තවත් එක වචනයක්වත් නොකියා ඉදගන සිටි බංකුවෙන් මම නැගිට්ටේ , නිදහසට කොපමණ හේතු කිව්වත් එයින් වන යහපතක් නොවන බව දැනගනයි .
” දැන් තමුසේ යන්නද හදන්නේ ? “
ඔහු තව තවත් කෑ ගහමින් මගෙන් අහන්න පටන්ගත්තා . එත් මම කිසිම පිළිතුරක් නොදී මගේ පාඩුවේ වැව රවුම දිගේ හිමි හිමින් මගේ නව ගමනාන්තයකරා යැමට ආරම්භකරා .
” මොන කරුමයක්ද අප්පා මේ …..නවතිනවා “
ඔහු මිනිස්සුන් සිටින බව දැන දැනත් . මම තවත් අපහසුතාවයට පත්වන බව දැන දැනත් හයියෙන් කෑ ගහනවා .
මේ ලෝකේ මම වැඩියෙන්ම අහපු , මේ ලෝකේ මම වැඩියෙන්ම අකමැතිම වචන පේලිය .
” මොන කරුමයක්ද අප්පා මේ …”
ඒ වචන අහද්දී මාව පැරේනවා , මාව පිච්චෙනවා .
මීට වසර ගණනකට පෙර ඔහුත් මමත් මේ නුවර අහස යටදී හමුවන විට අපි දෙදෙනාගේම වයස යාන්තම් අව්රුදු දහසයකි . පාසල් නිළ ඇදුමෙන් , සති අන්තයේදී ටියුෂන් පංතියේ කතා බහ කරමින් එකිනෙකා හදුනාගත් කාලය තරම් සුන්දර කාලයක් මගේ ජිවිතයේ නැත .
ඉන්පසු දෙදෙනාම විශ්වවිද්‍යාලයට සුදුසුකම් ලැබුවෙය .එතැන් සිට කෙමෙන් කෙමෙන් මම අහිංසකව දුටු කෙළිලොල් ප්‍රේමවන්තයා යක්ෂයෙකු වුයේ කෙසේදැයි තවමත් මට සිතා ගැනීම නොහැකි දෙයකි .
එයට හේතු නිරන්තයෙන් ඔහුගෙන් මම ඇසුවත් ඔහු සිදුකල එකම දේ පරුෂ වචනයෙන් මට බැනීම පමණි .
” සමහර විට ස්ට්‍රෙස් එකට වෙන්න ඇති .” වෙනස්කම් සිදුවෙද්දී ඉවසාගන මං මටම කියාගත් කරුණකි .
දෙදෙනා පීඨ දෙකක අධ්‍යාපනය හැදෑරුවත් . උදේ සවස හමුවීම දිවා අහාර ගැනීම , දේශන නොමැතිනම් කැන්ටිමේ හමුවී කතා බහ කිරීම අනිවාර්ය සිදුවීමක් උනා .එත් ඔහුට ඕනිම දේකට ඉක්මනින් තරහා ගියා . කෙටි පණිවිඩයකින් ” කොහොමද ? ” ” මොකද කරන්නේ ” වගේ ප්‍රශ්ණයක් ඇහුවත් ඔහු දුන් පිළිතුර
” මොන කරුමයක්ද අප්පා මේ ” .
ටිකෙන් ටික පිරිසක් ඉදිරියේ මා අපහසුතාවයට පත් කරමින් කතා කිරීම , නිරන්තරයෙන් මා පහත්කර කතා කිරීම සිදුවූ අතර , මමත් ඒවා ගැන වැඩි වැඩියෙන් නොසිතා සිටියේ …….
අනේ …. මොනා උනත් මට ඔහු නැතිව ජිවත් විය නොහැකි බව කියමින් සහ මම ඔහුට ආදරය කරන බව සිහිකරමින් .
ගැහැනියක් පිරිමියෙක්ට කැමැත්ත , නැතිනම් ප්‍රේමය ප්‍රකාශ කරන්නේ ඔහුගේ සියළුම අවධානය තමන් දෙසට නතුකර ගැනීමේ අරමුණින් . නමුත් ටිකෙන් ටික මට සිදුවුයේ අවධානයට වඩා ප්‍රතික්ෂේප කිරීම්ය . අවධානය ලබාදීමට නොහැකි පිරිමියෙක් ලග ආදරය තියෙනවද ? මට තේරුම් ගැනීමට නොහැකි වු සත්‍ය එයයි .
අවධානය කෙමෙන් කෙමෙන් අඩු වෙද්දී , දවසට සිය දහස් වාරයක් නොරිස්සුම් , රණ්ඩු සරුවල් අප දෙදෙනා අතර ඇති වෙද්දීත් මම තව තවත් ඔහුට ලං වීමට උත්සහ කෙරු අතර , ඔහු සිදුකල එකම දේ මාව අපහසුතාවය පත්කිරීමයි .
” ඌට මානසික රෝගයක් ….. උබ ඕවා ගණන් ගන්න එපා “
දවසක් මගේ දුරකථනය බලෙන් උදුරාගන අහේතුකව විශ්වවිද්‍යාල ක්‍රීඩා පිටියට ඔහු විසිකර පසු මම අඩන විට මගේ යෙහෙළිය කිව්වේ එහෙමයි .
උදෑසන ඔහු හමුවීමට විනාඩි පහලවක ප්‍රමාදයක් නිසා මගේ කම්මුලේ පහර සිටින්න ඔහු ගැසූ විට …
“ඔච්චර ඉවසන්න එපා බන් …. අයින් වෙයන් … “
තවත් යෙහෙලියක් දුන් උපදෙසයි .
ඇත්තටම ඔහුට මානසික රෝගයක්ද ? මම මගෙන්ම ප්‍රශ්ණ කෙරු වාර අනන්තයි අප්‍රමාණයි .
නමුත් ……
අව්රුදු හතක් කොතෙක් ඉවසා සිටියත් තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැන , අපි කතා කරමින් සිටි බංකුවෙන් නැගිට කිසිවක් නොකියා සදහටම ඔහුගෙන් සමුගෙන යෑම හැර වෙන විකල්පයක් නොවිය .
ගෑණු ඉවසලා ඉවසලා බැරිම තැන අත අරින්නේ සදහටම .
ඉන්පසු හැරීමක් නැත .
මමත් දැන් ඒ ස්ථානය පසුකර ගොස් හමාරයි .
ඔහු මා ප්‍රතික්ෂේප කල කරුණ අදටත් මම නොදනී ,
ඔහු කිසි දිනක මාගේ වැරැද්දක් කියා නැත .
ඉතිං මම සමුගනිමි .
තවත් වරක් පසු පස බැලීමට මට ශක්තියක් නොතිබුන නිසා මා නිහඩව සෙමින් සෙමින් ඉදිරියට ඇවිද ගියා .
එවිටම ,
සත් වසරක ප්‍රේමයට සමු දීමට , සියළු දුක් සේදී යෑමට මෙන් මහා වර්ෂාවක් ඇද හැලුනා .
තව දුරටත් හැඩීමට මට කදුළු නැත . ඉතිං කදුළු සැගවිමටද අවශ්‍යතාවයක් නැත .
ඉබේම බෑගයේ තිබුණු නිල් පැහැති කුඩය ගෙන ඉහලාගත්තේ මෙතෙක් කාලයක් මා පත්වූ අපහසුතාවයන් නිමා කරන්නට මෙනි .
දැන් නව ගමනත්තයක් වෙත ගමනක් මා ආරම්භකර අවසානයි .
මතකයේ තියාගන්න
ඉවසලා ඉවසලා බැරිම තැන ගැහැණු අත අරින්නේ සදහටමයි .
උපුටා ගැනීම: – හසිකා විජේතුංග –
ඡායාරූපය අන්තර්ජාලයෙන්