ඔන්ලයින් ගේම් ගහන අය සම්බන්ධයෙන් ගත් තීරණය (ප්‍රවෘත්ති)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

කුඩා දරුවන්ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වීමට ලබාදෙන කාලය සීමා කිරීමට චීනය කටයුතු කර තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 18ට අඩු පුද්ගලයින්ට වීඩියෝ ක්‍රීඩා සිදු කළ හැක්කේ දිනකට පැයක් බැගින් සතියකට උපරිම දින තුනක් පමණ යි.

ඒ අනුව එම පැය තුන සඳහා ද අවසරය ලබා දී ඇත්තේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල දී මෙන්ම රජයේ නිවාඩු දිනවල දී පමණක් බවයි වාර්තාවන්නේ.

එසේම එලෙස ක්‍රීඩා කළ හැකි වේලාව ද රාත්‍රි අටේ සිට නවය දක්වා පමණක් සීමා කර තිබෙනවා.

තරුණ පරපුරට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවලින් සිදුවන අහිතකර බලපෑම හේතුවෙනු යි චීනය මෙම තීරණය ගෙන ඇත්තේ.

 

 

උපුටා ගැනීම:Gossip Lanka News

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!