ඉතිහාසයේ සිට වර්තමාණය දක්වා කාලපරාසය ගත්විට ශ්‍රී ලංකාව ඉන්දියානු සංග්‍රාමික සහ දේශපාලනික බලපෑමට සෑම විටම යටත්වී ඇත.
කාලිංග මාඝ චෝල පාණ්ඩ්‍ය ආක්‍රමණ වලින් නොනැවතී මෑතකාලීන අන්තවාදී ඊළාම් ත්රස්තවාදීන් හරහාද සිය සංග්‍රාමික බලපෑම මෙරට තුල ක්‍රියාත්මක කිරීමට ඉන්දියාව කටයුතු කළෝය.
සංග්‍රාමික ජයග්‍රහණයකින් පසු ඔවුන් සෑම විටම කරන්නේ මෙරට පරිපාලනමය දේශපාලනයට අනර්ථයකි. එහි ප්‍රතිඵලය සංග්‍රාමික බලපෑමට වඩා අහිතකර වේ. ඉන්දු ලංකා ගිවිසුම හරහා ඔවුන් මෙරටට සිදුකළේ ප්‍රබල පරිපාලනමය දේශපාලනික මැදිහත්වීමකි.
තිස් අවුරුදු ත්රස්තවාදීන් විනාශකල අපට අද ඔවුන් එළන ලද පළාත් සභා දැල තුලින් ගැලැවීමට නොහැකි වී ඇත්තේ ඒ නිසාය.
ඉන්දියානු බලපෑම කෙසේද යත් ආණ්ඩුවේම සමහර ඇමැතියන් ඉන්දියාව කියූ සැනින් මීක් ගෑවෙන්නේය.
අපට යම් පමණක හෝ බලාපොරොත්තුවක් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරේ පමණය.
මංජුල වීරසිරි,
සභාපති
ප්රගතිශීලී තරුණ පෙරමුණ.
071 60 200 60
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email