බිංදු (වැල් වටාරම්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
වේල්ස්වල ඉගන ගන්න කාලේ අපිට හිටියා මහාචාර්ය වරියක් , නම බිංදු හොසේ. බිංදු ඉන්දීය කාන්තාවක් උනාට ජුවාන් හොසේ මහත්තයා මැක්සිකන් ඇමරිකන් , ඒ කිව්වේ ප්රොෆෙස්ර් බිංදුගේ ස්වාමිපුරුෂයා. බිංදු අපිට ඉගැන්නුවේ ඔරකල්. නෑ නෑ ඒ ඔරකල් නෙමේ මේක ඇත්තටම ඔරකල් වර්ශන් 10ජී ද කොහෙද.
ඇයගේ ලෙක්චර් එකට හිටියේ සුද්දො විස්සක්, ඉන්දියන් උන් දුසිමක්, බංගලියො අටක් සහ ලංකාවේ හතරක් .ඔන්න අවුරුදු එකොලහකට කලින් යුනිවර්සිටි එකේ ජන සන්නිපාතය. කොහොමින් හරි ඔය ලෙක්චර් එක තරම් හිනා වෙච්ච ලෙක්චර් එකක් මට ආයේ කවදාවත් හම්බවෙලා නෑ මං හිතන්නේ හම්බවෙන්නෙත් නෑ.
ඒකේ උන්න වද කාරයා බංගලාදේශයේ ඉඳලා ආපු අමිත්. මිනිහා වගේ උද්දච්ච මෝඩ මනුස්සයෙක් මං තාම දැකලා නෑ. දැන් ලෙක්චර් එක කෙරීගෙන යනවා. එක පාරටම
” හේයි බිංදු….කම් හියර්”
ඒ අමිත් කාරයා. මිස් හොසේ ගේ මනුස්සයා වත් එහෙම ඩෝං ගාලා නිකම්ම නිකං බිංදු කියලා කියන්නේ නැතුව ඇති.ඒත් මේ යකා අමුවෙන්ම ඒක මහ සද්දෙට කියලා දානවා.
සම්ප්රදායක් ලෙස කිසිවකු ආචාර්ය වරයෙකුට හෝ වරියකට නිකම්ම නම කියලා කතා කරන්නේ නෑ. මිස්ටර් ,මිසිස්, මිස්, ප්රොෆෙස්ර් , ඩොක්ටර් , සර්, මෑම් ඔය ටික අවස්ථානුකූලව යොදා ගන්නව.
මිස් හොසේ දුම් දාගෙන අමිත් කාරයා ලඟට යනව.
“වට් ඊස් ඉට්?”
“දිස් කොම්පූටර් ඊස් රෝන්”
ඇස් දෙක ගූස්බෙරි ගෙඩි වගේ කරගන්න මිස් හොසේට ඉබේම මෙහෙම කියවෙනවා
” ශට් ද ෆ්රොන්ට් ඩෝ(ර්)”
එක පාරටම එකෙක් මේ කොම්පියුටර් එක වැරදියි කියලා කිව්වම ඒවා කියවෙන එක අන්තිම සාධාරණයි. ඊලඟට අමිත්ගේ ප්රෝග්රැම් එක දිහා බලන් ඉන්න මිස් හොසේ හිනහව තදකරගෙන මෙහෙම කියනවා.
“අමිට්…අයි ටෙල් යු රයිට් නව් ඇන්ඩ් අයි හෑව් ටෝල්ඩ් යූ තවුසන්ඩ් ටයිම්ස්, ප්ලීස් ඩු ඩබල් චෙක් යුවර් ප්රෝග්රැම් වෙන් ඉට්ස් කම් ටු එරර්ස්”
( මම දැනුත් කියනවා , මං උබට දහස් වාරයක් කියලත් තියනවා, කරුණාකරලා එරර්ස් ආවම උඹ ලිව්ව එක පොඩ්ඩක් ඩබල් චෙක්කරන්න පුරුදු වෙන්න”
ඒකට අමිත් ගේ උත්තරය වෙන්නෙ
“වයි වුඩ් අයි කරෙක්ට් ඉට් , ,කොම්පූටර් මස්ට් ඩූ ඉට් ඉට් සෙල්ෆ්”
(මොන මඟුලකටද මම ඒක කරන්නේ කොම්පියුටර් ඒක කරන්න ඕනනේ )
එහෙම කියලා අමිතයා ලැබ් එක සිසාරා යන ආඩම්බර බැල්මක් දානවා. අපි තමයි හොඳටම පස්න ඇහුවේ වගේ.
මිස් හොසේ අනේ මගේ පෙර කරුමේ වගේ මූණක් හදාගෙන එයාගේ මේසෙට යනවා.
ආයේ ටිකකින් අමිත් කෑගහනවා
“හේ බිංදු…. දිස් කොම්පූටර් ඊස් ටූ ස්ලෝව්. වේ පේ මයි මනි ටු යූ. අයි නීඩ් බෙට්ටෙර් කම්පූටර්”
මිස් හොසේ හෙමීට නැඟිටලා එලියට යනව. ඒ උගේ හැටි.
ඊට පහුවදා ආරංචි වෙනවා රෑවෙලා ඇවිදින්න ගිය අමිත් කාරයා සුද්දියෙක්ගේ පහන්තුඩාව අතපත ගාන්න ගිහිල්ලා අමාරුවෙ වැටුණ වග. ඊටත් පස්සෙන්දා ආයෙමත් මිස් හොසේගේ ලෙක්චර් එක.
එයත් එක පාරටම ඉන්දියන් ටෝන් එකට මාරු වෙලා කියවන්න ගන්නවා
” ඉන් දිස් මොඩ…ර්න් වෝර්ල්ඩ් සටන් සටන් ටෙකනොලොජීස් සටන් සටන් පීචර්ස්”
යකෝ මේ ගෑනිට සුබාස් චන්දරබෝස් වැහිලද මේ සටන් සටන් ගාලා සටන් කරන්න යන්නේ?
ඉස්සරහා පේලියේ ඉන්න ලංකාවේ කෙල්ලෙක් හෙමීට හැරිලා මෙහෙම කියනවා
“සටන් සටන් නෙමේ අනේ… සර්ටන් සර්ටන් “
සර්ටන් පීපල්ස් සර්ටන් ඇක්සන්ට් කියන්නහේ අපි සව් කාපු රිලව් වගේ අහක බලන් ඉන්නවා.
එඤ්ඤං
උපුටා ගැනීම: කුෂාන් ප්රේමසිරි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!