කූඹි සේනාව පරද්දන්න පාවිච්චි කරන අලුත් ම ආයුධය

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
"AL පන්තිය" අපේ කාර්යාලයත් මෑතකදී  කුහුඹු ආක්‍රමණයකට ලක්  වුණා.  සීනි බෝතලයේ ඉඳන් ලැප්ටොප්, මේස ලාච්චු  එකී මෙකී නොකී හැම තැනක් ම මෙයාලා   ආක්‍රමණය කරන්න ගත්තා. කූඹින්ට එරෙහිව අපි ක්‍රියාත්මක කරපු ඒ උපක්‍රමය වගේම ඒක පසුපස තිබෙන අපූරු විද්‍යාත්මක පසුබිමත් ඔබත් එක්ක බෙදා ගන්න අපි කල්පනා කළා.

ප්‍රමාණයෙන් කුඩා උණත් සංඛ්‍යාවෙන් වැඩි නිසා කූඹි එක්ක සටන් කරන එක ඒ තරම් ලේසි නැහැ. “AL පන්තිය” අපේ කාර්යාලයත් මෑතකදී  කුහුඹු ආක්‍රමණයකට ලක්  වුණා.  සීනි බෝතලයේ ඉඳන් ලැප්ටොප්, මේස ලාච්චු  එකී මෙකී නොකී හැම තැනක්ම මෙයාලා  ආක්‍රමණය කරන්න ගත්තා. කූඹි විතරක් නෙමෙයි, කූඹි බිත්තරත් අතරින් පතර හමුවෙන්න පටන් ගත්තා. තවදුරටත් බලන් හිටියොත් කාර්යාලය කූඹින්ට භාර දීලා, අපිට එළියට  යන්න වෙනවා කියලා තේරුණ නිසා අපි මේකට විසඳුමක් හොයන්න වුණා.  වෙළඳපොලේ තියෙන “කුහුඹු නාශක”,  කූඹි යන  එන තැන් වලට පවුඩර් දාන එක, පිරිසිදුකාරක , විනාකිරි වතුර එක්ක මිශ්‍ර කරලා දාන එක වගේ පරණ සාම්ප්‍රදායික ක්‍රම කිසිම එකකින්වත්   ස්ථිර විසඳුමක්  ලැබුණේ නැහැ.

ඉතින් තව දුරටත් හොයාගෙන යද්දි, පුංචි මහන්සියක් වෙන්න සිද්ධ උණත් සාර්ථකව කූඹි කරදරෙන් බේරෙන්න පුළුවන් විදිහක් අපිට හමු උණා. අපිට හමු උණ ඒ උපක්‍රමය වගේම ඒක පසුපස තිබෙන අපූරු විද්‍යාත්මක පසුබිමත් ඔබත් එක්ක බෙදා ගන්න අපි කල්පනා කළා.

 

වෙස්වලාගත් සතුරා – පසුබිම් කතාව

උගුල හදන්න ප්‍රධාන වශයෙන් භාවිතා වෙන අමුද්‍රව්‍ය දෙක තමයි මී පැණි සහ Boric Acid Powder. Boric Acid වලින් කෙරෙන්නේ කුහුඹුවන්ගේ අහාර ජීර්ණ පද්ධතිය අඩපණ කර මරණයට පත් කරන එකයි. අනිත් අමුද්‍රව්‍යය වන  මී පැණි වලින් කෙරෙන කාර්‍යය නම් පැහැදිලියි නේ.  ස්වභාවික මී පැණි, රසය වගේම සුවඳිනුත් කුහුඹුවන් ආකර්ශනය කරගෙන  ඉක්මනින්ම ජනපදය සහ උගුල අතර සැපයුම් දාමයක් පටන් ගන්න සලස්වනවා.   කුහුඹු ජනපදයෙන්  එවන වැඩ කරන හමුදාව රැජිණ ට සහ අනිත් ජනපදවාසීන් ට කෑම ගෙනියන්න කළින් ඒ මී පැණි දැවටුණු රසවත් ආහාරයෙන් සප්පායම් උණත්  Boric Acid ක්‍රියාත්මක වෙන්න තරමක කාලයක් ගත වෙන නිසා වැඩ කරන කූඹි ප්‍රජාව නිරුපද්‍රිතව ජනපදයට ලඟා වෙනවා.  ඒවා කෑමට ගත්ත  කම්මැලි රැජිණ ත් අනිත් ජනපදවාසීනුත් ජනපදය තුළම අවසන් ගමන් යනවා.

 

උගුල සකස් කර ගැනීම

වැඩේට අවශ්‍ය වෙන බොහෝමයක් දේවල්  ගෙදරින් හොයා ගන්න පුලුවන්. කඩෙන් මිලදී ගන්න ඕනෙ Boric Acid Powder එකක්  විතරයි. Boric Acid Powder එකක් රුපියල් 100 ක් වගේ පොඩි මුදලකට ෆාමසි එකකින් මිලදී ගන්න පුළුවන්.

පලවෙනි පියවර තමයි Boric Acid Powder මේස හැඳි දෙකක් උණුවතුර අඬු කෝප්ප භාගයක් එක්ක හොඳින් මිශ්‍ර කරන එක. මීළඟට අලුත් මී පැණි හැඳි දෙකක් එකතු කරලා නිවෙන්න තියන්න ඕනේ. හොඳට නිවුණායින් පස්සේ මේ මිශ්‍රණය පොඩි කුප්පි වලට වත් කරගන්න ඕනේ.  ටොනික් මූඩි, සිප්පි කටු වගේ දේවල් තිබෙනවා නන් වඩා හොඳයි.

 

සෝදිසි මෙහෙයුම

වැඩේ ලේසියි වගේ පෙණුනත් ඊළඟට තමයි අමාරු වගේම වැදගත්ම කොටස කරන්න තියෙන්නේ. කූඹි කරදරෙන් සදහටම බේරෙන්න අවශ්‍ය නම්, ඔබට සිද්ධ වෙනවා කූඹි ප්‍රශ්නයේ අලගිය මුල ගිය තැන් ටික හොයා ගන්න පුංචි සෝදිසි මෙහෙයුමක් දියත් කරන්න. බිත්ති දිගේ එන කූඹි පේළියක් ඔස්සේ  ගියොතින්, කූඹි සේනාව ඇතුල් වුණ තැන සොයාගන්න පුළුවන්. ගහ  කොළ ටිකක් වැඩිපුර තියෙන ප්‍රදේශයක නම් ඒ  තැන බොහෝ විට කෝපි, නමිනං, ජම්බු වගේ ගසක් වෙන්න පුළුවන්. ඒ වගේ ගස් වල අතු ගෙදර බිත්තියට ගෑවෙන මට්ටමට වැවිලා නම් , අතු ඈත් කරලා බඳින්න හරි, ටිකක් කපලා අයින් කරන්න හරි සිද්ධ වෙනවා. නාගරික ප්‍රදේශයක නම් කසල බඳුන් වලත් කූඹි සමූහයක් විදිහට ජීවත් වෙනවා. කසල ඉවත් කරන එක දිනපතා කරන්න අවශ්‍යයි.

 

ප්‍රහාරය දියත් කිරීම

දැන් ඒ විදිහට කූඹි එකතු වෙන තැන් වලත්, ගෙදරට ඇතුල් වෙන තැන් වලත්  අපි සකස් කර ගත්ත මිශ්‍රණය ස්ථානගත කරන්න ඕනේ. Boric Acid කූඹින්ට විෂ සහගත උණත් මිනිසුන්ට, ගහ කොළට හානියක් කරන්නේ නැහැ.  ඒ නිසා  අවශ්‍ය නම් ගස් කඳන්, කොළ වලට වත්  කරන්න උණත්  පුළුවන්.

කොහොම නමුත් මේ උගුල්, සුරතල් සතුන්ට වගේම කුඩා ළමයින්ට ළඟා වෙන්න අපහසු තැන් වල  තබන එක වඩා හොඳයි.

මූලාශ්‍ර:

Home

https://ceylonweek.com

 

 

 

 

 

 

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!