ආපහු ඉස්කෝලේ කාලෙට යන්න හිතුනා. මේ කියන්න යන්නේ අපේ ඒ ලෙවල් කාලේ ගියපු විනෝද චාරිකාවක් ගැන.
මම කලින් කියලා තියෙනවනේ මුං මාව වානිජ සංගමයේ සංවිධායක කලා කියලා. ඉතින් ඒ සෙට් එකටම තමයි ට්‍රිප් එක ඕගනයිස් කරන්නත් භාර දුන්නේ..
ඕවා ඉතින් අපි බොක්කෙම්මනේ කරන්නේ.. දැන් බැහැලා වැඩ..කලාප කාර්යාලයෙන් අවසර ගන්න ලියුම් ගහගෙන යනවා. ඔක්කොම ලමයි ඉන්ශුවරන්ස් කරන්න යනවා.. බස් හොයන්න යනවා.. එක වැඩයි..
පන්තියක නෑ දවසම. ෆයිල් එකක් අතේ තියන් කොල කෑලි ටිකක් පුරවන් ඇවිදිනවා. ඒක වෙනම ආතල් එකක්. මේක කරපු උන් දන්නවා ඒක..
ට්‍රිප් එක යන දවසේ රෑ නින්ද යන්නේ නෑ.. කොහොම හරි අපි රෑ දෙක වෙද්දී වගේ ඉස්කෝලේ. එහෙම ඒ වෙලාවේ ආවේ උපරිමේටම ගැට්ට කහන සෙට් එක. දැන් ගෙනියන දේවල් හදලා පැක් කරලා ඔක්කොම ඉවරයි. බද්දට ගෙනාපු සයිඩ් ඩ්‍රම්, බේස් ඩ්‍රම්, සිම්බල් , චල් ටිකත් අතගාලා බැලුවා..
ඊට පස්සේ පත්තර පිටු දෙකක් එකට අඹරලා පත්තු කරලා ඩ්‍රම් දෙක රත් කලා.. හම්මා.. දැන් සද්දේ ගින්දර වගේ.. ටෙස්ට් කරන්න සින්දුවක් ගැහුවා විතරයි සෙකුරිටි අංකල් එනවා … මල නිදිමතේ.. හරියට රා කල සොලසක් බී මත් උන නාලාගිරි ඇතා වගේ… පොරටත් ශේප් එකක් දාගත්තා.
ඒ ටිකත් ඉවර උනාම කරන්න වැඩක් නෑ.. ඒක නිසා නිකමට ඉස්කෝලේ හන්දිය පැත්තට ගියා. එතකොටත් රෑ තුනට වගේ.. බස් එක එන්නත් තව පැයක් තියෙනවා.
දැන් මේ තියෙන ආතල් එක පිට කරන්න මොකක්ම හරි නසරානි වැඩක් කරන්න ඕන. ඒ දවස් වල ඔය සී.සී.ටී.වී එහෙම නෑ.. ඕන මගුලක් කරන්න පුලුවන්..
ඉස්කෝලේ ලඟ හන්දිය කියන්නේ හැම වෙලාවෙම මිනිස්සු ඉන්න තැනක්. ඒත් ඒ වෙලාවේ බල්ලෙක්වත් නෑ.. මේ හන්දිය මෙහෙම බලන්න වෙන්නෙම නෑ… මට ආස හිතුනා ඒ හතරමං හන්දියේ මැද චූ කරන්න. ඕක කවදාවත් කරන්න වෙන්නේ නෑ නේ.. මම දන්නවා හොඳ දේකට එපා කිව්වත් ඔය වගේ ඒවට අපේ එකෙක්වත් එපා කියන්නේ නෑ කියලා..
අපි කොල්ලෝ පහක් වගේ හිටියා. මම කිව්වා මම හන්දියේ හරි මැද චූ කරනවා කියලා. සිපර් එක ඇරියා විතරයි එකෙක් කිව්වා එහෙම නං අපි චූ වලින් හන්දියේ එක එකාගේ නම ගහමු කියලා. ඕවට බෑ කියනවද අපි… දැන් හැම එකාම වැඩේ පටන් ගත්තා.
යකෝ.. ඒකත් මාර ආතල්… මගේ නම කොට නිසා මම එකෙම්ම ගැහුවා. ඔහොම කොල්ලෝ ටික නම් ගැහුවා .. මම බලනකොට එකෙක් තටම තටම චූ කරනවා.. වැඩේ කියන්නේ උගේ නම පට්ට දිගයි.. ඒක ගහන්න ඌට විතරක් අමාරුයි වගේ.. උගේ තාත්තත් එක්ක එන්න වෙනවා.. මේ වෙලාවේ උගේ තාත්තට අවදි කරලා චූ දාන්න හන්දියට යමු කියන්න බැරි නිසා ඒකමතිකව තීරණය කලා ඌට පොදු සමාවක් දෙන්න..
කොහොම හරි මේ කාලේ කැසට් පීස් තමයි තියෙන්නේ. ඒවයෙත් නන්ස්ටොප් නැගලම ගියපු කාලේ.. අපේ සෙට් එකට ඕවයේ තියෙන ඩ්‍රම් රෝලක් පවා කට පාඩම්.. දැන් බස් එකේ සින්දු පාර නැගලම යනවා.. සයිඩ් ඩ්‍රම් එක මම ගහනවා. බේස් ඩ්‍රම් එක වෙන එකෙක් ගහනවා සිම්බල් දෙක හයිහැට් එක විදියට එකෙක් අල්ලගෙන ඉන්නවා … තබ එකෙක් හයිහැට් එක ගහනවා.
කොල්ලෝ යක්කු වගේ සින්දු කියනවා.. ඊට පස්සේ මේ ගහන සෙට් එක මාරු වෙනවා.. වෙන සෙට් එකක් ගහනවා.. ආතල් උපරිම.
සික්ස් එයිට් නන්ස්ටොප් එකක් ගහද්දී සින්දුවක් ඉවර වෙද්දී තව එකක් මතක් නොවුනොත් ඒ බීට් එකට අපි පටන් ගන්නවා අංගම්මන සුමන එකේ මුල කෑල්ල..
ලලල ලලා.. ලා…ලා.. ලලල ලලා..
ඕක දෙපාරක් යනකොට කොහෙන් හරි සින්දුවක් කොල්ලෙක් පටන් ගන්නවා.
අපි රෑ නවතින්න සොයා ගත්තේ බණ්ඩාරවෙල පන්සලක්.. ඉස්කෝලෙන් කියපු නිසා හාමුදුරුවෝ අවසර දුන්නා..
කොහොමින් හරි ආතල් පිටම ගියා නවතින සොයා ගනිපු ඔය පන්සලට. ඒ යද්දී හවස හතර හමාර වගේ. බඩු ටික දාන ශාලාවේ බාලා. සර්ලා උයන්න සෙට් උනා. කොල්ලෝ සෙට් එකක් සර්ලට සපෝර්ට් එක. අපි හෙමින් එකා එකා මාරු වෙලා ගියා. අපේ සමහර උන්ට බියර් එකක් ගහන්න ඕන වෙලා තිබ්බා. මම ඒ කාලේ ඒවා නෑ..
ඉතින් ටවුන් එකට යද්දී තියෙනවා ෆිල්ම් හෝල් එකක්. ඕකේ කටවුට් එක තියෙනවා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලා..
හම්මා .. මාර ආතල් .. අපි සෙට් එක ඕක අස්සට රිංග ගත්තා කාටවත් නොපෙනෙන්න. ගිහින් වාඩි වෙනකොට හය විතර වෙලා. ෂෝ එක හයයි තිහ.. මෙන්න යකෝ ට්‍රිප් එක ආපු එකා දෙන්නා වට පිට බලබල මේකට රිංගනවා.. කොහොම හරි හය හමාර වෙද්දී සර්ලයි ඩ්‍රයිවරුයි ඇරෙන්න අනිත් හැම එකාම මේකේ අස්සේ..
නොදකින් විතරක් ඒ ෆිල්ම් එක. මොකක් හරි හොඳ වැඩකට සෙට් වේගෙන යනකොටම ඌ ඒ ගෑනිව මරණවා.. අපිට නේද මල හඳේ… මුලු ෆිල්ම් එකටම ඌ ගෑනු හතක් විතර මරණවා බලන් ඉඳලා ආවා.. ඒක හදපු එකාගේ අම්මගේ ඉඳලා පිං දිදී.. අර මිනී මරපු එකාට ජාති ජාතිත් ගෑනියෙක් නම් ලැබෙන්න එපා කියලා සාප කර කර.
ආව ගමන් අපේ එකෙක් රිංගලා ටොයිලට් එකකට. ටොයිලට් දෙකයි තියෙන්නේ .. වතුරත් අයිස් වගේ.. ඒ වතුර දැම්මම පු&@ ගල් වෙනවා.
අරූ ඇතුලට යනවා දැකපු තව එකෙක් අපිට කිව්වා අරූ ඇතුලේ මොකක් හරි කරමු කියලා. අපිට ඉතින් දෙයියෝ දුන්න චාන්ස් එකක් වගේ..
අරූ ඇතුලේ බරටම වැඩ. ඒක ඇතුල හරියට පුදුකුඩිඉරිප්පු, නන්දිකඩාල් වගේ.. ටී 56, මල්ටි බැරල්, කාල තුවක්කු සද්ද ඇහෙනවා. ඒ අස්සට වෙඩි වැදිලා ඉන්න ත්‍රස්තවාදියෙක් වගේ අතරින් පතර “ම්හ්” ගාලා කෙඳිරිල්ලකුත් ඇහෙනවා.
අපි දෙන්නෙක් ගල්ටික් වෙන තරමට සීතල වතුර බාල්දි දෙකක් පුරවලා ගත්තා. එක පාරටම තුනට ගැනලා එකෙක් උඩින් අනිත් එකා යටින් වතුර පාරක් යැව්වා.. කාර් වොශ් එකක වගේ …
බුදු අම්මෝ කියන සද්දෙකුයි ලස්සන සංස්කෘත වචන ටිකකුයි ඇහුනා.. දොර ඇරුනා.. කලිසම උගේ කරේ… ඌ දාපුවා උගේ කටේ ඉඳලා. කමක් නෑ ඉතින් කලින් ඌ කාපුවමනේ දැම්මේ.. ඒවම කටේ ගියාම මොකද?
ඒක දැක්කම මට යන්න තිබ්බ උවමනාව නැති උනා. මම අමාරුවෙන් හිර කරගෙන ශේප් වෙලා හිටියා. මොකද ඒවයේ ඇඹුල් රහට මම ආස නැති නිසා.
රෑට කාලා ඕමි ගහන්න සෙට් උනා ටිකකින් පිච්චෙන ගඳක් එනවා. බලනකොට එකෙක් වෙන එකෙක්ගේ වවුලෙක් බල්බ් එකක ඔතලා. ඒක රත් වෙලා ගිනි ගන්නවා. ඔය ඔක්කොම ඉවර වෙලා නිදාගන්න ගියා..
ලයිට් ඕෆ් කරලා ටික වෙලාවකින් දිග කලිසම් වලින් කොල්ලොන්ට ගහන්න පටන් අරගෙන එකෙක්. දැන් ඒක නැගලා යනවා. ඒක අංගම්පොර මඩුවක් වගේ.. වලි නෑ.. ආතල් එකට විතරයි.. ටිකකින් වතුර පාරවල්.. දැන් බණ මඩුව ස්විමිං පුල් එකක් වගේ..
ඒ මදිවට එකෙක් කරුවලේ සර්ට ගහලා කලිසමකින්. කවුද හු$%& පුතෝ මට ගැහුවේ කියලා සර් නැගිට්ටා විතරයි. එකෙක් මීක් නෑ .. ආයෙත් ටිකකින් ඒ විදියමයි. මමත් කලිසමක් අරගෙන නැගිට්ටා විතරයි මතක. හරියට දකුණු පැත්තට වැදුනේ.. ඉනෙන් පහල පණ නැති වෙලා වගේ ගියා. කොල්ලා එහෙමම පැදුරේ.. විනාඩි දහයක් ගියේ නෑ හාමුදුරුවෝ ආවා.. එක පාරට ලයිට් දැම්මා..
සරම් ඇඳගෙන ගහගන්න බැරි නිසා සමහර උන් හිටියේ සරම කරේ දාගෙන. එක පාරට වැටුන ලයිට් එලියට පුදුම ලස්සනක්. පන්සලේ ඝන්ඨාර පූජාවක් වගේ…
ඒ වෙලාවේ ලොකු හාමුදුරුවරුවන්ට අපවත් වී වදාල “අංගම්මන සුමන හාමුදුරුවෝ” වැහිලා හිටියේ..
අම්මෝ හාමුදුරුවන්ගේ සුමධුර දේශනාව. සර්ලගෙත් රෙදි ගැලවෙන්නම දුන්නා….
හෙට උදේ පාන්දර තොපි මෙතනින් යන්න ඕන කිව්වා. තව එක පාරක් හරි කෑ ගහනවා ඇහුනොත් පොලීසිය ගෙන්නලා තොපි පන්සලෙන් එලියට දානවා කිව්වා..
දැන් තොපිට සනීප ඇතිනේ … නිදාගනියව් දැන් කියලා සර් ගියා නිදා ගන්න..
ඊට පස්සේ අර සීතල වතුර ගොඩේ බල්ලෝ වගේ නිදාගෙන උදේ පාන්දරින්ම අවදි වෙලා ගියා..
ඔය අපේ ට්‍රිප් එක ….. ඊට පස්සේ කොච්චර ට්‍රිප් ගියත් ඒ ෆන් එක නෑ…
මෙහෙම කතා ලියලා රෙද්දක් ඇඳගෙන නමක් දාන්න බෑ.. ඒත් ඉතින් අපි පුරුදු වෙන්න ලැජ්ජා වෙනවා නෙමෙයිනේ.. ඒක නිසා නම දානවා. මම සජිත රොෂාන් …
ආහ්.. තව එකක් .. මම මීට කලින් කිව්වනේ තව කතා දෙක තුනකින් නවත්තනවා කියලා.. ඒ වගේම මේ මගේ දැනට අන්තිම කතාව. ආයෙත් ටික කාලෙකින් එන්නම්.
ජය වේවා හැමෝටම.. එහෙනං කොල්ලෝ අපි ගියා . ![🙋](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7c/1/16/1f64b.png)
![🙋](https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t7c/1/16/1f64b.png)
-සජිත රොෂාන්-