තවදුරටත් යාලුවෙක් දාල තියෙන funny video clip එකක් ඔයාට ඉල්ලගන්න, එහෙම නැත්තන් status දාන්න ඕනෙ නම්, “අනේ එවන්නකො” , “මේක එවන්නකෝ” කියලා බගෑපත් වෙන්න ඕනෙ නෑ! මේ පුංචි setting එක adjust කලාට පස්සෙ ඕනෙ වෙලාවක status videos ලේසියෙන්ම ගන්න පුළුවන්.
#1 “My Files” වලට යන්න
#2 දකුණු පැත්තෙ උඩ කෙළවරේ තියෙන dots 3 උඩ click කරන්න
#3 “Settings” වලට යන්න
#4 “Show hidden system files” එක “on” කරන්න
මේ setting එක කරන්න වෙන්නෙ එක පාරයි. ඇත්තටම මෙතනින් පස්සෙ ඕනම වෙලාවක status තියෙන file එකක් download කරගන්න පුලුවන්. ඒ විදිහට download/ save කරගන්න හැටි තමයි ඊළඟට කියන්න යන්නේ.
#5 දැන් ආපහු “My Files” එකේ “Internal Storage” එකට යන්න
#6 “Whatsapp” කියන file එකට යන්න
#7 “Media” කියන file එකට යන්න
#8 දැන් එතන “Status” කියන file එකට යන්න
#9 දැන් මෙතන, මේ වෙලාවෙ ඔයාගෙ status වල තියෙන clips සේරම පේන්න තියෙනවා. පැය 24 කට පස්සෙ මේවා automatically අයින් වෙනවා. ඒ නිසා ඒව save කරගන්න ඕනෙ නම්, අදාළ clip එක උඩ long press කරගෙන ඉඳලා ඒක select කරගන්න.
ඊට පස්සෙ select කර ගත්ත file එක “move”/”copy” කියන දෙකෙන් එකක් තෝරන්න
#10 ආයෙත් “Internal Storage”එක හරහා save කරගන්න ඕනෙ හරිම location එකට ගිහින් “Move here” / “Copy here” button එක උඩ press කරන්න.
එච්චරයි. හැම වෙලාවෙම status එකක් දාපු ගමන් “එවන්න” “එවන්නකෝ” කියල කරදර කරන යාළුවන්ට මේක share කරන්න. 🙂