#මල් මැවූ දෙව් බිමකි මායා
💛💙💛💙💛💙💛💙💛💙
කොටුකර, නිල් බකල් එක,කොණ්ඩෙ දිග නම් ඒ මහානීය ගැටය, කොණ්ඩෙ කොට නම් ආදරණීය පුංචි බෝ එක……..
ජීවිතේ ඔයා නිදහසේම හිටිය කාලේ මොකක්ද කියලා කෙනෙක් ඇහුවොත්……
ඇත්තටම ඒ පිංබිමේ එහෙ මෙහෙ දුවපු කාලේ තමා සුන්දරම, නිදහස්ම, වගේම වින්දනීය ම…. මේ ඉදිරි මිදුල අපිට ඕනාවටත් වඩා ලස්සන මතක දුන්නා. assembly තියෙන දවසට හය පන්තියෙදි මං ආසම අක්කිලා ඉන්න පැත්තට ඉක්මනට යන්න. ඒත් දැන් නම් ආයිත් ආස ඒ පුංචි කාලෙට යන්න..
කොට කොණ්ඩෙට පුංචි බෝ එකක් ගහගෙන….
උදේට වෙලාවකට මැඩම්ගේ කතාව අහගෙන ඉන්න කම්මැලියි හිතුනම කරේ මැඩම්ලගෙ සාරි වල හැඩ බලපු එක, අඩුපාඩු හොයපු එක, පොට දාන්නෙ වමට දකුණට ද කියල බලපු එක, හෝම්වර්ක් නොකරපු සබ්ජෙක්ට් වල මැඩම්ලා ඇවිත්ද කියලා බලපු එක….. ඉඳලා ඇතිම හිතුනහම බොරුවට වැටෙන්න ප්ලෑන් කරපු එක,,,, බොරුවට වැටෙන අය වැඩේ පටන් ගන්නේ ඇත්තටම එක්කෙනෙක් දෙන්නෙක් වැටුනට පස්සේ.ඉවර වෙලා වෙස්ටන් බෑන්ඩ් එකේ නැටවෙන රිද්මෙට පන්තිවලට ගියපු හැටි නම් තාමත් මතකයි…..
group events දවසට හතරවටෙන් රතු,කහ,කොළ,නිල් බැනර් ගහගෙන දවස පුරාම යශෝධරා,මායා,ප්‍රජාපතී,සංඝමිත්තා කියලා හතරට බෙදිලා කෑගහලා ඇවිත් අන්තිම ඉවෙන්ට් එකත් ඉවර වුනාම පාට හතරම මැද්දට දුවගෙන ඇවිත් මහමායා කියල කෑගහල නටන හැටි, හැමෝම එකතු වෙලා එක කෝච්චියක් යන හැටි, නිල් බකල් එකේ ආදරේ විඳපු කිසිම හිතකට අමතක නැතුව ඇති………
ගුරු දිනේ,ළමා දිනේ දවස් වලට මුල් ඉස්කෝලෙම ළමයි ඔඩිටෝරියම් එකට දැම්මම ස්ටේජ් එක පේන පුටුවක් හම්බෙන්නෙ වාසනාවන අනුව තමා… එහෙම දවසට ආසම වැඩේ ඔක්කොම ඉවර වෙලා ආපහු එළියට එන එක…. රිබන් බකල් සැලකිය යුතු ප්‍රමාණයක් එදාට auditorium එකේ බිම තියෙනවා…….
අවුරුදු උත්සවේ දවසට රබන් ගහන්න, ඔන්චිලි පදින්න,කණාමුට්ටි බිඳින්න, අම්මෙක් තාත්තෙක් දුවෙක් පුතෙක් සෙට් කරගෙන පන්තියෙන් පන්තියට නෑගම් යන්න, ගෙනාපු කෑම ඔක්කොම ඉවර කරන්න අපිට ලොකු උනන්දුවක් තිබුණා…. ජීවිතේටම රබන් ගහමු නැති අයයි, ජීවිතේට අහලා නැති රබන් පදයි, ඉඳලා හිටලා රබන් සද්දෙ නැතුව රබාන බදාගෙන හිනාවෙන සද්ද විතරකුත් ඇහුන දැකපු දවස් තිබුනා….. ලස්සන ගවුම්,හැඩ ඔසරි, නුපුරුදු සරම් මේවා ඇඳපු කෙල්ලොන්ගෙන් පිරිලා එදාට ස්කෝලේ තිබුණෙ අමුතුම ලස්සනක්….
කාලෙන් කාලෙට ජනප්‍රියම කෑම වෙනස්වන කැන්ටින් එකේ දහයෙ රොටිය, සමෝසා,වඩේ, තෝසේ ජීවිතේට ගෙනාවෙ කවදාවත් අමතක නොවෙන රහක්…. හැබැයි ඒ කෑමවල රහ ගොඩක්ම දැනුනේ පිටිපස්සෙ දොරෙන් හොරෙන් අරන් වයර් පුංචගේ කාමරේ දොර ඉස්සරහ පොඩි කයියක් ගහන් කද්දියි…..
ළමා දිනේ දවසට ඉස්කෝලෙන් අපිට පුංචි පුංචි තෑගි හුඟක් දෙනවා…ඉස්කෝලෙටම බෙදන්න ලොකු අයිස්ක්‍රීම් ලොරියකුත් එනවා…කොච්චර අයිස්ක්‍රීම් කෑවත් එදාට ඒ දෙන අයිස් ක්‍රීම් එක තරම් නම් රස දැනිලා නෑ…අපි ඉතිං එදාට රවුමක් දාලා බලනවා අයිස්ක්‍රීම් ගබඩාව ඇවිත්ද කියලාත්…. දොර වහගෙන හරි පුංචි නැටුමක් නැටුවේ නැත්තං එදාට හිත පිරෙන්නෙත් නෑ… අයිස්ක්‍රීම් එක විතරකුත් මදිනෙ….
මේ පාර අපේ චූටි නංගිලාට නං ළමා දිනයට හොඳම තෑග්ගක් ලැබිලා.. මෙතන තියෙන සතුට දන්නෙ ඒක විඳපු MAYANZලම තමයි…. යාළුවෝ එක්ක වටවෙලා හයියෙන් කෑ ගගහා උඩ පැන පැන නටන්න, වටේ පිටේ මොනාද වෙන්නේ කියලා වත් නොදැන, අපේම ලෝකෙක නිදහසේ ඉන්න, සින්දු කියන්න, කෝච්චි යන්න, හති වැටෙනකන්ම නවතින්නෙ නැතුව නිදහස විඳින්න……
මටත් ආයෙමත් ලැබෙනවා නම්……..
මං දන්නවා මේක දැකලා ඇස් වලට කඳුළු ආවේ මගේ විතරක් නෙමේ, හිත ඇතුලෙන් “අනේ මටත්”කියල හිතුනෙ මට විතරක් නෙමෙයි, ආපහු ඔය මතක එක්ක හිතෙන් තනිවෙලා ඒ මිහිරියාව හුඟක් හිත් විදින්න ඇති……
කොටු කර, නිල් බකල්, සුදු රිබන්, නැව්,බෝට්ටු මතක එක්ක තනි උනාට,,, රොබරෝසියා සේල පාවඩය,මැයි මල් ඇතිරිල්ල,බොරු හුඟක් කියපු ස්ටෙප්ස්,,, තාමත් අපිට ඒ විදිහටම ආදරෙන් ඉඩ තියන් ඇති…….
මට ආසයි ආයෙමත් දවසක උඩ ගේට්ටුවෙන් ඇතුලට ගිහින් මුලින්ම හම්බෙන සුදු බුදු පිළිම වහන්සේ ගාව ඇස් පියන් වදින්න,,, ස්ටෙප්ස් වල වාඩිවෙලා බාස්කට් බෝල් කෝට් එක දිහා බලන් ඉදල බඩගිනි වුනාම කැන්ටින් එකෙන් සමෝසා එකක් අරන් එතන පුංචි ඉඩේ ජීවිතේ ලස්සනම කාලේ හිටිය යාලුවො එක්ක ඒ කාලේ හොරෙන් කාලා දුවපුවා මතක් කරල හිනා වෙන්න….
යමුද අපි….
💛💙💛💙💛💙💛💙💛💙 #සෙව්වන්දි_මණිමේඛලා_සිරිවර්ධන