මම පලවෙනි වතාවට කොලබට අඩිය තියන්නේ කෝස් එකක් කරන්න යන්න.පිලියන්දලට යන්න තියෙන නිසා හැමදාම කටුබැද්ද හංදියෙන් බැහැලා 255 කොට්ටාව බස් එකේ තමයි මම යන්නේ.
දවසක් මම ක්ලාස් එකට ගියාට එදා ක්ලාස් එක තිබුනේ නෑ.මම ඉතින් කොලබ වගවිස්තර නොදන්න නිසාත් මොරටුවේ යාලුවෝ නැති නිසත් ගෙදර එන්න පිටත් වුනා.
කටුබැද්ද හංදියට ආවම ලොකු ශොපින්ග් මොල් එකක් තිබුන නිසා එකට ගොඩ වැදුනේ බස් එකේ යන පැය තුනේ කන්න පැනි පොරි පැකට් එකක් ගන්න.
ශොපින්ග් මොල් එකට ඇතුල් වුන ගමන් හිම වැටෙනවා කොල්ලෙක් කෙල්ලෙක් ලග දන ගහගෙන මුද්දක් දික්කරගෙන.කෙල්ල කම්මුල් වලට අත තියාගෙන උඩ පනිනවා.කෙල්ලගේ අම්මලා තාත්තලයි කොල්ලගේ අම්මලා තාත්තලයි වගේ කියන්න පුලුවන් මැදි වයසේ කට්ටියක් සතුටු කදුලු වගුරවනවා.කවදාවත්ම දැකපු නැති සෙල්ලම් ගොඩයි.
මගේත් ඉතින් ගමේ තියෙන කේලම් හොයන පුරුද්දට ලග ඉදපු මාමා කෙනෙක්ගෙන් ඇහුවා මාමා මොකෝ සීන් එක කියලා.
මගේ හිසේ සිට දෙපතුලට යනකම් බලපු එතුමා “මාමා මාමා නෙවි අයියා කියලා බඩි විලෙජස් කියලා යන්න ගියා”
එහෙම කියලා මම සැලුනද?
නෑ…..
එතන ඉදපු හිම වස්සපු බෝතලේ ගෙනාපු කොල්ලගෙන් ඇහුවා සීන් එක.
කොල්ලයි කෙල්ලයි ලබන සතියේ බදිනවලූ.එකට බඩු ගන්න ආවම කොල්ලා කෙල්ලට ප්රපොස් කරාලූ……
එක අහපු ගමන් මට ලොකු බඩේ අමාරුවක් වගේ ආව නිසා මම බස් එකට එන්න ආවා..බැලින්නම් බඩේ අමාරුවක් නෙවෙයි මගේ පස්ස හිනාවෙනවා…
ඇයි යකො බදින්න ඔක්කොම කරලා තියාගෙන ප්රපොස් කරන්නේ මොන ලොකෙද….බලනකොට ගමේ අපිට වඩා නගරේ එතුමලා මොඩයි කියලා හිතලා මම පැනි පොරි එක කාකා ආවා…
එ වුනාට එ අය ලුනු පොරි එකක් දිලා තිබුනේ.
උපුටා ගැනීම: Isuru S. Vidanagama