“ඩුෂ්ලන්ඩ් අර්වාච්” (ජර්මනියේ පිබිදීම) නම් වූ මුල් කාලයේ හිට්ලර්ගේ නාසි ප්‍රචාරක පත්‍රිකාවන් සඳහා යොදාගෙන තිබූ ඔහුගේ ඡායාරූප වලට ඔහු පසුව අකැමැති වීම නිසා ඒවා ප්‍රචාරය නොකරන ලෙස නියෝග කෙරුණා. පසු කාළීනව , තමන්ගේ පරම්පරාවෙන් රහසිගතව පැමිණි දායාදයක් ලෙස එම ඡායාරූප එක්තරා ඉංග්‍රීසි ජාතික සොල්දාදුවෙක් අතට පත් වුණා. ට්‍රෙවර් සැලිස්බරි විසින් රචිත ප්‍රකාශනය වීමට නියමිතව තිබෙන “ද රයිස් ඔෆ් හිට්ලර්” (හිට්ලර්ගේ නැගීම) නම් ග්‍රන්ථයට එම ඡායාරූප ඇතුළත් කරන්නට නියමිතයි. මේ ඒ හිට්ලර් ට සදහටම ලෝකයෙන් වසන් කරන්නට උවමනා වූ අප්‍රකට ඡායාරූප අතරින් කිහිපයක්.