අපි හැමෝම කවදා හරි දවසක ආදරය කරලා තියන්වනේ.ආදරය සුන්දර වරදකී කියලා දිවුල්ගනේ මහත්තයා කිව්වට වරද්ද ගන්නේ නැතුව ආදරය කරන එක ලේසී නෑ. ආදරය කියන වචනය ඇතුලේම බැදීමත් කොන්ක්‍රීට් දාපු සැලැබ් එකක් වගේ තියනවානේ. ආදරෙයි කියලා කියන්නේ මනුස්සයෙක් ගේ හිතේ තියෙන සියුම්ම ස්ථානය ස්පර්ශ කරන්න පුළුවන් එකට.
අපි ආදරය කරද්දී අපේ මොලේ ඇතිවෙන රසායනික ක්‍රියාවලිය නිසාම ඒ ආදරය ලස්සන,ට සුන්දරව පේනන ගන්නවා.
මේ කාලෙට තාමයි අපේ මොලයේ feels good hormans නිපදවන්න පටන් ගන්නේ. මේ හෝමාන වල වෙනස්වීම අනුව ඒ කියන්නේ level එක අනුව අපේ ශරීරයේ ක්‍රියාකාරීත්වය වෙනස් වෙනවා . ඒ කියන්නේ අත්වලට දාඩිය දාලා , හදවත ඩෝන් ඩෝන් ගාල ගැහෙන්න ගන්නවා.
dopamine, adrenaline and norepinephrine කියන කෙමිකල්ස් ඔන්න වැඩෙන්න, පැටව් ගහන්න පටන් ගන්නවා. ඔය Dopamine තමයි මල් පෙරහැරට වගකියන්න ඕනේ. මොකද එයා තමයි අපේ මනසේ ප්‍රීති ප්‍රමෝද ඇති කරන්නේ. හැබැයි ඒ වගේම adrenaline and norepinephrine හිරේට දාන්න ඕනේ. අපිට කරන මේ මහා අපරාදෙට. මොකද ඒගොල්ලෝ තමයි වගකියන්න ඕනෙ අපේ හාට් බීට් එකට,රෑට නින්ද යන්නැති එකට , කන්න බැරි වෙන එක. එයා ගැනම හිත හිත ඉන්න එකට .( කලින් ලියපු එකකින් උපුටා ගැනීමක්)
ඔන්න ඔහොම වෙලා මාස 6ක් යනකන් අපේ මොලේ ආදරය සම්බන්ධව හෝමෝන ඇතිවෙනවා. ඒවත් එක්කම අපි එකිනෙකා හදුනා ගන්නවා. මේ කාලෙයේදී හොද හෝ නරක අපේ මොලයේ ස්ක්‍රීට් ශොට් ගහලා තියාගන්නවා. අන්න ඒකත් එක්කම අපි ආදරය කරන කෙනා රාමු ඇතුලට කොටු කර ගන්නවා.
අපි එක එක රාමු වලට එයාගේ හොද හෝ නරක ගොනු කරනවා. හරියට එයා ගැන මගේ ලහ තියන ෆ්යිල් එක වගේ. මේ රාමු මේ කෙනාගේ ඇත්තම ස්රෑපය නෙමෙයි. සමහර විට එයා මාව ජීවිතකාලේම බලාගනී, මට ආදරෙන් ඉදී, වෙන කෙනෙක් දිහා නම් ඇහැක් ඇරලා බලන එකක් නෑ වගේ සිතුවිලි සමග රාමු ගත කරනවා.
සමහරැ හිතනවා මෙයා වෙන කිසීම කෙනෙක් එක්ක ඉදලා නෑ ,මාත් එක්ක විතරමයි කියලා.
කොහොමත් ආදරය කියන්නේ දෙන්නම 100/100 බෙදාහදා ගන්නවා මිසක්, 50/50 නෙමෙයි. ඇතැම් විට සුන්දර රාමුවක් කැඩිබිදී යන්න භාහිර ලෝකයත් හේතු වෙනවා. සමහර විට මේ හදාගත්ත රාමුව දිගටම තියෙන්නත් පුලුවන්. ඒ සුන්දර ලෝකේ හැමදාම ජීවත් වෙන්න පුලුවන්.නැත්තම් ඒ රාමුවට සම්පූර්ණයෙන් ප්රතිවිරැධ ක්‍රියාවක් වෙන්නත් පුලුවන්. එහෙම වෙලාවකදී තමයි අපි ඉච්චාභංගත්වයකට පත් වෙන්නේ.
මට විතරක්ම හුගාක් ආදරෙන් ඉදී කියලා හිතන කෙනෙක් වෙන කෙන්ක් එක්ක ගියාම සියදිවිහානීකරගන්න හිතෙන්නෙ අන්න ඒ නිසා. එහෙමත් නැත්තම් විශාදය සහා ආතතිය වගේ තත්වයන්ටත් මුණ දෙන්න වෙනවා.
තමන් ඇත්තටම ආදරය කලා නම්, එයා වෙනුවෙන් කැපවීමක් කලා නම් ඒ ගැන ආඩම්බර වෙන්න. මම යමක් හරියට කලා කියලා. ජීවිතේ හැමෝටම හැමදේම හරියන්නෙත් නෑ වරදින්නෙත් නෑ. ජිවිතේ කියන්නේම නොදන්න මාවතක අදුරේ ඇවිදිනවා වගේ දෙයක්. ඔබට වැරදුනා නම් ඒ වැරැද්ද පසුකාලීනව හදාගන්න පුලුවන්. නොගැලපෙන තැනකින් අයින් වෙන්න. ආදරයෙන් ලංවුනානම් ආදරයෙන්ම ඈත් වෙන්න පුලුවන්. ඒහෙම නැත්තම් තමන් වෙනුවෙන් නැගිටින්න, සටන් කරන්න.
මට මැරෙන්න හිත්නවා මම එයාට ගොඩක් ආදරය කලා කියලා කොච්චර නම් කියනවාද.ආදරය තියෙන්නේ තමන් ලග, ආදරය කරන්න ඕනෙ තමන්ටමයී. තමන්ට ආදරය නැති කිසිකෙනෙක්ට බෑ තව කෙනෙක්ට ආදරය කරන්න. මහාචාර්ය ඇලන් වෙල්ලාසි ( Alan Wallace.) එක තැනකදී කියනවා අපි කොයිතරම් ආදරය විද්‍යාත්මක පහදන්න ගියත් ඒක අපිට දැනෙන දෙයක් කියලා.
ඒ නිසා රාමු වලට කොටු නොකර ආදරය කරන්න. 

උපුටා ගැනීම: භාග්‍යා බමුණුආරච්චි