ඉරුවාරදයෙන් පීඩා විඳින කෙනෙකු අත්විඳින වේදනාව දන්නේ ඔහුම පමණයි. ඉරුවාරදයට සහනයක් ලබාගැනීම ඉතාම අසීරු වන අතර බොහෝ සාම්ප්‍රදායික ක්‍රමවලින් ප්‍රතිඵලයක් ලැබෙන්නෙත් නැහැ. පහතින් දැක්වෙන්නේ ඉරුවාරදයට සහනයක් ලබා දිය හැකි තරමක් අමුතු ක්‍රමෝපායන් කිහිපයක්. ඔබත් විවිධ දේ අත්හදා බලා ප්‍රතිඵලයක් නොලැබුණු කෙනෙක් නම් අද සිට මේ ක්‍රමෝපායන් අත්හදා බලන්න. ඇතැම් විට ඔබට එයින් ප්‍රතිඵලයක් ලැබේවි.
01. 100%ක් ස්වභාවික පානයක් සාදාගන්න.

සාමාන්‍යයෙන් ඉරුවාරදයට ලබාදෙන ඖෂධ පැය ගණනක් කටේ රැඳෙන තිත්ත රසකින් යුක්තයි. ඒ නිසයි අපි මේ ප්‍රණීත රසයකින් යුත් පානය හඳුන්වා දෙන්නේ. ඉරුවාරදය සුව කිරීමට අමතරව මෙමගින් ඔබේ සිරුරට වෙනත් ප්‍රතිලාභ බොහෝමයක්ද ලබා දෙනවා.අමුද්‍රව්‍ය :-• සෙලරි දඬු 5ක්.• ලෙමන් ගෙඩියක්.• පිපිඤ්ඤා ගෙඩියක්.• නිවිති කෝප්ප 3/4• පාස්ලි කෝප්පයක්.• ඉඟුරු ග්‍රෑම් 2ක්• ඇපල් ගෙඩි 2ක්- ඉහත සියළුම අමුද්‍රව්‍ය බ්ලෙන්ඩරයකට දමා මිශ්‍ර කොට පානය කරන්න.
02. ඇඳ රෙදි මාරු කරන්න.

ඔබට උදෑසන අවදි වූ වහාම හිසේ කැක්කුම හට ගන්නවා නම් සහ ඇඳෙන් බසින තුරු එය සුව වන්නේ නැත්නම් එය අහම්බයක් නොවේ. මන්ද යත් ඔබේ ඇඳ රෙදි එයට හේතුව විය හැකි වීමයි. ඇක්‍රිලික් හෝ පොලියෙස්ටර් වලින් නිපදවන ඇඳ රෙදි මගින් හිසේ කැක්කුම් ඇතුළු වෙනත් ආසාත්මිකතා අවුළුවන නිශ්චිත වායු වර්ගයක් නිපදවන නිසා එවැනි ඇඳ රෙදි ඇත්නම් ඒවා ඉවත් කරන්න.
03. ජනෙල් වීදුරු ඇරගෙන ගමනේ යෙදෙන්න.

ඇතැම් මෝටර් රථවල අභ්‍යන්තර නිමැවුම මගින් සෛලීන්,බෙන්සීන් සහ ඇසිටෝන් වැනි වායු වර්ග නිපදවෙනවා. එම වායු හේතුවෙන් ඉරුවාරදය, ආතතිය සහ නිදිමත ඇති විය හැකියි. මේ නිසා එම වායුවෙන් වැලකීමට වාහනයේ ජනෙල් වීදුරු ඇරගෙන ගමන් කරන්න. එවිට වාහනය තුළ පිරිසිදු වාතය සංසරණය වන නිසා එවැනි අහිතකර වායූන් වලට කෙලින්ම නිරාවරණය වීමෙන් වැලකිය හැකියි.
04. දත් අතර පැන්සලක් තබාගන්න.

ඉරුවාරදය ඇති විට ඕනෑම කෙනෙකු අධික වේදනාව හේතුවෙන් නොදැනුවත්වම හෝ හකු තද කර ගැනීම සිදුවෙනවා. එයින් වන්නේ වේදනාව තවදුරටත් උග්‍ර වීම පමණයි. මේ නිසා එය සිදු වීමෙන් වළක්වා ගැනීමට දත් ඇඳි අතර පන්සලක් තිරස් අතට තබා ගන්න. එවිට හකු තද කර ගැනීමට නොහැකි වීම නිසා වේදනාව දරුණු අතට පත් වීමෙන් වළක්වා ගත හැකියි.
05. කෙසෙල් පොත්තක් නළලට තබා ගන්න.

පිරිසුදු කෙසෙල් ලෙල්ලක් ගෙන එහි මධ්‍යසාර ටිකක් තවරා,නළලට තබා ගෝස්/ රෙදි පටියකින් ඔතන්න. ඉන්පසු හාන්සි වී පැය භාගයක් සිටින්න. කෙසෙල් පොත්ත මගින් එකතු වූ විෂ අවශෝෂණය කර ගැනීම නිසා ඉරුවාරදයට ඉක්මන් සහනයක් ලබාගත හැකියි.
06. ලුණු සමග දෙහි යුෂ පානය කරන්න.

ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩාත් ශක්තිමත් කොට සිරුරේ ඇති තරල වර්ග සමතුලිත කිරීමට හැකි සංඝටක ලුණු වල අඩංගු වෙනවා. දෙහි/ලෙමන් යුෂ වීදුරු භාගයකට ලුණු තේ හැන්දක් එක්කොට පානය කරන්න. එය ඉරුවාරදයට ක්ෂණික සහනයක් අත්කර දිය හැකි ඉතා ඵලදායි විසඳුමක්.
07. මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල අතර තෙරපන්න.

මහපට ඇඟිල්ල හා දබර ඇඟිල්ල අතර ඇත්තේ ඉරුවාරදයට සහනයක් ලබා දිය හැකි නිල තෙරපුම් ස්ථානයකි. එය තදින් තෙරපීම මගින් ඔබේ රුධිර සංසරණය වැඩිදියුණු වන අතර ඉක්මන් සහනයක් ලබාගත හැකියි. එසේත් නැත්නම් එම ප්‍රදේශය සම්බාහනය කිරීම හෝ ඝර්ෂණය ඇතිවන අයුරින් ඉක්මනින් ස්පර්ශ කිරීම සිදු කරන්න.
08. යෝගා.

ඉරුවාරදයට පිළියම මානසික හේතුවකට පිළියම් කිරීම නම් යෝගා උපකාරී වනු ඇත. වෙනත් කෙනෙකු නිසා හෝ තමාට තමන් විශ්වාස නොමැති නිසා හෝ යමෙක් තමන්ට සැබවින්ම අවශ්‍ය දෙයින් වැළකී සිටිනවා නම් එවැනි පුද්ගලයන් අතර අවහිරයක් ආකාරයෙන් ඉරුවාරදය ඇතිවන බව සැලකෙනවා. එවැනි හේතුවක් නිසා ඔබට ඉරුවරදයක ලක්ෂණ පහළ වෙනවා නම් “ඩවුන්වර්ඩ් ෆේසින් ඩෝග්”(Downward facing dog) හෝ “චයිල්ඩ්ස් පෝස්” (child’s pose)වැනි යෝගා ඉරියව්වක නියැලෙන්න.
උපුටා ගැනීම: The Lanka Post