පුංචි දොස්තර නෝනා (8 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

“හරි හරි මගේ පුංචි දොස්තර නෝනා කියනවනම් මම හිනාවෙන්නම්කො.”

දෙදෙනාම සිනාසුනේ හදවත් දෙකම සතුටින් නිසයි.⁣පහුගිය දින කීපයේම දෙදෙනාම කලේ ඇඬීම විතරයි කියලා දෙදෙනාම දන්නවා.

“දන්නවද පුංචි දොස්තර නෝනා,ඔයා දැන්මම ඩොක්ටර් කෙනෙක්….”

“ඇයි ඒ මගෙ සුදු අයියේ…..?”

ප්රාර්ථනා මද සිනහවක් එක්කම ඇහුවා.

“නෑ.කැඩුණු හිත් හදන්න හොඳට දන්නවා දැන්ම ඉඳන් ….නේද?…කොහෙන්ද ඒවා ඉගෙන ගත්තෙ?….”

“කොහෙන්වත් ඉගෙන ගන්න ඕනි නෑ සුදු අයියේ.හිතක් තේරුම් ගත්තම ඒ හිත හදන්න ලේසියි.ඒකට අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නෑ.”

ප්රාර්ථනා කිවුවෙ හුරතල් විදියට.

“මේ සුදු අයියේ….දෙයක් අහන්නද?…”

“හ්ම් අහන්නකො…..”

සමීරගෙ ඉස්සෙල්ලා නොතිබුණු හුරතල් බවක් දැන් තියෙනවා කියලා ප්රාර්ථනාට තේරුණා.

“ඔයාට හැමෝම මොකක් කියලද කතාකරන්නෙ.මං අහන්නෙ සමීර කියලද සංදේශ් කියලද?….”

“ම්…ම්..ම්…. හැමෝම වගේ කියන්නෙ සමීර කියලා තමයි.ඇයි මගෙ ⁣පුංචි දොස්තර නෝනා එහෙම ඇහුවෙ…..?”

“එහෙනම් මම ඔයාට අද ඉඳන් කතාකරන්නෙ සංදේශ් අයියා කියලා.මොකද මට ඕනි මාව විතරක් මතක්වෙන නමකින් ඔයාට කතාකරන්න.”

සමීර⁣ට පුදුමයි.පොඩිදේගැනත් ප්රාර්ථනා ලොකුවට හිතනවා කියලා සමීරට තේරුණා.

“මේ සංදේශ් අයියේ.ඔයා මට හැමදාම පුංචි දොස්තර නෝනා කියලද කතාකරන්නෙ ආ…..”

සමීරට හිනාගියෙ ඇයගෙ හුරතල් කතාව නිසාමයි.

“ඔව්….ඇයි….?”

“එතකොට කවදාහරි මම ලොකු දොස්තර නෝනා කෙනෙක් වුනාම…”

“ඒත් ඔයා මගේ පුංචි දොස්තර නෝනම තමයි.හරිද?

“එතකොට කවදාවත් මට ප්රාර්ථනා කියලා කතාකරන්නෙ නැද්ද?”

“ම්….නෑ….ඒක ලස්සන නමක් තමයි….ඒත් මම කතාකරන්⁣න ආස මම දාපු නමින්…ඇයි කැමති නැද්ද ….?”

සමීර ඇහුවෙ සමච්චලයට මෙනි.

“මගේ සංදේශ් අයියා කියන ඕනම නමකට මම කැමතී.මොකෝ ඉතින් මෙයාව යාලුකරගන්න වින්ද දුක මමනෙ දන්නෙ….”

ඒ වචන වලට සමීරටත් දුකක් හිතුනා.ඒත් ඒ වචන ටික ප්රාර්ථනා කිවුවෙ විහිලුවට.

“අනේ සොරි නංගී.මම හින්දා ඔයා කොච්චර අඬන්න ඇතිද…..මට සමාවෙන්න රත්තරං…..”

ඒතරම් දුරට ප්රාර්ථනාවත් හිතුවෙ නෑ.ඒත් සමීරගෙ හිත ඒ වචන වලට ආයිත් පෑරුණා.

“අනේ ඔයාට දුක හිතෙන්න නෙවෙයි සංදේශ් අයියේ මම එහෙම කිවුවෙ විහිලුවට.දුක්වෙන්න එපා මම ඔයාගෙනෙ දැන්…..අනේ රත්තරං දැන් ඕවා හිතන්න එපා හොඳේ.ඔයා අද වව්නියාවෙ යනවා නේද සංදේශ් අයියේ….”

“ඔව් පැටියො.අද යනවා.ඔයා අද ගෙදර යන්නෑනෙ.හෙටනෙ යන්නෙ.?”

“ම්ම්ම්…..ඔයා එක්කම යන්න තිබුනනම් හොඳයි.ඒත් අද වැඩක් තියෙනවා අයියේ…..ඒක හින්දා යන්න වෙන්නෑ.හෙට ඔයා යන්නෑනෙ.ඉතින් මම මේ සතියෙ යන්නෙම නෑ.”

සමීරට දුකක් හිතුනත් ප්රාර්ථනා දැන් තමන්ගෙම නේද කියලා හිතද්දි ඒ දුක පරදපු සතුටක් ඇතිවුණා.

රාත්රියේ වෙනදා වගේම සමීර ගම්පොලට ගියේ බස් රථය ගැනීමටයි.

“අම්මෝ උඹේ මූනෙ කාලෙකින් බන් එලියක් දැක්කෙ.”

තුෂාර විහිලුවට මෙන් කිවුවත් ඇත්ත ඒකම නේද කියලා සමීරත් යන අතර කල්පනා කලා.බස්රථය පුරුදු විදියටම මහනුවර ගුඩ්ෂෙඩ් බස්රථ නැවතුමේ වව්නියාව බස් නැවතුමේ නැවතුවේ විනාඩි 20 කින් යලි ගමන් ආරම්භ කිරීමේ බලාපොරොත්තුවෙනි.
සමීර බස් රථයෙන් බැස කඩයක් අසලට ගොස් රටකජු පැකට් එකක් ගත්තා.තුෂාරට කම්මැලි නිසා තුෂාර බස් රථයේම නැවතුනා.

“සමීර අයියේ…”

“ම්…”
සමීර ළඟ හිටියෙ ප්රාර්ථනා තරමටම සුන්දර තරුණියක්.නිල් පැහැ ඩෙනිම් කලිසමක් හා කලු ටීෂර්ට් එක ඇයට අමුතු පෙනුමක් එක්කලා.
ඒත් සමීර ඇයව ඒතරම් ගනන්ගත්තෙ නෑ.

“අයියේ.මම ඔයා එක්ක කතාකරන්න ගොඩක් දවස් ඉඳන් බලන් හිටියෙ.මම ඔයාට කැමතී අයියේ.මම ඔයාට ආදරෙයි.ප්ලීස් අකමැතී කියන්න නම් එපා.”

ඇය සමීරගේ අතකින් අල්ලා ගත්තත් සමීර ඒ අත ගසා දැම්මා.ඔහු හිටියෙ කලබලයෙන්.

“නංගි මේ පිස්සු කරන්න එපා.මොකක්ද මේ කරන්නෙ.කෙල්ලෙක් නේද.ලැජ්ජ නැද්ද.?”

සමීර කේන්තිය නිසාමයි ඇයට හොඳටම බැන්නෙ.

“මට ගර්ල්ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.මට වෙන කවුරුත් ඕනි නෑ.ප්ලීස් නංගි යන්න දැන්.මගේ ප්රාර්ථනා විතරයි මට ඕනි.එයා මගේ ජීවිතේ.වෙන කවුරු ආවත් මට අදාලම නෑ…..”

සමීරට ඉබේම ඒ විදියට කියවුනා.ඒ නිසාම ඇය ඉකිගසමින්ම බස් රථය පැත්තට ගියා.
සමීර කල්පනා කලේ සිද්ධ වුනේ මොකක්ද කියලා.එක්වරම සමීරගේ පිටුපසින් පැමිනි අත්දෙකකින් සමීරගෙ ඇස් දෙකම තදින් වැසුවෙ සමීරට කිසිදෙයක් හිතාගන්නටවත් කාලයක් නොදී.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!