පොල් ආශ්‍රිත කර්මාන්ත කරුවන්ට රජයෙන් ලක්ෂ 4 ක මූල්‍ය ආධාරයක්… (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

පොල් ආශ්‍රිත කර්මාන්ත කරුවන්ට මූල්‍ය අධාර ලබාදීමේ වැඩසටහනක් පොල් සංවර්ධන අධිකාරියේ දී පැවැත්විණි.කොරෝනා වසංගතය නිසා සිය කර්මාන්ත නිසි පරිදි පවපවත්වාගෙන යාමට ඔවුන්ට නොහැකි වී ඇති බව මෙහිදී කරුණු පැහැදිලි කරන ලදී.

පොල් ආශ්‍රිත අපනයන බොහෝ දුරට සීමාවී ඇති අතර කොහු බත් නිශ්පාදකයන්ගේ කර්මාන්ත ද බිඳවැටීමෙන් ඔවුන් විශාල අපහසුතාවට පත්ව ඇත.මෙහිදී එම කර්මාන්ත කරුවන් දෙසිය දෙනෙකුට මූල්‍ය ආධාර ලැබා දීමට තීරණය කර ඇත.

කර්මාන්තකරුවෙකුට මේ යටතේ හිමිවන මුදල ලක්ෂ 4කි.එහි ප්‍රධාන අරමුණ වන්නේ කෙසේ හෝ පොල් ආශ්‍රිත නිශ්පාදන මගින් අප රටට නැවතත් අපනයන ආදායම ඉහළ නංවා ගැනීමටයි.මේ අනුව කොහු කර්මාන්තය ආශ්‍රිත කර්මාන්තකරුවන්ගේ ආදායම් තත්වය සහ ඔවුන්ගේ වටිනාකම වැඩි කිරීමද මෙයින් බලාපොරොත්තු වේ.

රජය විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ නව තාක්ෂණය ඔස්සේ කොහු කර්මාන්තය ආශ්‍රිත ජන ජීවිත නගා සිටුවීයි.සෞභාග්‍යයේ දැක්ම යටතේ විවිධ පැතිකඩ හරහා අපනයන ආදායම ඉහළ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

කෙතරම් ආර්ථික අවහිරකම් තිබුණද ගෝලීය වසංගතය සමග ගැටෙමින් ඉදිරියට යාම රජයේ ප්‍රධාන අරමුණ වේ.සෞභාග්‍යයමත් දේශයක් දැකීම අප සැමගේද ප්‍රාර්ථනය වේ.

 

උපුටා ගැනීම: Lanka Telegraph

                    – රෂිකා සඳමාලි හෙන්නායක

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!