ඔන්න ඉතින් මන් ඉස්සරලම ගිය පාසෙලේදි තමයි මේක උනේ. මන් 9/10 වගෙ. මේ නිවාසාන්තර උත්සව තියෙන කාලෙක උන සිද්දියක්. දැන් අපේ නිවාසෙන් දුවන්නෙ මගෙ හොදම යාලුවෙක්. ඉතින් මන් මෙයාටයි අපේ නිවාසෙටයි දෙකම වෙනුවෙන් කෑ ගහන්න හිතාගෙන මාත් හෙන උද්යෝගෙන් ඉන්නවා. දැන් තරගෙ පටන් ගත්තා. තරගෙ පටන් ගත්තා විතරයි මෙන්න් යකෝ මෙන්න අයියලා ටික බයික් අරන් සර්ලත් එක්ක රේස් එකෙම යනවා..අපෙ නිවාසෙනුත් ගියා..
මටත් දැන් යාලුවට සප් එක දෙන්න හෙනම උවමනාව. ඒත් බොලේ මන් කොහෙන් බයික් හොයාගන්න්ද? එහෙම කියලා මට පුළුවන් ද යාලුවාව තනි කොරන්න? බල බල ඉදලා හරි යන්නෙ නෑ කියලා අතේ තිබුනු ගිලූකෝස් උරෙත් උන්ඩි කරාගෙන කකුල් දෙකටත් වැද නමස්කාර කරලා මත් ගියා යාලුවා පස්සෙ.. දැන් ඌ දුවනවා මන් කෑ ගහනවා.. බයික් එකෙ යන එවුන් මටත් හොන් ගහනවා පාරෙන් අයින් වෙන්න කියලා… මන් සැලෙනවද ඕවට හහ්!…..
දැන් මන් යුනිෆෝම් එක පිටින් පාරෙ දුවනවා.. ඌට කෑ ගගහ උගෙ වේගෙන්ම මාත් යනවා.. මගක් යනකොට
මන්.-: අම්මෝ මට බෑ බන් දැන් නම්.. දිවත් එලියට පැනලා මගෙ.. කොටින්ම මගෙ දිව තාරපාරෙ.. ඒත් ඒකි නෙමෙයි මුකුත් කියන්නෙ.. කොරන්න දෙයක් නෑ මැරිලා වැටෙන්න වගේ එන නිසා මන් කෑවා ගිලුකෝස් ටිකක්.. කාලා ආයෙ පටන් ගත්තා දුවන්න….. ඔන්න එතකොට සර් කෙනෙක් ඇවිත් යාලුවාට වතුර දෙන්න්ද ඇහුවා ඒකටත් දැන් මේකි එපා කීවා. කට ඇරලා නෙමෙයි අතින්.. මොකද ඒකි දුවද්දි කතා කරන්නෙ නෑ…..සර් මට වතුර බෝතලේ දුන්නා මගෙ අතට.. ඒකිට දුවන්න පුළුවන් උනාට මට දුවන්න පුලුවනයැ.. ඒකිට එපා නම් මට මොකො මන් ඒකෙනුත් ටිකක් බීවා.. දැන් ඕන් ටිකක් හොදා මට… ආයෙ දුවනවා ඉතින් රෙදි කරේ තියන්.. ආයෙ මගකින් ග්ලූකෝස් ටිකක් කනවා ආයෙ දුවනවා… ඒකි නෙමෙයි මන්!
දැන් අපි ඉන්නෙ 5 වෙනියට වගේ..දැන් සර්ත් අපිත් එක්ක.. සර් කීවා ලග ලගම තව නිවාසෙකින් ළමයෙක් එනවා කියලා.. ඔන්න ආව බයත් එක්ක ශක්තිය , දුවමු මචෝ කියලා දැන් දුවනවා දෙන්නම… ඒකිට නෙමෙයි මටයි බය. මොකද දැන් පස්සෙන් එන එකා මාව පහුකරගෙන ගියොත් මට යාලුවා ලගට යන්න වෙන්නෙ ඌවත් පහුකරගෙනමනෙ.. එච්චර හදියක් කරන්න තරම් ශක්තියක් මගෙ පංචස්කන්දෙ ඉතුරු වෙලා තිබ්බෙ නෑ.. ඒ හින්දා මාත් ගේම අත ඇරියෙ නෑ ෆුල් වීරිය අරන් දිව්වා යලුවා පස්සෙන්ම…
ආයෙත් රවුම් පාරකින් තමයි කැරකිලා එන්න තියෙන්නේ ඉකෝලෙට. දැන් ඉතින් ඉස්කෝලෙට ලගයි.. දැන් මන් ගිරිය කඩාගෙන කෑගහනවා.. කෑ ගහනවා කීවට කෑ ගහන්න හදනවා මිසක් සද්දෙ පිටවෙන්නෙත් නෑ. අනේ ඔන්න ඉතින් ස්කෝලෙ දැන් පේනවා.. අම්මේ තියෙන සතුට… යකෝ යම්න්!!!… තව ටිකයි!!! .. කටින් නෙමෙයි මේව හිතින් කියවෙන්නේ.. මගෙ බඩත් දැන් සුපිරියටම කොර වෙලා මහ බඩවැලයි කුඩා බැඩවලයි දැන් උන්ඩුකපුච්චෙ හරියෙ වගේ කියලා දැනෙනවා මට.. බඩේ ඉන්න පන්වො ටික ෆුල් අන්දොස් වෙලා සුවර් එකටම…
අන්න යකෝ අපේ ස්කෝලේ..පුදුම ගැම්මක් එන්නේ… දැන් නිකන් කකුල් බකල් මගේ.. ඉස්කෝලේ පෙනි පෙනී වැදුනා හෙනයක් පිංවතුනි මට… අම්මා.. කටපුඅරවලා වතුර බාල්දියක්.. ඒකත් තරගකරුවන්ට වැදුන එකක් නෙමෙයි මේ යුනිෆෝම් ඇදන් ඉන්න මටයි වැදුනේ.. වතුර පාරෙ සැරේට තව අඩියක් ඉස්සරහට ගියා මාව.. කොහොමහරි මගෙ කකුල් පිටිපස්සෙ පපුව ඉස්කෝලෙ.
අවසානෙ ඉස්කොලෙට ආවා.ඒත් ඉතින් අපි 3වෙනි ස්තානය. 3න කීවට යාලුවා 3 මන් 4.. ඒත් මන් තරගකරුවෙක් නෙමෙයි.. පස්සෙ හිතුනා යකෝ මාත් දීවා නම් මොකද කියලා.. 😁😁
සහය”ට” දිවීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email