සමහර කතා වල ප්රස්තුතය සමාජය නොපිළිගත්තත් ඒක ඇත්තක්. ඒ තරමටම දේවල් එක්ක හිත කියන ප්රභවය ඇලෙන නිසාවෙන්මයි.
මම නමින් සේසත්. සේසත් සසංක සුරියබණ්ඩාර. ජීවිතේ හරිම පුදුම හැරවුම් ලක්ෂ්ය එක්ක ගමන් කරනවා වගේ මට දැනෙනවා.
යාළුවෙක් කියලා එකෙක් , ළගම එකෙක් ජීවිතේට නැති වුනාම ඒ ජීව්තේ හරිම අමාරැයි කියන්න ඒ ප්රශ්නත් එක්ක ඉන්න අයටම තේරැම් යන්න මහ ලොකු වෙලාවල් යන්නෑ. හැබැයි මේ හැමදේකටම ඇගිල්ලක් දික්කරලා පට්ට වැදි බණ කියන්නත් සෙට් එකක් මේ සමාජ සංස්ථාවේම ඉන්නවා කියන්නත් මම දන්නවා.
ඒක හරි පුදුම සහගත හමුවීමක්. ඒක මෙහෙමයි කියන්න බැරි විදිහට අපි ලං වුනේ කාලය එක්කමයි. ඒ දවස් වල නිදහස කියන දේ එයාගේ ජීවිතේ තිබුණ කියලා මට දැන් දැන් තේරැම් ගිහින් ඉවරයි.
“මට ඔයාව දකින්න ආසයි.”
ගොත ගගහා මම කියපු වචන ඒ වගේම අදත් මට ආවර්ජනය වෙන්නේ අතීත රෑප මතක් කරන ගමන්මයි.
ඒක හරි අමුතු දවසක්. ලොක් ඩවුන් එකේ මුල්ම කාලේ.
කටුබැද්දේ වෝකින් පාත් එකට වෙලා එයාගේ වාහනේ ඉස්සරහ සීට් එකේ ඉදන් ඈත පේන වැව දිහා අපි බලන් හිටියා. කිසිම දෙයක් කතා නොකර.
ඒක හරියට ස්කෝල යන දවස් වල කෙල්ලෙක් ගාවට ගිහින් ඇඹරිච්ච ඇඹරිල්ලක් වගේ. ඒ තරමටම අපි අස්සේ අමුතුම හැගීමක් හැංගිලා තිබ්බා.
ඒ ගෑනිට මම ආදරය කලා. ෆැන්ටසියකට අපි ඔළුව දැම්මා. හැබැයි කවමදාවත් අපි රෑම් එකකටවත් නොයා හිනා වුනා. අපිටම කියලා වෙන්වෙච්ච විනාඩි පහට දහයට අපි ආදරය කලා. හැමදාම කතා කලා. මැසේජ් කලා.
ඒ හැමදේම වුනේ හරියටම මාසයකට දෙකකට.
දේවල් සිද්ධ වෙන්නේ පුදුම විදිහට.
අන්තිමට එක දෙයක් මගේ කන්බෙර දෙදරැම් කන්න ගත්තා.
“අපි හිතපු තරම් දුර මම ඔයාව එක්ක ගිහින් නෑ. මම ආදරය කරන්න දන්නේ නැතිව ඇති.”
නිහඩවීමට උත්තරය කියනනේ ඒකනම් අසම්මතයත් පට්ට රහක් කියලා හිතුවට ඒක සම්මතයටත් වඩා රිදෙන්නේ මහා පුදුම විදිහට.
කිසිම එකෙක් ළග නැති හිතකට හිටපු එකම සාධකයත් වරහන් දාලා කොටුවෙද්දී මේ ලයිෆ් එකත් මොන හු යන්නක්ද කියලා හිතෙන්න මහා වෙලාවක් යන්නෑ.
උපුටා ගැනීම: මා නොවන මම