“හරි උඹලට මොකද්ද දැන් වෙන්න ඕනි.මේ මැරුන් නොකා පලයන්.මේවා අපිත් දුවන පාරවල්.උඹලා ඔහොම සද්දෙ දාගෙන ආවොත් හැමදාම ටයිම් කපනවා.ඒක මතක තියාගනින්.උඹලට බයේ දුවන්න අපි මොක්කු කියලද හිතන් ඉන්නෙ…..”
තිබුන කේන්තියට තුෂාර අනතුරු ඇඟවීමක් කලේ.සමීර එක්වරම ලංගම රියදුරු ළඟට ගොස් යකඩ පොල්ල තිබූ අතඉහලට එසවූවේ ඔහුට පහර දීමටයි.ඒත් ප්‍රාර්ථනා අැවිත් සමීරගෙ අනෙක් අතේ එල්ලුනෙ සමීර දෙලොවක් අතර තනිකරමින්.ගහන්න උවමනාව තිබුණත් ප්‍රාර්ථනා අකමැති නිසා එය ඔහුට කල නොහැකි වුනා.
ප්‍රාර්ථනා අකමැති කිසිම දෙයක් නොකරන බවට සමීර තමන්ටම පොරොන්දු වුනේ ඇයට කැමති වූ දිනයෙදිමයි.
සමීර යකඩ පොල්ල තිබෙන අත ඔසවාගෙනම ප්‍රාර්ථනාගෙ මුහුණ දිහා බැලුවා.ඇය කලේ අහිංසක දෙනෙතින් ඔහු දෙස බලන් ‘එපා’ කියන්නට මෙන් හිස දෙපසට වැනීම පමණයි.
ඒ අහිංසක බැල්ම යක්ෂාවේෂ වුන සමීරව කීකරු කලේ සියලු දෙනාම පුදුමයෙන් බලන් සිටියදීමයි.ඉන්දියාවේ දෙමල චිත්‍රපටයක දර්ශනයක් මෙන් රියදුරන් දෙදෙනාත් කොන්දොස්තරවරුන් දෙදෙනාත් මැද සිටිද්දි බස්රථ දෙකේම මගීන් ඔවුන් වටකරගෙන සිටියෙ කුමක් සිදුවේදැයි බිය මුසු අවිනිශ්චිත හැඟීම්වලින්.තුෂාරගෙත් සමීරගෙත් අත්වල පමණයි ආයුධ තිබුණෙ.
“මේක අහගනින්.මෙයා හින්දයි උඹලා දෙන්නා අද බේරුණේ.අපි මෙච්චර කාලෙකට කාටවත් කපලා නෑ.හැබැයි….. ඔහොම සද්දෙන් ආවොත් නිකන් බොරුවට,…..තොපිලා දෙන්නව මරණවා.
බස් එක සී බී එස් නේ.උඹලා ඔය සද්දෙ දාපන් කොළඹ.මෙහේ සද්දෙ දාන්න එන්න එපා.හරිද.මගේ හිත වෙනස්වෙන්න කලින් බස්එකත් අරන් පලයන්.
ආ….යන්න කලින් මේකත් අහගනින්.ඕකෙ ඉන්නෙත් මිනිස්සු.මේකෙ ඉන්නෙත් මිනිස්සු.අපි මේ අහිංසකයන්ව පරිස්සමින් එක්ක යනකල් මේ හැමෝගෙම ගෙවල්වල මිනිස්සු බලන් ඉන්නෙ බයෙන්.සල්ලි හින්දා පණතියෙන මිනිස්සු නැතිකරන්න එපා යකෝ.උඹලා වගේ එවුන් තමයි බස් එපාකරවලා තියෙන්නෙ මිනිස්සුන්ට.දැන් පලයන්…….”
සමීර තිබුන කෝපය වචනවලින්ම පිටකරලා දැම්මා.නැතිනම් සමීර තවමත් වෙව්ලනවා කේන්තිය නිසා.ලංගම බස්රථයේ දෙදෙනාම ඉක්මනින්ම ගොස් මගීන් ටික නංවාගෙන එතැනින් පිටත්ව ගියේ තව වෙලාවක් සිටියහොත් සමීරලාගෙන් යකඩ පොලු පහරවල් ලැබෙන බව දැනුනනිසා.
සමීර ප්‍රාර්ථනාගෙ පැත්තට හැරුණා.
“ඔයාට ප්‍රශ්නයක් නෑ නේද රත්තරං.ඔයාට කරපු දේට අරුන්ව මරණවා මම ඔයා එපා නොකිවුවනම්.අනික ඇයි ඔයා මේකට මැදිහත් වුනේ…මොකටද අරුන්ට වඳින්න ගියේ…මං කැමති නෑ ඔයා ඔයාගෙ පවුලෙ අයගෙන් එහා පිටඑවුන් වෙන එකඑකාට වැඳගෙන යනවට……”
“මම කොහොමද මගෙ රත්තරං සුදු අයියට ගහනවා බලන් ඉන්නෙ….”
ප්‍රාර්ථනා කිවුවෙ ඇස්වල කඳුළු පුරවගෙන.
” ඉතින් ඇයි රත්තරං මාව නැවැත්තුවෙ.දැක්කනෙ ඌ ඔයාව තල්ලු කරපු හැටි…”
සමීරට ඒ සිද්ධිය මතක් වෙද්දිත් කේන්තී.
“මගෙ සුදු අයියේ…..ඔයා එයාට ගහලාඑයාට මොකක්හරි උනානම් ඔයාට හිරේ යන්න වෙනවා.මම කොහොමද අයියෙ ඔයා හිරේ ගිහින් අපරාධකාරයෙක් වෙනවා බලන් ඉන්නෙ……”
සමීරට ඇය ගැන ඇතිවුනේ ලොකු ගෞරවයක්.
“හරි රත්තරං අපි එහෙනම් යමු.මට එකම දුකයි තියෙන්නෙ අපි දෙන්නට අද තිබුණ සතුට නැතිවුණ එක.”
“හිතන්න එපා සුදු අයියේ ඒගැන.අපිට අපි ඉන්නවනෙ.ඉතින් සතුට හැමදාම තියෙයි….”
ප්‍රාර්ථනා පැවසුවෙ බස්රථයට යන ගමන්.
බස්රථය මැදවච්චිය ට කිට්ටු වෙද්දි කලින් තිබුණ දුක ආයිත් සැරයක් සමීරගෙ හිතට වේදනාවක් ගෙන දුන්නා.
ප්‍රාර්ථනායි නිමේෂායි බස්රථයේ ඉස්සරහට ආවෙ සමීරගෙ මුහුණ බලලා බහින්න ප්‍රාර්ථනාට උවමනා උන නිසාමයි.
“ප්‍රාර්ථනා ඔයාලා කොහොමද යන්නෙ දැන්.මම වීල් එකක් කතාකරලා දෙන්නද.?”
සමීරට දැන් තවත් බයයි ප්‍රාර්ථනා ගැන.ඇයව පොඩි දුරක්වත් තනියම යවන්න ඔහුට හිතුනෙ නෑ යාළුවා හිටියත්.
“නෑ සුදු අයියේ….අපේ අයියා අද ඩියුටි ඕෆ්.එයා ඇවිල්ලා ඇති හන්දියට….මම කෝල් කලා මගදි….”
“ආ ඔව් ඔය ඉන්නෙ මගෙ මස්සිනා ඇවිල්ලා….”
සමීර විහිලුවට අහක බලාගෙන වගේ කිවූ විදියට ප්‍රාර්ථනාටත් හිනහ ගියා.
“පරිස්සමින් යන්න පුංචි දොස්තර නෝනා.ගිහින් මැසේජ් එකක් දාන්න හොඳේ….”
සමීර කිවුවෙ දුකෙන් වගේ.නොකිවුවත් ප්‍රාර්ථනාටත් ගොඩක් දුකයි.
“හරි සුදු අයියේ.ඔයත් පරිස්සමින් යන්න.අර කට්ටියත් එක්ක රණ්ඩු වලට යන්න එහෙම එපා හොඳේ…..”
හිතයටින් දුකින් වුවත් යන්තමින් හිනාවෙලා ප්‍රාර්ථනා කිවුවා.බස්රථය නැවැත්වූ පසු ප්‍රාර්ථනාගෙ අයියා බස්එක ළඟට ආවෙ සමීරට දෙයක් කියන්නමයි කියලා සමීරට කලින්ම ඔහුගෙ මුහුණ දැක්කම තේරුණා…
“ආ..සර්……කොහොමද ඉතින්….”
“ඉන්නවා මල්ලි ඉතින්.අද ඕෆ්.ඉතින් නංගිව එක්කන් යන්න ආවා…..මේ උඹට කේස් එකක් දැම්මලු නේද කලින් ආව සීටීබී එක.ඌව අපේ කෑම්ප් එකේ පොඩ්ඩක් නවත්තගෙන ඇති.උඹත් පොඩ්ඩක් නවත්තලා පලයන්.ඕවා හැමදාම හිතේ තියන් ඉඳලා හරියන්නෑනෙ.ශේප් කරගනින්.එකපාරෙ දුවන අයනෙ…..”
සමීරත් හිනාවෙලා ඔලුව වනලා හෝන් එකකුත් ගහලමයි එතනින් පිටත් වුනේ.ඒත්එක්කම හිතත් ප්‍රාර්ථනා එක්ක රාජා හෝටලේ ළඟින් බැහැලා කියලා සමීරට හිතුනෙ ප්‍රාර්ථනාවම මතක් වෙන නිසා.
“කොහොමද බන් ඒ සීන් එක අර නංගිගෙ අයියා දන්නෙ…..?”
තුෂාර අැහුවෙ කිසිදෙයක් සිතාගන්න බැරිවයි.
“ඇයි තුෂාර අයියෙ මගේ පුංචි දොස්තර නෝනා කේලම අයියගෙ කනේ තියන්න ඇති….ඒකයි…
එයා හිතන්න ඇති අපිට මෙහෙදිත් කේස් දායි කියලා උන්…පව් අහිංසක කෙල්ල…..”
“මොනා උනත් උඹ මාර චාන්ස් එකෙක් බන්.ඒවගේ හොඳ කෙල්ලෙක් ජීවිතේට ආයි හම්බවෙන්නෙ නෑ.පරිස්සම් කරගනින්..”
තුෂාර කිවුවෙ අවංක හදවතින්මයි.
කෑම්ප් එක ලඟට යද්දි පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පලට අයිති වව්නියාව 15 කොළඹ අර්ධ සුඛෝපභෝගී බස්රථය නවතා තියෙනවා දැක්ක සමීර තමන්ගේ බස්රථයත් ඊට පිටුපසින් නවත්වා තුෂාර සමඟ බැස ගියා.
“ආ කොල්ලා.මුන් ද උඹලට සද්දෙ දැම්මෙ….”
හමුදා නිලධාරියෙක් සමීරගෙන් ඇසුවෙ සමච්චලයට මෙන්ය.
“ඔව් සර්…මුන් තමයි….”
සමීරත් තුෂාරත් සිද්ධිය මුල ඉඳන්ම කෙටියෙන් පැහැදිලි කලා.
“මේ මේ සල්ලි වලට මරාගන්නැතුව පරිස්සමට යනවා.අද ඊයෙ බස් එළවන අය නෙවෙයිනෙ.අමුතුවෙන් ඔය වගකීම ගැන කියන්න ඕනි නෑනෙ…..ආයි වලිදාගෙන අහුවෙන්න එපා….හරිද….”
“හරි සර්…..අපි යන්නද එහෙනම්…..?”
“හා හා යනවා.ආයි කියන්න තියන්න එපා…..”
හමුදා නිලධාරියගෙ වචන වලට හිසනමා ඔවුන් පිටත් වුනා.
“හරිනෙ මල්ලි.අසංකයා කෝල් කරලා කිවුවා උගේ නංගි උඹලගෙ කේස් එක කිවුවා කියලා…ඒකයි උන්ව නවත්ත ගත්තෙ….”
හමුදා නිළධාරීන් එහෙම කියද්දි සමීරත් තුෂාරත් මුහුණට මුහුණ බැලුවෙ යන්තමින් හිනාවෙලා.
“හරි හරි පරිස්සමින් යන්න දැන්.ගහන්න යන්න එපා බන්….මොකක්හරි වුනොත් උඹලටමයි හිරේ ඉන්න වෙන්නෙ…”
“ගහන්න හිතෙන්නැද්ද සර් තව පොඩ්ඩෙන් මමයි තුෂාර අයියයි අරකෙ පස්සෙ ෂීට් එකේ අයයි සේරම ඉවරයි අරූ පස්ස තිබ්බ හින්දා.වෙලාවට බ්‍රේක් කරගන්න පුලුවන් වුනේ….”
“ඒකනම් ඇත්ත තමයි බන්.කාලකණ්නි..හරි හරි දැන් යන්න පරක්කුත් ඇතිනෙ….”
බස්රථය වව්නියාව බස් නැවතුමට ලඟාවෙද්දි අලුයම 4.30 ත් පසුවුනේ බාධක රාශියක් පසුකරන් පැමිණි නිසයි.