ඔබ තෝරාගන්නා මැණික ඔබේ පෞරුෂත්වය ගැන පැවසෙන දේ (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

මිනිසුන් ඈත අතීතයේ පටන් විවිධ ගල් වර්ග වල ඇති බලය ගැන විශ්වාස කළා. මේවා ස්වභාවධර්මය හා සම්බන්ධ වීමට හේතුව පොළොවේ ගැඹුරුම ස්ථානවල තැන්පත් වී තිබීමයි. මේ හේතුව නිසා මිනිසුන් අතීතයේ පටන් විවිධ ගල් වර්ග වලට පුද්ගලයන්ගේ ආශාවල්, ගැඹුරුම රහස් සහ අනාගතය පිළිබඳ පැවසිය හැකි බව විශ්වාස කරනවා. ඔබත් එය අත්හදා බැලීමට කැමතිද? එසේනම් නිවසේ සාමකාමී පෙදෙසකට ගොස් හොඳින් හුස්මක් ගෙන සැහැල්ලු මනසකින් පහත ඇති ඒවායින් ඔබ කැමති මැණිකක් තෝරන්න.

01. මුතු ඇටය.ඔබ ඇදී ගියේ මුතු ඇටය වෙත නම් ඔබ ආධ්‍යාත්මික ලක්ෂණ වලින් හෙබි,ගරු ගාම්භීර එහෙත් නිහතමානි හදවතක් ඇති පුද්ගලයෙක්. සත්‍ය වශයෙන්ම මැණිකක් නොවුනත් මුතු ඇට වසර දහස් ගණනක පටන් ඉතා වටිනාකමකින් යුත් වස්තූන් ලෙස සැලකෙනවා. බොහෝ ආගම් වල සංකේතාත්මකව භාවිත කරන මුතුඇටය පාරිශුද්ධත්වය, බුද්ධිමත් බව, දානශීලී බව සහ  අවංක බව විදහා පානවා. එයින් අදහස් වන්නේ ඔබ තැන්පත්,කාරුණික සහ හොඳින් සිතා බලා කතා කරන පුද්ගලයකු බවයි. එනම් ඔබ ඉතාමත්ම දුර්ලභ පුද්ගලයෙක්.ස්වභාවයෙන් මුතු ඇටයකින් නිරූපණය වන්නේ පරිවර්තනය සහ දරා ගැනීමේ හැකියාවයි. බොහෝ පීඩනයන්ට යටත්ව කාලයක් ගත වූ පසු මුලින් සාමාන්‍ය වැලි කැටයක් ලෙස තිබී පසුව ඉතා අලංකාර දීප්තිමත් මුතු ඇටයක් බවට පරිවර්තනය වෙනවා. ඔබ දැන් යම් යම් දේවල් වලින් පීඩාවට පත් වුනත් මේ පරිවර්තනය අත ළඟ බව මතක තබා ගන්න. ඉවසීමෙන් සිටින්න. ඔබට ඉතාමත් අලංකාර ප්‍රතිඵලයක් ලබාගත හැකියි.

02. රූබි.ඔබ ඇදී ගියේ රූබි මැණික් කැටය වෙත නම් ඔබ ආශාවන්ගෙන් සහ ජීවයෙන් පිරුණු උද්යෝගිමත් පුද්ගලයෙක්. ඔබ යන ඕනෑම තැනක සළකුණක් සටහන් කිරීමට සමත් වන අතර ඔබ තමා අවට සිටින පුද්ගලයන්ට විශාල බලපෑමක් ඇති කිරීමට සමත් වන කෙනෙක්.ඉතිහාසය පුරාම රූබි මැණික් කැට යොදා ගත්තේ රජුන්ගේ ඔටුනු සහ යුධ විරුවන්ගේ කඩු සැරසීම සඳහායි. පුරාණ ජනප්‍රවාද වලට අනුව රූබි මැණිකක් ජලයට දැමූ විට ජලය නටන්නට පටන් ගන්නා බවත්,  ඉටිපන්දමකට එබ්බවූ විට ඉටි දියවීමට පටන් ගන්නා බවත් පැවසෙනවා. ඒ අනුව රූබි මැණිකකින් නිරූපණය වන බලසම්පන්න ප්‍රභාමත් බව ඔබගෙන්ද නිරූපණය වෙනවා. බොහෝ අවස්ථා වලදී ජවය, ශක්තිය සහ ජීව බල ලබා ගැනීම සඳහා රූබි මැණික් පැලඳීම සිදු කරනවා. ඔබ යමක් හා සටන් කරමින් සිටින විට ඔබ දුර්වල වන බව හැඟෙනවා නම් කිසිම අවස්ථාවක උත්සාහය අත්හැර දමන්න එපා. මොකද ඒ සඳහා අවශ්‍ය ශක්තිය ඔබ තුළම තිබෙන්නක්. ජයග්‍රහණය අනිවාර්යෙන්ම ඔබ සතු වනු ඇත.

03. දියමන්ති.ඔබ ආකර්ෂණය වුණේ දියමන්තිය වෙත නම් එයින් අදහස් වන්නේ ඔබ ශක්තිමත්,අධිෂ්ඨානශීලී, ආඩම්බර පුද්ගලයකු බවයි. ඔබ අවට සිටින පුද්ගලයන්ටත් ශක්තිය ලබාදීමට සමත්වන ඔබ අඩ අඳුරේ වුනත් දිස්නය දෙන ආලෝකයක් වැනියි.පුරාණ ග්‍රීසියේ “දියමන්තිය” යන වචනය පරිවර්තනය කෙරුණේ ‘බිඳිය නොහැකි’ සහ ‘පාලනය කළ නොහැකි’ යන තේරුම ලබා දීමටයි. ස්වභාවයේ හමුවන වඩාත්ම දෘඩ අමුද්‍රව්‍ය වන දියමන්ති මගින් අතිශය ශක්තිමත් බව සහ දරාගැනීමේ හැකියාව සංකේතවත් කෙරෙනවා. එහි විනිවිද පෙනෙනසුළු පරාවර්තන හැකියාව මගින් අවංක බව නිරූපණය කරනවා. ඔබ කරුණාවන්ත, ලෙන්ගතු පුද්ගලයෙකු වන අතර අරමුණු කරා ළඟා වීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානම් අයෙක්. දියමන්ති මෙන් ඔබ නිර්භය, එඩිතර පුද්ගලයෙක්. මේ නිසා නව අභියෝගයක් ඔබ සොයාගෙන එනු ඇත. මුලින් ඔබ ඒ පිලිබඳ සැකයකින් පසු වුනත් ඔබේම ආලෝකය ඔබ‍ට මග පෙන්වන බව සිහි තබාගන්න.

04. බ්ලූ ටොපෑස්.බ්ලූ ටොපෑස් වර්ගයේ මැණිකක් වෙත ඇදී ගිය ඔබ සාමකාමී අයෙකු වන අතර ජිවිතයේ නිහඬ මොහොතවල් අගය කරන පුද්ගලයෙක්. ඔබ ඔබේ සමබර සාමකාමී ස්වභාවය මගින් පුද්ගලයන් ආකර්ෂණය කරගන්නා කෙනෙක්.පුරාණ ශිෂ්ටාචාර වල බ්ලූ ටොපෑස් මැණිකකට සිසිල් කිරීමේ ගුණාංග ඇති බව විශ්වාස කළා. රූබි මැණිකක හාත්පස ප්‍රතිවිරුද්ධ ලක්ෂණ පෙන්වන බ්ලූ ටොපෑස් මැණිකක් මගින් උතුරන වතුර නිවා දැමීමටත්, ප්‍රචණ්ඩකාරී සහ ප්‍රකෝපකාරී හැසිරීම් නිහඬ කිරීමේ හැකියාවත් ඇති බව පැවසෙනවා. තවද මෙම මැණික් වර්ගයට සිතුවිලි සහ ශක්තීන් ඒකාග්‍ර කර සම්බන්ධ කිරීමේ හැකියාව ඇති බවට විශ්වාස කල නිසා පුරාණ සංස්කෘතීන් වල මේවා සන්නිවේදනය සඳහාත් භාවිත කර තිබෙනවා. ඔබගේ මෘදු බව, ශක්තිය සහ ප්‍රබල සන්නිවේදන හැකියාව ඉතා වටිනා ලක්ෂණයි. ඒවා ඉතාම ඉක්මනින් ඔබට උවමනා වනු ඇත. ඒවා නිවැරදි ආකාරයෙන් භාවිතා කිරීමෙන් ඔබ අවට සිටින පුද්ගලයන්ගෙන් ඔබට ප්‍රසාද සහ ප්‍රශංසා ලැබෙනු ඇත.

05. පෙරිඩොට්.පෙරිඩොට් මැණිකට ආකර්ෂණය වූ බව ඔබ ස්වභාවයෙන් ජවසම්පන්න, වර්ණවත්, කුතුහලයෙන් පිරුණු පුද්ගලයෙක්. ඔබගේ ප්‍රභාමත් බව සහ සතුටු,විනෝදකාමී බව ඔබ අවට සිටින පුද්ගලයන්ට මග පෙන්වන ආලෝකයක් වැනියි.පෙරිඩොට් මැණික් ප්‍රබල අභිරහස් වලින් වැසුණු මැණික් වර්ගයක්. මේවාට “පෙරිඩොට්” යන නම ලැබුණු ආකාරය දන්නා කෙනෙක් නැති අතර ඒවා උල්කාෂ්ම සහ විදේශික පතල් වලින් පමණක් හමුවන ඉතා දුර්ලභ මැණික් වර්ගයකි. ඒවායේ ඇති දුර්ලභ බව නිසාම ඒවාට ප්‍රබල වටිනාකමක් ලැබී තිබෙනවා. ශතවර්ෂ ගණනාවක සිට ඒවා රජුන් සහ රැජිනියන් විසින් පැළඳුයේ එහි ඇති පිරිසිදු කිරීමේ සහ සුවකිරීමේ ගුණාංග නිසයි.ඔබේ ජීවිතයට උද්‍යෝගිමත් වටිනා අවස්ථාවක් ලැබුණු විට ඒ ගැන පුදුම නොවන්න. මම දීප්තිමත් ශක්තිය විසින් එය ඔබ වෙත ආකර්ෂණය කරවූවක්. ඒ නිසා නොපැකිළව ඒ අවස්ථාව ග්‍රහණය කරගන්න.

06. ඇක්වාමරීන්.ඇක්වාමරීන් මැණිකට ආකර්ෂණය වූ ඔබ අභියෝගාත්මක, නිර්භීත ආත්මයක් ඇති අයෙක්.  ඔබ තාරුණ්‍යය, නිර්භීත බව සහ ආශාවන්ගෙන් දිදුලන පුද්ගලයෙක්.”ඇක්වාමරීන්” යන වචනය ‘සාගර ජලය’ යන තේරුමට පරිවර්තනය වන්නක්. පුරාණ සංස්කෘතීන් විසින් මෙය සඳ මගින් පාලනය වන්නක් බව විශ්වාස කළ අතර නාවිකයන් එය පැළඳුයේ ආරක්ෂාව සඳහායි. පුරාවෘත්ත වලට අනුව එයින් ඝන බවට පත් වූ ජලය නිරූපණය කරන නිසා දියකිඳුරියන්ගේ ප්‍රියතම වස්තුවක් වූ මැණික් වර්ගයක් ලෙස සලකන ලදි. මෙම මැණික් වර්ගයේ ඇති පරාවර්තන හැකියාව සහ වර්ණයේ ඇති ගැඹුරු බව නිසා පුරාණ ෂමන්වරු විසින් අනෙක් ලෝක (මළවුන්ගේ ලෝකය) හා සන්නිවේදනයේ යෙදීමට මෙම මැණික් වර්ගය භාවිතා කළ බවට පැවසෙනවා. ඔබ‍ට මෑතක සිට අලස ඒකාකාරී බවක් දැනෙනවා නම් ඒ පිළිබඳ කණගාටු නොවන්න. ඔබගේ ජවසම්පන්න බව හා ශක්තිය විසින් අපූරු යමක් ඔබේ ජීවිතයට ගෙන එනු ඇත. ඉවසීමෙන් සිටින්න.

07. ටැන්සනයිට්.ටැන්සනයිට් වර්ගයේ මැණිකට ආකර්ෂණය වූ ඔබ අනුරාගී, ආශාවන්ගෙන් පිරුණු, තියුණු සහජ බුද්ධියක් ඇති පුද්ගලයෙක්. ඔබ‍ට මිනිසුන් ඔබ වෙත ආකර්ෂණය කරගත හැකි අලංකාර ප්‍රබල ඕරාවක් තිබෙනවා. පෘථිවියේ එකම එක ස්ථානයක පමණක් හමුවී ඇති ටැන්සනයිට් මැණික් අතිශයින්ම දුර්ලභයි. මේ නිසා එම මැණික්‌ වර්ගයන්ට විශේෂ බලයක් ඇති බව විශ්වාස කෙරෙනවා. බොහෝවිට අධ්‍යාත්මික අධ්‍යනයන්ට සඳහා  යොදා ගන්නා මෙම මැණික් වර්ගය මළවුන්ගේ ලෝකය/ මරණින් මතු ජීවිතය සමග ප්‍රබල සම්බන්ධයක් නිර්මාණය කිරීමට සමත් බව පැවසෙනවා. මේ නිසා එමගින් සම්බන්ධතාවය, සන්නිවේදනය සහ බලය නිරූපණය කෙරෙනවා.ප්‍රබල සහජ ඥානයක් ඇති ඔබ වැනි පුද්ගලයන් කිසිදු අවස්ථාවක තමන්ගේ ඉව සහ තමන්ට දැනෙන දේ නොසලකා නොහැරිය යුතුයි. මීට පෙර කිසිදු අවස්ථාවක ඔබේ ඉව වැරදී නැති බව ඔබම දන්නා කාරණයක්.

08. සිට්‍රයින්.සිට්‍රයින් මැණික තෝරා ගත් ඔබ නිර්මාණශීලී උද්යෝගිමත් පුද්ගලයෙක්. ඔබ ඉතා කාරුණික, උද්‍යෝගිමත්, ජීවයෙන් පිරුණු උණුසුම් අයෙක්. “ලෙමන්” යන තේරුම දෙන ප්‍රංශ වචනයෙන් නිර්මාණය කෙරුණු සිට්‍රයින් යන්නෙන් නැවුම් බව නිරූපණය කෙරෙනවා. මෙම මැණිකක් ළඟ තබා ගැනීමෙන් සෘණාත්මක සිතුවිලි ධනාත්මක ඒවා බවට පරිවර්තනය කළ හැකි බවට විශ්වාස කෙරෙනවා. මෙම මැණිකට ආකර්ෂණය වූ ඕනෑම කෙනෙක් කණ්ඩායම් හැඟීම්, ක්‍රියාවන් සහ විසඳුම් අගය කරන කෙනෙක්. ඔබ සෑම විටම අලුත් අදහස් සහ විකල්ප වලින් පිරුණු අයෙක්.ඇතැම්විය අඳුරු වලාවන් ඔබව වැසීමට උත්සාහ කළත් ඒවාට ඉඩ නොදෙන්න. සෑම විටම ඔබේ ආලෝකය ඒවා පරයා දිස්නය දෙනු ඇත.

09. පින්ක්‌ ටෝර්මලින්.පින්ක්‌ ටෝර්මලින් මැණිකට ආකර්ෂණය වූ ඔබ මෘදු, සංවේදී, සානුකම්පිත පුද්ගලයෙක්. ඉතාමත් ප්‍රියමනාප,විශ්වාසවන්ත පුද්ගලයෙකු වන ඔබ තමා වටා සිටින පුද්ගලයන්ට ප්‍රබෝධමත් බවක් ගෙන එනවා. 1876 වසරේදී Tiffany & Co. විසින් මුල් වරට හඳුන්වා දුන් පසු එදා සිට අද දක්වා ඉතාමත් මිලෙන් අධික මැණික් වර්ගයක් ලෙස පින්ක්‌ ටෝර්මලින් හැඳින්වෙනවා. එහි අලංකාරත්වය සම්බන්ධයෙන් එයට වටිනාකමක් ලැබීමට පෙර විද්‍යාත්මක වශයෙන් එය අධ්‍යනය කෙරුණා.ඒ අනුව මෙම මැණික් විශේෂය රත් කිරීමෙන් හෝ පිරිමැදීමෙන් විද්‍යුත් වශයෙන් ආරෝපණය කළ හැකි බව පර්යේෂකයන් සොයා ගත්තා. මෙම මැණික් වර්ගයට ආකර්ෂණය වීමෙන් අදහස් වන්නේ ඔබ‍ට විවිධ හැඟීම් ඉතා ප්‍රබල වශයෙන් දැනෙන බවත්, ඒ නිසා ඒවාට ප්‍රතිචාර දැක්වීමෙන් ඔබට වැළකිය නොහැකි බවත්ය.ඔබ යම් දෙයකට මූලාරම්භයක් ගැනීම සඳහා කිසියම් තල්ලුවක් හෝ සංකේතයක් ලැබෙන තුරු බලා සිටියා නම්, තවදුරටත් එසේ සිටීමෙන් වළකින්න. මේ ඔබ ක්‍රියාත්මක විය යුතු කාලයයි. ප්‍රියමනාප මිහිරි පුද්ගලයකු වන ඔබට අවශ්‍ය අවස්ථා වලදී රළු හා ප්‍රබල විය හැකි නිසා නොපැකිලව  ඔබට අවශ්‍ය දේ වෙනුවෙන් කැප වෙන්න.

10. ඇමෙතියිස්ට්.ඇමෙතියිස්ට් මැණිකට ආකර්ෂණය වූ ඔබ දීප්තිමත්,බුද්ධිමත් හා උද්යෝගයෙන් පිරුණු පුද්ගලයෙක්. ඔබ ශක්තිය සහ ගෞරවය මුදා හරින විට ඔබ‍ට බාධාවක් විය හැකි කිසිවක් නැහැ.”ඇමෙතියිස්ට්” යන වචනයෙහි තේරුම ‘මත් නොවන’ යන්න වන අතර මෙය පුරාණ ග්‍රීකවරුන් විසින් පැළඳ ඇත්තේ උත්සව අවස්ථා වලදී මත්බව පලවා හැරීම සඳහායි. එහි ඇති සුව කිරීමේ බලය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වී ඇති ඇමෙතියිස්ට් මැණික් සමතුලිත බව, ඥානවන්ත බව සහ සන්සුන් බවෙහි ප්‍රභවයක් ලෙස සැලකෙනවා. මැණික ආකාරයටම ඔබත් සාමකාමී, පාලනයකින් හා සංයමයකින් යුතු පුද්ගලයන්.ඔබ වටා සිටින පුද්ගලයන්ට ඔබ මාතෘ චරිතයක් වැනි වුවත් මේ සියල්ල තරමක් ලිහිල් කර ඔබ විනෝද විය යුතු කාලයයි. ඔබ සතුටු වීමට සහ සැහැල්ලු වීමට කාලය වෙන් කරන්න.

 

උපුටා ගැනීම: VOICE Official Lanka Post Blog

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!