මං නම මලිත මට ඉතින් හොදට ලස්සනට සින්දු කියන්නත් ඒ වගේ හොදට කවි ලියන්නත් පුළුවන් කට්ටිය නම් කියනවා ඉතින් මං හරි ලස්සනයි කඩවසම් කොල්ලෙක් කියලා
ඒත් ඉතින් මට නම් එහෙම එකක් පේන්නෙ නෑ
අනිත් කොල්ලො වගේම තමයි ඉතින් ඒත් අනිත් අයට වඩා මං සමාජෙ ටිකක් විශේෂ කෙනෙක් වෙනවා ඒ ඇයි කියලා පස්සෙ කියන්නම්කෝ
මං හැමදාම උදේට නැගිට්ටම ගමන් කරන්නෙ ලස්සන කවියක් හරි සින්දුවක් හරි ලියලා ඒක මුහුණු පොතට දානවා මට ඉතින් ගොඩාක් අය මං ලියන කවි වල සින්දු වල හොද නරක දෙකම කියලා කමෙන්ට් දානවා හැබැයි ඉතින් ගොඩාක් අය කියන්නෙම හොද විතරයි නරක නම් ගොඩාක් අඩු යි ඉතින්
කොහොම කොහොම හරි මගෙ මුහුණු පොතේ මගෙ කවි,සින්දු නිතරම වර්ණනා කරන මගෙ කවි වලට සින්දු වලට ආදරේ කරන ආස කරන කෙනෙක් ඉන්නවා මට මතක හැටියට එයාගෙ නම හංසි චතූ කියලා තමයි තිබ්බෙ
දවසක් මට මුහුණ පොතෙන් යාලුවෙක් වෙන්න කියලා ඇරයුමක් තිබ්බා බලද්දි මේ අර මගෙ කවි සින්දු වල හොද කියන ඒවට ආදරේ කරන හංසි චතූ කියන එක්කෙනානෙ මං ඉතින් ඒක එච්චර ගණන් ගත්තෙත් නෑ ඉතින්
කොහොම හරි මෙයා ඒක දැන ගෙන මට මුහුණු පොත හරහා මැසේජ් එකක් දාලා තිබ්බා “අයියා ඔයාට කොහොමද ඔයාගෙ කවි සින්දු හරි ලස්සනයි මං ඒවට ගොඩාක් කැමති ගොඩාක් ආදරෙයි කියලා”
මං ඉතින් හරි නංගියා බොහෝම ස්තූති කීවා
මෙන්න ආයෙම මැසේජ් එකක් එනවා අයියා කරදරයක් නැත්නම් මාව යාලුවෙක් හැටියට පිලි ගන්නව ද කියලා
මට ඉතින් අවුලක් නැති නිසා හරි නංගි මට අවුලක් නෑ එහෙනම් අපි යාලුවෙක් වගෙ ඉමු කියලා
කොහොම හරි මං ඒ මැසේජ් එක දැම්මා විතරයි මෙන්න මෙයා “අනේ අයියා ඔයා හරි ශෝක්” කිවා කියනවකෝ ඉතින්
මං නිකන් තුස්නින්භූත වුනා වගේ හැබැයි ඉතින් මං දාන කවි සින්දු හැමදේම මෙයා කියවලා තියෙනවා ඒවට කමෙන්ට් දානවා හොද අවධානයෙන් ඉන්නවා වගෙ කියලා නම් මට තෙරුනා ඉතින්
කොහොම කොහොම හරි කවි සින්දු එක්කම මගෙ දවසත් ගෙවිලම යනවා මටවත් තේරෙන්නෙ නෑ ඉතින්
එක දවසක් මෙන්න අර කෙල්ල මට ගුඩ් මෝනින් මගෙ අයියා මොක ද කරන්නෙ උදේට කෑව ද කවි සින්දු ලීව ද අම්මෝ විස්තර ගොඩාරියක් මගෙන් අහනවා නිකන් ප්රශ්න පත්තරයක් වගේ
මං ඉතින් ප්රශ්න පත්තරයට අවශ්ය පිලිතුරු ටිකත් කෙටියෙන්ම දුන්නා ඉතින්
කොහොම කොහොම හරි කෙල්ල නිතරම මට මැසේජ් කරනවා මං ගැන හොයලා බලනවා මං කෑව ද බීව ද කොහෙද යන්නෙ යනවා නම් පරෙස්සමින් ගිහින් එන්න නිකන් කෙල්ලට වෙන වැඩක් නැති තරමට මං ගැනමයි හොයන්නෙ ඉතින්
කොහොම හරි මට අසනීප වෙලා දවසක් විතර මුහුණු පොතට කවි සින්දු ලියලා දාන්න බැරි වුනා එන්න වෙලා නැති වුනා
හැබැයි ඉතින් ඊලග දවසෙ නම් මුහුණු පොතට ගියා විතරයි අර නංගිගෙන් මැසේජ් සීයක් විතර ඇවිත් මං ගැන ගෙදර අයවත් හොයන්නෙ නැති තරමට පිස්සියෙක් වගේ මාව හොයලනේ මට පව් කියලත් හිතුනා
මෙහෙම මං ගැන නිතරම හොයලා බලද්දි මට නිතරම මැසේජ් කරද්දි මට ඒ කෙල්ල ගැන ආදරයක් එක්කෝ අනුකම්පාවක් වගේ දෙයක් ඇති වුනා
කොහොම කොහොම හරි කෙල්ලටත් දැන් ඒක නිකන් නෝට් වෙලා වගේ දවසක් “කෙල්ල මට කියනවා අයියා මට කැමති ද මං අයියට ආදරෙයි කියලා”
මට නිකන් මුකුත් හිතා ගන්න බෑ මං කීවා නංගි මං ගැන දන්නෙත් නෑ මාව දැකලත් කොහොමද එහෙම එක පාරටම ඔහොම අහන්නෙ කියලා
කෙල්ල ගත් කටටම කීවා “අයියව දැක්කෙ නැති වුනාට අයියගෙ කවි සින්දු කියවද්දි මට අයියව මවා ගන්නත් අයියා කොයි වගේ කෙනෙක් ද කියලත් හිතා ගන්න පුළුවන් අයියේ” කියලා කීවා ඉතින් මට හිතා ගන්න බැරි වුනා කෙල්ල එහෙම කීවාම
ඉතින් මං කීවා නංගි මං ඔයාට කල්පනා කරලා බලලා උත්තරයක් දෙන්නම් කියලා මං ගැන මං කල්පනා කරා
මතක ද මං කීවා මං සමාජෙ ටිකක් විශේෂ කෙනෙක් වෙනවා කියලා හැබැයි මගෙ යාලුවෝ නම් ඒක දන්නවා මොක ද මට ලස්සනට කවි සින්දු ලියන්න පුළුවන් උනාට ඒවා කියවන්න බෑ මොක ද මං උපතින්ම ගොළු මනුස්සෙක් මේ ලෝකෙ මගෙ භාෂාව දන්න අය එක්ක විතරයි මට කතා කරන්න පුළුවන්
එහෙම කෙනෙක් උනු මට පුළුවන් ද අර වගේ ලස්සන කෙල්ලෙක්ගෙ අනාගතේ අදුරු කරන්න එහෙම හිතා ගත්ත මම ඒ නංගිට කීව මං නංගිට උත්තරයක් දෙන්නම් අපි හම්බෙලා කතා කරමු කියලා මොක ද ගත් කටටම බෑ කීවොත් කෙල්ල මොනවා හරි කර ගනී කියලා මගෙ හිතේ පොඩි බයකුත් තිබ්බා
කොහොම හරි කෙල්ලට එන්න ඕනි තැනත් කියලා මාත් තනියම එතන්ට ගියා කෙල්ල මං කියපු තැනට ඒ වෙද්දිත් ඇවිත් හිටියෙ
එක පාරටම කෙල්ල දිහා බලද්දි මට නිකන් පිස්සු වගේ ඒ තරමට කෙල්ල ලස්සනයි දිග කොණ්ඩය දුඹුරු පාට ඇස් කෙල්ල හරියට පංචකල්යාණි කෙනෙක් වගේ ලස්සනයි
ඒත් කොච්චර ලස්සන වුනත් මගෙ හිත කියන්නෙම කෙල්ලගෙ අනාගතේ අදුරු කරන්න එපා කියලමයි
මං අතින් කෙල්ලට ලගට එන්න කියලා කතා කරලා කොලයක් ඇරන් ලියලා කියනවා රත්තරං නංගි මං උපතින්ම ගොළුයි මට කතා කරන්න බෑ මගෙ කියන ඒවා කාටවත් තේරෙන්නෙ නෑ මගෙ රත්තරං නංගි මං හින්දා ඔයාගෙ ජීවිතේ අදුරු කර ගන්න එපා මං ගැන තියෙන හැම බලාපොරොත්තුවක්ම අත් හැර ගන්න කියලා
ඒක කීවා විතරයි මෙන්න කෙල්ල මාව බදා ගෙන අඩන්න පටන් ගත්තා මට කෙල්ල කියනවා රත්තරං අයියෙ මං ආදරේ කරේ ඔයාගෙ ඔය රත්තරං හදවතට මට අයියා ගොළු උනාට කමක් නෑ ඒත් මට අකමැතියි කියන්න නම් එපා අයියේ මගෙ පපුව පැලිලා මැරිලා යයි අයියේ කියලා කීවා විතරයි මගෙත් ඇස් වල හොදටම කදුළු මාත් කෙල්ලව බදා ගෙන හොදටම අඩනවා
මං කෙල්ලට කීවා “මං ඔයාට ගොඩාක් ආදරෙයි නංගි” ඒක අහපු කෙල්ලට ගොඩාක් සතුටු හිතුනා කෙල්ල මට කියනවා මං අයියා වෙනුවෙන් ගොළු භාෂාව ඉගෙන ගන්නම් මගෙ අයියා හැමදාමත් මං එක්කම ඉන්න කියලා
මං කෙල්ලට පොරොන්දු වුනා හැමදාමත් මං මගෙ රත්තරං නංගි එක්ක නංගි ලගම ජීවිත කාලෙම එකට ඉන්නවා කියලා
කවි සින්දු වලට ආදරේ කරපු ඇය අද මගෙ ජීවිතේ වෙලා මට ආදරේ කරනවා
ආදරේ කියන්නෙ මහ පුදුම දෙයක් කවියෙන් සින්දුවෙන් දවස පටන් ගත්ත ගොළුවෙක් වෙච්චි මට රත්තරං වටින ආදරයක් තියෙන කෙල්ලෙක් මුණ ගැස්සුවේ පෙර පිනටමයි
මට ලැබුන ඒ ආදරේ මං හරි පරෙස්සමින් බලා ගන්නවා
තමන්ගෙ උරුමක්කාරයා එනතුරු ජීවිතේ සතුටින් ගෙවන්න තමන්ගෙ කෙනා තමන්ගෙ ආදරේ ලැබුන දවසට ඒ ආදරෙත් ඒ කෙනාවත් හැමදාමත් පරෙස්සමින් බලා ගන්න
-කවිශ්ක මධුෂාන්