කොළඹ පවතින අධික වාහන තදබදයට විසඳුමක් ලෙස නුදුරේදීම ජනසතු වන කැළණි නව පාලම… (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කොළඹ නව කැලණි පාලම කොළඹ නගරයට ප්‍රවිශ්ඨ වීමේදී ඔබ දැක ඇති අමුතුම අලංකාරයක් ගෙන එන්නකි. මෙහි ඉදිකිරීම් ඉදිරි මස එනම් සැප්තැම්බර් මස අවසානයේ නිම කොට ජනතා අයිතිට පත් කිරීමට නියමිතයි .

මෙම නව කැළණි පාලම ව්‍යාපෘතියේ කැළණි තිස්ස වටරවුම ආශ්‍රිත භූමිය සහ නව කැළණි පාලමේ කෙලවර සිට ඔරුගොඩවත්ත මංසන්ධිය දක්වා මාර්ගය දෙපස අලංකාරණය කිරීම සඳහා නිර්දේශිත ශාක ප්‍රභේද රෝපණය කිරීම කඩිනම් කරන ලෙස මහා මාර්ග අමාත්‍ය වරයා ඉදිකිරීම් අංශය වෙත දැනුම් දී ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට ආවේණික ශාක වර්ග කිහිපයක් මෙහි රෝපණය කිරීමට නියමිත වීමයි. එනම්,

කොබෝ,නීල,ඇහළ,මැයි,මාර,රොබොරෝසියා,කහ මාර,රත් මල්,මී,කුඹුක් ආදී ගස් වර්ග මෙම මාර්ගය දෙපස රෝපණය කිරීමට නියමිතයි. ඖෂධීය ශාක වන මේවා පරිසරයට අලංකාරය මෙන්ම ඉතාමත් වටිනාකමක් සහිත ඒවා වීම විශේෂත්වයකි.

නිහඬව ,නමුත් රට සංවර්ධනය වන බවට මේවා සාක්ෂි නොවේද?මෙය ඉදිකිරීම් අවසන් වනවාත් සමග කොළඹ තදාසන්න ප්‍රදේශයක් වන මේ ප්‍රදේශය ආශ්‍රිතව වාහන තදබදයද අඩු වනු ඇත. සෞභාග්‍යයමත් දේශයක් කරා යන ගමනේ තවත් එක් කඩඉමක් මෙසේ නිමා වීමට නියමිතයි .

 

උපුටා ගැනීම: Lanka Telegraph

                      – රෂිකා සඳමාලි හෙන්නායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!