගේ ඇතුලෙම චූ ගදයි
තාත්තාත් එක පාරට ” මේ මොනාද යකෝ මේ තොපි මේ බොතල් වලටද චූ කරේ ” කියලා කෑගහන්න ගත්තා
මට ඉතිං වෙන කාවද මතක් වෙන්නේ අච්චර අර අපි පොලිමේ ගිහින් චූ දාද්දි, චූ බරයි කිය කිය ඉදලත් ආවේ නැති කැ* ගෝත බවන්තයව 
මේ කැ** මගේ අර ඉතුරු Coca Cola කාලට චූ කරලා
මං එවෙලේ මැසෙජ් එකක් දාලා බැන්නත් එක්ක ගෝත ප**ට. මොනා උනත් හෙන ආතල් වැඩේ ඉතින් මූ කරේ, අපේ අම්මයි තාත්තයිත් පස්සේ හොදට හිනා උනා 






කොහොමහරි මං හිතාගත්තා තොට හොද වැඩක් කරන්නම්කෝ කියලා. අපේ තාත්තාත් ඔය වගේ වැඩ වලට සප් එක දෙනවා එකෙන්ම. මං තාත්තාට කිව්වා ඒ බෝතලේ එලියෙන් මූඩිය තද කරලා තියන්න හෙට ගම්පහ පංති ය්ද්දි අරන් ගිහින් බවන්තයට හොද වැඩක් කරන්නම් කියලා 
මං උදේ පංති යද්දි ඒ බෝතලේ Brown Paper බෑග් එකකට දාගේන, තව උරේකත් දාගෙන බෑග් එකට දාගෙන ගිහිල්ලා දුන්නා බස් එකේදි මගේ එදා ඉදං අදටත් වදකාර සහ සියලුම හොර වැඩ වලට සප් එක දෙන හොදම යෙහෙලිය Savindi Nishakaට
දීලා සවින්දිට විස්තරේ කියලා මං කිව්වා හවස Chemistry ක්ලාස් එකේදි බවන්තටම ඕක ශේප් එකේ දෙන්න උරේ ගලවන්නේ නැතුව බොන්න Coca Cola කියලා (මං ඒ Chemistry ක්ලාස් එකට නෙමේ ගියේ) අම්මෝ ඉතිං හවස සවින්දි බවන්තට ඕක දීලා ” ආහ් බොන්න Coca Cola ” කියලා, දුන්න ගමං මූ හෙනම අතිශය සතුටට පත් උන මුහුනකින් එකෙන්ම ඒක එලියට අරං, මූන ඉතින් බලං ඉද්දි වෙනස් උනාලු
පොරට වැඩේ තේරිලා ඒත් දැං ඕක dismiss කරන්න වේලාවක් නැති නිසා ආයේ උරේටම දාගෙන කොල්ලෝ ඉන්න පැත්තට ගියාලු. සවින්දි ඊට පස්සේ හයියෙන් කෑගහලා ” බවන්ත ඔය Coca Cola යාලුවන්ටත් දීලා බොන්න ” කියලා 
අම්මෝ ඉතිං ඕක ඇහුන බවන්ත ලග හිටපු කොල්ලෝ ටික ” කෝ කෝ ගනිං Coca Cola ” කියලා අරක අරං උරෙත් ගලෝලා මූඩියත් ගැලෙව්වලු. ඊට පස්සේ ඉතිං බවන්තට මොනවා උනාද කියලා ඌම තමා දන්නේ 









*ඕකා දැන් ඇවිත් කියයි එහෙම උනේ නෑ අරකයි මේකයි කියලා*
උපුටා ගැනීම: Sumal Jayasinghe