මගේ පලමු පෙම.. (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
නිර්මලා කීප සැරේ මගෙන් අහල තියනවා මට පෙම්වතියෝ කීයක් හිටියද කියලා. මම ඉතින් කිව්වා බින්ඳුවයි කියලා. එයා විශ්වාස කරන් නෑ. ‘අනේ බොරු නොගහ ඉන්නවා. විස්සක්වත් ඉන්න ඇති’ කියලා ඕන් ගස්සන් ගියා.
ඇත්තටම මට කවුරුත් හිටියේ නෑ බඳිනකම්ම. ඒකට මූලික හේතු දෙක විදයට මම දකින්නේ.. එක. මගේ උපන් කැත. දෙක. මට කෙල්ලෙක්ගේ හිත දිනා ගැනීමට බැරි කම. නිර්මලාට දවසක් මම ඕක හොඳින් කියලා දුන්නා. ඕන් කතාව..
සාමාන්ය ලොකු ලමයෙක් වුනාම මමත් කෙල්ලොන්ට ආස කරා. මට මතකයි මම ඉස්සෙලාම ඒ ලෙවල් පන්තියේ ටියුෂන් ක්ලාස් එකකට යනකොට ඒකෙ හිටපු කෙල්ලෙකුට ආස හිතුනු හැටි. එයා උසයි. කොන්ඩෙ ඉස්සරහින් ක්රේල්. රතු පාටයි සුදු පාටයි දිගැති කොන්ඩ ක්ලිප් දෙකක් ගහලා තිබ්බේ කොන්ඩේ කරල් දෙකකට බැඳලා. ඒ කරල් දෙක බෙල්ලෙන් අඟල් තුන හමාරක් පහලට එල්ලෙනවා. ඒ කියන්නේ එච්චර දිග කොන්ඩයක් නෙවෙයි. ඇස් බැමි නීට් එකට ට්රිම් කරලා. කෙල්ල ටිකක් විතර කලුයි. මම කැමති සුදු කෙල්ලන්ට වුනත් මෙයාගේ අමුතු ලස්සනක් තිබ්බා. හිනා වෙනකොට වම් පැත්තේ තුන් වෙනියට තියන රදනක දත ටිකාක් විතර වැඩියෙන් උල් ගතියක් පේනවා. නෑ නෑ ඩ්රැකියුලාගේ වගේ නෙවෙයි බන්. ඒ තරන් දිග දත් තියන කෙල්ලො ඉන්නවයැ නුවර?! ඊට අමතරව එයා හිනා වෙනකොට ඩිම්පල්ස් දෙකක් ආවා හරීම ස්වීට් විදියට. නිකට උල්. නිකටේ දකුණු පැත්තට වෙන්න ඇල්පෙනිත්ති ඔලුවක් තරන් උපන් ලපයක් තිබා. බෙල්ල හීනියි, දිගයි. ජිරාෆ් කෙනෙක්ගෙ වගේද ඇහුවා? අනේ බන් උඹලට ඇත්තටම මෝල්ද?? මම කිව්වනේ කෙල්ල ටිකක් උසයි කියලා. උස විතරක් නෙවෙයි කෙට්ටුයි. මම මේ කියන්නේ ඒ ලෙවෙල් පන්තියේ කතාවක්නේ. ඉතින් කෙල්ලටත් ඕන්නන් වයස දහ අටක් විතර ඇති. ඉතින් ඒ වයසෙදී කෙල්ලො කොහොමත් කෙට්ටුයිනේ. බැන්ඳාමනේ උන් තප්පදෝරුවෝ වගේ කාල කාල මහත් වෙලා බොරු සීයක් විතර කියන්නේ ‘ලමයි හම්බුනාම කොහොමත් මහත් වෙනවා අනේ’ වගේ.
කෙල්ල ඇන්ඳේ ගවුම්. දනහිසින් අඟල් හතර හමාරක් පහලට එල්ලෙන්න ඇන්ඳේ. නියපොතු ලා රෝස පාට කියුටෙක්ස් වලින් පාට කරලා. කකුලෙ නියපොතු දැක්කෙ නෑ ඇයි අලු පාටට හුරු රත්තරන් පාටින් ඩොට්ස් තියන කෝට් ෂූස් දාලනේ හිටියේ. අතේ නියපොතු මිලි මීටර් තුනක් දිගට තියෙන්න කපන්නේ එයා. ලිප්ස් ග්ලොස් ගාලා හිටියේ. ඒ හින්ඳා ලිප්ස් දිලිසෙනවා ඇස් කන වැටෙනකම්ම. ඒ කාලේ කෙල්ලෙක්ට ගන්න පුලුවන් වුනේ ඉතින් පොන්ඩ්ස් පව්ඩර්නේ. එයා ඒ පව්ඩර් මම හිතන්නේ ඇඟේම උලාන එන්නේ. ග්රීස් යකා ග්රීස් උලාන එනව වගේ නෙවෙයි බන්. පේන් නැති වෙන්න. මොකද මට පොන්ඩ්ස් සුවඳ පුරුදුයි. අපේ අම්මටත් තිබ්බනේ. ඒ සුවඳ තමා ට්රිලීෂියා ලඟින් එන්නේ.
ආ.. මට කියන්න බැරි වුනා නේ නම. ට්රිලීෂියා නුගවෙල.
එයා හිටියේ ලේවැල්ලේ. ඔය පොන්ඩ්ස් වලට අමතරව ට්රිලී (ආදරේට මම කිව්වේ ට්රිලී කියලා) පර්ෆියුම් එකකුත් සමහරක්දාට දැම්මා කියල තමා මට හිතෙන්නේ. ඒ පර්ෆියුම් එකේ සුවඳින් මට මතක් වෙන්නේ මම පොඩි කාලේ අපේ අප්පච්චිගෙ මල්ලි රට යනකොට අපි බස් එකක් ඇරන් ඇවිත් බාප්පුව ඇරලන්න බන්ඩාරණායක එයා පෝට් එක ඇතුලට යනකොට එයා පෝට් එකේ එන සුවඳ. ට්රිලී මා ලඟට එනකොට ඉතින් එක්කෝ මට අම්මගේ පව්ඩර්, නැත්තන් බන්ඩාරණායක මහත්තයාගේ ගුවන් තොට මතක් වෙනවා කිව්වොත් වැරදි නෑ ආයුබෝවන්.
ට්රිලීට මම හිතෙන් ලව් කරා මාස දහටක්. ඔව්. දහ අටක්. ගට්ස් තිබුන් නෑ අහන්න. ඕන් දහ අටකට පස්සේ මම ලියුමක් ලිව්වා. ඒ කාලේ ඉතින් ලියුම්නෙ තිබ්බේ. ‘දයාබර ට්රිලීෂියා, ඔබ දැකපු මුල් දව…’ ඔය ලෙටර් එක ලියල දුන්නේ කොල්ලන්ගේ පලමු පෙම්පත ලියන අපේ ඉස්කෝලේ වීරේ. අම්මප උගෙ ලියුමක් ලේසියෙන් වරදින් නෑ. ඇත්තටම ඌ ලිවීමේ කලාව දිගටම කරන් ගියානන් ඩබ්ලිව් ඒ සිල්වා ශූරීන් තරමටමට එයි කියල තමා මටනන් හිතෙන්නේ. උඹල බලන්න ඕනෙ උගෙ රැස්පැට් ලියුමක් ලියාගන්න ගියාම! ‘දැන් බෑ. හෙට වරෙන්.. මොනව හරි කන්න ඇරන් දියන් බඩගින්නේ ඕව කරන්න බෑනේ’ වගේ නානප්රකාර දේවල්. ඊට පස්සේ ඌ සාමන්ය ප්රශ්න කීපයක් අහනවා. මගෙනුත් ට්රිලී ගැන ඇහුවා. කොහෙදිද දැක්කේ? මොන වගේද? වගේ ප්රශ්න. ‘දයාබර ට්රිලීෂියා, ඔබ දැකපු මුල් දවසේම මගේ හදවතට විදුලි සැරයක් වැදුනා. කැප්පෙටිපොල හෝල් එකේ මහ දොර ලඟින් ඔබ එන ඒ විලාසය, ඔබේ නිරහන්කාර හිනාව, ඔබේ ගමන මාව කුල්මත් කරා කෙල්ලේ. ඔබ ලඟට එනකොට ඇත්තටම මට හිතුනේ චිත්රපටියක නිලියක් පිරිස පිරිවරාන එනව වගේ. ඒ සුවඳ! මාව මනමත් කරා කිව්වොත් නිවැරිදියි ට්රිලීෂියා’ කියලා තමා ලියුම පටන් ගත්තේ. අවසාන කරලා තිබ්බේ ‘මම අවාසනාවන්තයෙක්ද ඔබේ ඒ අත නොලැබෙන්න? ඔබේ ඕනෙම තීරණයකට එකඟ කොල්ලා මම’ කියලා. අම්මට සිරි නේ බන්? ඕනෙ පුකක් වෙද්දෙන් කියලා ඕන් කොල්ලා දුන්නා කියාන්කෝ ලියුම. උඹලට හිතේ ට්රිලීෂියා මාව ඇක්සෙප්ට් කරා කියලද? පිස්සු. ලියුම ඉරලා මටම පේන්න කුනු බක්කියට දැම්මා බන්!! අර නගර සභාවේ කුනු බක්කි තිබ්බේ ඒ කාලේ රතු පාටට හුරු. මට අද වගේ මතකයි මගෙ ට්රිලී ඒක බක්කියට දාලා මට නක්කල් හිනාවක් දාන් යනවා අර රදනක දත පේන්න…
ඕන් මගේ පලමු සහ අවසාන පෙම් ජවනිකාව.
නිර්මලාට කඳුලුත් ඇවිල්ලා ඒක අහලා. ඉතින් ඊට අවුරුදු දහයකට පස්සේ නිර්මලා යාලු වෙනකන් ආයේ ට්රයි කරන්න ගියේ නෑ බන්. වැඩක් නෑනේ නිකන් පෙට්රල් පුච්චගෙන නේ? මම හිතන්නේ නිර්මලා දැන් පිලිගන්නව ඇති මට එහෙම වැඩක් පුලුවන් එකෙක් නෙවෙයි කියලා නේ? උඹලට මොකෝ හිතෙන්නේ?
උපුටා ගැනීම: Susantha Pethiyagoda

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!