පාද කොට වීමට බලපාන හේතු 7 ක් (සෞඛ්‍ය හා යෝග්‍යතාවය)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

අපේ මුළු සිරුරේම බර දරා සිටින්නේ අපේ කකුල් වලිනි.සාමාන්‍යයෙන් කකුල් එක සමාන උසකින් පිහිටයි. නමුත්, ඇතැම් පුද්ගලයිගේ පාද උපතින්ම එකිනෙකට වෙනස් උසකින් පිහිටා තිබිය හැකිය.මේ බව පැහැදිලිව පෙනෙන්නට ගන්නේ පුද්ගලයා වයසෙන් වැඩෙන විටයි. විශේෂයෙන්ම ඇවිදින විට මේ වෙනස මනාව ඉස්මතුව පෙනේ.

ඇතැම් අයට අනතුරු ආබාධවලට ලක්වීම නිසා මේ තත්වය උදාවිය හැක.කකුල් අස්ථි වලට හානිවීම නිසා හෝ බලපෑමට ලක්වූ කකුල් අසමාන ලෙසකින් වර්ධනය වීම නිසා ද එසේ විය හැකියි.හඳුනානොගත් හේතුන් ද තිබෙන්නට පුළුවන්.

ශරීර සෞඛ්‍ය පිළිබඳව හොඳ අවබෝධයක් තිබීම ඉතා වැදගත්. එක් කකුලක් අනෙක් කකුලට වඩා කොටවීමට බලපෑ හැකි හේතු මොනවාද කියලායි අද අප ඔබව දැනුවත් කරන්නේ.

  1. අස්ථි ආබාධ

කැඩුණු කකුලක් වෙනස්ම දිශාවකට වර්ධනය වීමට ඉඩ ඇත, විශේෂයෙන්ම කකුල කොටස් කිහිපයකට බිඳී ගොස් ඇත්නම් හෝ පේශී පටක විනාශ වී ඇත්නම් කකුලේ වර්ධනය වෙනස් විය හැක.අස්ථියක් බිඳියන සෑම අවස්ථාවකම එම අස්ථිය වර්ධනය වීම වැළැක්වෙන්නේ නැහැ.සුවපත් වන ක්‍රියාවලිය අතරතුරදී අස්ථිය අසාමාන්‍ය ලෙස විශාලව වර්ධනය වීම සිදුවන අවස්ථාද තිබිය හැක.

  1. ක්‍රීඩා අනතුරු

වැඩිහිටි වියට පා තබන විට ශක්තිමත් අස්ථි බවට පත් වන වර්ධන පට්ටක (growth plates) ඇති හෙයින් ක්‍රීඩාවේ යෙදෙන විට අත් පා වල වර්ධනය අඩාල වීමේ අවදානමක් දරුවන්ට ඇත. පාපන්දු, රගර් වැනි ඝටන ක්‍රිඩා සහ ස්කේට්බෝර්ඩිං, ස්කීං වැනි සරල ප්‍රතිනිර්මාණාත්මක ක්‍රීඩා විශේෂයෙන්ම අවදානම් සහගතය.

  1. ගාත් අධි භාවිතය

ක්‍රීඩාකරන විට, ඔබේ අත් කකුල් අධිකව මෙහෙයවෙන නිසා ඔබේ ගාත් මත දිගුකල්පවත්නා ආතතියක් එල්ලවී තිබෙයි.බාහු අධි භාවිතය හේතුවෙන් Little League shoulder නමැති තත්වයට තුඬු දිය හැක.ක්‍රීඩා කිරීම අයහපත් දෙයක් නොවෙයි. නමුත්, එක දිගටම එකම ක්‍රීඩාවේ දිගු කාලයක් නිරතවීමෙන් වැළකීම සුදුසුය.

  1. ඇදවැටීම්

ඉහළ තැනකින් බිමට ඇදවැටීම, ලිසා වැටීම හෝ ඇදවැටීම් වැනි සාමාන්‍ය අනතුරු හේතුවෙන් අස්ථි වලට විවිධාකාරයෙන් බලපෑම් ඇතිවිය හැක.විශේෂයෙන්ම අස්ථි කම්පන තත්වයන් හේතුවෙන් විශේෂයෙන් ළදරුවන්ගේ අස්ථි වර්ධක පට්ටක  වලට හානි ඇතිකරවිය හැක. අනතුරු වලට භාජනය වීම නිසා කෙනෙකුගේ සුෂුම්නාවට- කොඳු ඇට පෙළට පවා හානිවීමට ඉඩ ඇත.ඒ බලපෑමින් බරපතල ලෙස අස්ථි හානි වීමකට තුඬු දිය හැක.

  1. අනතුරුදායක ක්‍රියාකාරකම්

කුඩා ළමුන් අතර ජනප්‍රිය උඩ පැනීමේ සෙල්ලම් ක්‍රම , විශේෂයෙන්ම ඉන්ෆ්ලැටබල් හෝ ට්‍රැම්පොලයින් වැනි මතුපිට වල උඩපැනීමේ ක්‍රියාකාරකම් අප සිතනවාට වඩා අවදානම් බවයි පෙනෙන්නේ. ට්‍රැම්පොලයින් ක්‍රීඩා ඇදවැටිම්, අස්ථි බිඳියාම් හා ඇතැම් විට බරපතල ලෙස කොඳු ඇට පෙළට හානිවීමට පවා ඉඩ ඇති අවදානම් සෙල්ලම් ක්‍රම වේ.කුඩා ළමුන් සෙල්ලම් කරන වටපිටාව ආරක්ෂාව සහතික කළ පරිසරයක් වීම වැදගත්. ඒ නිසා ඒ ගැන සුපරික්ෂාකාරීවන්න.

  1. විෂම ශරිර ඉරියව්

නිවැරදි නොවන අහිතකර ශරීර ඉරියව් නිසා ඔබේ කකුල් උස කොට ලෙසින් අසමානව වර්ධනය වීමට ඉඩ ඇති බව ඔබ අසා ඇති.අසමාන ලෙස ශරීර ඉරියව් පවත්වාගැනීමෙන් පැතිකුදය ( ‘postural scoliosis’) වැනි තත්වයක් තමයි බොහෝ විට ඇතිවිය හැක්කේ.මින් පුද්ගලයෙකුගේ අස්ථි සැබෑ ලෙස හානිකිරීමක් හෝ විකෘති කිරීමක් ඇතිනොකරයි. ක්‍රමවත් ව්‍යායාම හා පුහුණු අභ්‍යාස මඟින් මේ තත්වය සම්පූර්ණයෙන්ම ප්‍රකෘති තත්වයට පත්කළ හැකිය.

  1. රෝග

අස්ථි පට්ටක මත ගෙඩි (tumors)  වර්ධනය වීම හෝ අස්ථි මත කාටිලේජ වර්ධනය විම් වැනි අස්ථි වර්ධනයට බලපෑ හැකිය

 

උපුටා ගැනීම: The Lanka Post

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!