කෝටි ගාණක කප්පම් සිද්ධියට බොලිවුඩ් නිළි ජැකලින් ප්‍රශ්න කරයි (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මුදල් විශුද්ධිකරණ සිද්ධියක සාක්ෂිකරුවකු ලෙස ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස්ගෙන් ඊයේ(30) ප්‍රශ්න කළ බව එන්ඩීටීවී (NDTV) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවලට අනුව ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව විසින් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට මේ වන විට හඳුනාගෙන ඇති සුකේෂ් චන්ද්‍රශේකර් නම් පුද්ගලයකු විසින් ක්‍රියාත්මක කරන ලද යැයි කියන කෝටි ගණනක කප්පම් ජාවාරමක් සම්බන්ධයෙන් මෙලෙස ජනප්‍රිය බොලිවුඩ් නිළියගෙන් ප්‍රශ්න කර තිබේ.

මෙහිදී 36 හැවිරිදි ජැකලින් සිද්ධියේ චූදිතයකු නොවන නමුත් සුකේෂ් චන්ද්‍රසේඛර්ට එරෙහි නඩුවක සාක්ෂිකරුවකු ලෙස ප්‍රශ්න කිරීම්වලට ලක්වේ.

චන්ද්‍රසේකරට එරෙහි මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් පසුගියදා චෙන්නායි හි මුහුදට මුහුණලා තිබූ බංගලාවක්, පවුම් ලක්ෂ 82.5 ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දුසිමකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නඩුව පදනම් වී ඇත්තේ අපරාධ කුමන්ත්‍රණය, වංචා කිරීම සහ පවුම් කෝටි 200ක පමණ කප්පම් ගැනීම් සම්බන්ධයෙනි.චන්ද්‍රසේකරට සහ අනෙක් අයට එරෙහිව දිල්ලි පොලිසියේ ආර්ථික අපරාධ අංශය විසින් නඩු පවරා ඇත.

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!