මොකක්ද මේ මීදුම ?
මධ්‍යම පලාතේ සහ උතුරු පලාතේ වැඩි වශයෙනුත් සෙසු පළාත්වල මීට මදක් අඩුවෙනුත් මේ දිනවල මීදුම් ස්වභාවයක් දකින්නට ලැබෙනවා. ඇත්තටම මේ ස්වභාවික මීදුමක් නොවේ. මිනිසාගේ අවිධිමත් තාක්ෂණික භාවිතයන් නිසා සිදු වූ වායු දූෂණයක්.
මේ ඉන්දියාවෙන් ආපු වායුවක් ද?
ඔව්. ශ්‍රී ලංකාව තුළට සුළං ප්‍රවාහය වසර පුරාම විවිධ දිශා වලින් ඇතුළු වනවා. මේ දිනවල ලංකාවට ඇතුළුවන්නේ දකුණු ඉන්දියාව හරහා එන සුළඟයි. (රූපයේ පෙන්වා ඇත්තේ 2020/10/30 වන දින පෙරවරු 11.30 එම සුළං ප්‍රවාහය අප රටට ඇතුළුවන ආකාරයයි) එමනිසා දකුණු ඉන්දියාවේ පවතින දූෂිත වායුව ශ්‍රීලංකාව තුළට ඇවිත් මේ විදියට දුමක් විදියට අපට බලාගන්න පුළුවන්…
දැනට මේ නිසා වැඩිම වායු දූෂණයට ගොදුරු වූ නගර
කොළඹ, මහනුවර, පුත්තලම, වවුනියාව, යාපනය
(ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා 2020/10/27 වන දින විට සිදුකළ පරීක්ෂණ අනුව)
මෙයින් වැඩිම බලපෑමක් තිබෙන්නේ කාටද ?
මෙම තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් මේ ආකාරයටම පැවතිය හැකි බැවින්, කුඩා ළමයින්, වැඩිහිටි පුද්ගලයින්, ගර්භනී මාතාවන් සහ ස්වසන රෝගවලින් පෙළෙන පුද්ගලයින් ඒ පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය ඉල්ලා සිටියේ.
අපට සිදුවන හානිය අවම කරගන්නේ කොහොමද ?
සෑම විටම මුඛ ආවරණය භාවිතා කරන්න.
එළිමහනේ ක්‍රියාකාරකම් හැකිතරම් අවම කරන්න.
(උපුටා ගැනීමකි)