වීනස් දෙවඟන (සංස්කෘතිය හා කළා නිර්මාණ)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
යමෙක් මිය ගිය පසු මමීකරණයට ලක් කිරීම පුරාතනයේ විවිධ ශිෂ්ටාචාර තුල දැකගත හැකි වූ අභිචාර විධියකි. මමීකරණය ආරම්භ වූයේ ඊජිප්තු ශිෂ්ටාචාරයට පෙර වුව ද එය ප්රකට වූයේ ඊජිප්තු ශිෂ්ටාචාරය තුලිනුයි.
පුරාණ ඊජිප්තුව තුල යමෙක් මමීකරණයට ලක් කරන විට ඔහුගේ හෝ ඇයගේ ශරීර අභ්යන්තරයේ ඇති සියලු අවයව ඉවත් කර බඳුන් කිහිපයකට දමයි. ඉන්පසු නහය කඩා ඒ තුලින් කොක්කක් යවා මොළය කුඩු කර එයත් ඉවතට ගනියි. ඉන්පසු මොළය තුලට දුම්මලවලින් පොඟවන ලද ලී කුඩු හෝ ශාකමය උකු දුම්මල දමයි. ශරීර අභ්යන්තරය නෙට්රෝන් වලින් පුරවයි. නෙට්රෝන් යනු ලුණු වලට සමාන ද්රවයයකි. ඒවා ශරීරය අභ්යන්තරයට දමන්නේ ශරීරය වේලීමට යි.
පෙර දී කියූ ආකාරයට ශරීර අභ්යන්තරයේ තිබූ අවයව ඉවත් කරන අතර බොහෝ විට හදවත නැවත සිරුර තුලට දමයි. මෙයට හේතු වන්නේ ඉතා පැරණි ඊජිප්තු ඇදහිල්ලක්. ඊජිප්තු විශ්වාසයන්ට අනුව පුද්ගලයෙක් මියගිය පසු ‘රා’ නම් වූ දෙවියන්ගේ අණ පරිදි ‘තෝත්’ නම් වූ දෙවියා මියගිය පුද්ගලයාගේ හදවත තරාදියක දමා කිරා බලයි. එවිට එම හදවත පිහාටුවකට වඩා බර වැඩි වුවහොත් අසල සිටින නරියාට හදවත කෑමට ලබා දෙයි.
ඕනෑම අයෙක්ගේ හදවත පිහාටුවකට වඩා බරින් යුක්ත බව අපි දනිමු. මෙම ඊජිප්තු ඇදහිල්ලෙන් ඔවුන් කීමට උත්සහ කලේ වචනාර්ථය ඉක්මවූ අදහසක්. යමෙකුගේ හදවතේ බර වැඩි වීමට නම් ඔහු හෝ ඇය විසින් වැරදි කල යුතුයි. සැමවිට ම යහපත් දේ කිරීමෙන් හදවතේ බර පිහාටුවක් මෙන් සැහැල්ලුව තබා ගත හැකි බව පුරාණ ඊජිප්තු වැසියෝ විශ්වාස කළේ ය.
ඊජිප්තු ශිෂ්ටාචාරය බිඳවැටීමත් සමඟ මෙම ඊජිප්තු ඇදහිලි හා මමීකරණය වැනි චාරිත්ර වාරිත්ර එකවර බිඳ වැටුනේ නැත. ඉන්පසුව පැමිණි ශිෂ්ටාචාර වලට ද මෙම චාරිත්ර ත්යාගයක් ලෙසින් ලැබුණි. රෝම ශිෂ්ටාචාරය තුල මමීකරණයත් එසේ ලැබුණු ත්යාගයක්. රෝමන්වරු අතර මමීකරණය එතරම් ප්රකට නොවුනත් ඔවුන් මමීකරණයේ නියැලුනා.
ඊජිප්තු ශිෂ්ටාචාරයේ මෙන් රෝමය තුලත් මමීකරණය සිදු කලේ ප්රභූ පැළැන්තියේ පවුල් වල අය පමණයි. මමීකරණයේ දී ඊජිප්තුවේ මෙන් සිරුර ලිනන් පටි වලින් ඔතා මිනිස් සිරුරේ ප්රමාණයට සෑදූ ලී පෙට්ටියක බහාලයි. එම සිරුර අඩංගු ලී පෙට්ටියේ හිස පිහිටි පෙදෙසේ පෙට්ටියට උඩින් තවත් ලීයක් මත මියගිය පුද්ගලයාගේ මුහුණේ සිතුවමක් තබා සවි කරයි. මෙම සිතුවම් හැඳින්වෙන්නේ ‘ෆෙයුම් මමීකරණ සිතුවම්’ නමිනුයි.
බොහෝ අවස්ථා වල දී මෙම සිතුවම අඳින්නේ එම පුද්ගලයා මියගිය පසු නොවේ. මියයාමට පෙර එම පුද්ගලයාගේ ඇඳි සිතුවමකින් මුහුණ පිහිටන ප්රදේශය කපා ඉවත්කරගෙන මිනී පෙට්ටිය මත සවි කරයි. කලාත්මකව අතිශය වටිනාකමක් හිමිවන මෙම සිතුවම් අයත් වන්නේ ක්රි.පූ. පලමුවන සියවසට. එනම් මෙම සිතුවම් වසර දෙදහසකට අධික කාලයකට පෙර ඇඳි සිතුවම්. මෙම සිතුවම් ඇඳි චිත්ර ශිල්පීන් ගැන කිසිදු තොරතුරක් නැත. එයට හේතු වන්නේ එකල චිත්ර ඇඳි පුද්ගලයාගේ නම සිතුවමේ සටහන් කිරීම හෝ සිතුවමක් එළිදැක්වීම චිත්ර ශිල්පියාගේ නමින් එළිදැක්වීම නොවුනු නිසයි.
මේ වන විට මෙවැනි සිතුවම් නමසීයකට ආසන්න ප්රමාණයක් සොයාගෙන ඇති අතර එම සිතුවම් අතරින් මගේ සිත ගියේ පහත සිතුවමට යි. ක්රි.ව. 120 දී පමණ ඇඳි මෙම සිතුවම සෙන්ටිමීටර් තිස් පහක් පමණ උසකින් යුතු අතර තරුණ කාන්තාවක් නිරූපණය කරයි.
මෙහි සිටින තරුණ රෝමානු කාන්තාවට ඉතා අලංකාර බොකුටු කොණ්ඩයක් හිමි වන අතර හිසෙහි කොළ අත්තකින් සෑදුනු ඔටුන්නක් තිබේ. කලබලකාරී ඇහි බැම හා විශාල ඇස් හිමි ඇය ඍජුව නරඹන්නා දෙස බලන්නේ නැත. ඇය කෙළවරින් ඈතින් එන අයෙකු දෙස බලයි. හොඳින් බැලුවොත් හිසෙහි ඉදිරිපස ඇති බොකුටු කොණ්ඩයේ හෙවනැල්ලත් ඒ අසලින් ම චිත්ර ශිල්පියා විසින් නිරූපණය කර තිබේ. වර්ණ ගැන්වීම් සඳහා ශිල්පියා බොහෝ විට භාවිතා කර ඇත්තේ ස්වාභාවික ද්රව්ය වලින් වර්ණ ගැන්වූ ඉටි හා සත්ව තෙල් ය.
ලියනාඩෝ ඩා වින්චි විසින් ලෝ ප්රකට මොනාලිසා සිතුවම් කළේ මෙම නම නොදන්නා චිත්ර ශිල්පියා විසින් පහත තරුණ රෝමානු කාන්තාව සිතුවම් කර වසර එක්දහස් හාරසීයකට පමණ පසුව යි.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!