ගෙදර පුසා නාවන ලේසිම ක්‍රමය (අදහස්)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අද මම් ඔයාලට කියලා දෙන්නෙ ඔයාගෙ පූසා නාවන ලේසිම ක්රමයක් ගැන. හූරගන්නෙ නැතුව..
සමුහයේ සහෝදරියෙක් අහලා තිබ්බා පූසව නාවන්නෙ කොහොමද කියලා උදව්වක් හැටියට මේක දාන්නෙ.. අනවස්ස කලබල ඇතිකරගන්න එපා අනිත් ඈයො. ඔයාලා නාවන වෙන ක්රම තියේ නම් ඒ ඒ විදියට නාවන්න.. මෙ මගේ ක්රමය. 😌😌
අවශ්ය ද්රව්
*එක සමාන බේසම් දෙකක්
*ශැම්පූ පැකට් එකක්
*රෙදි කෑල්ලක්
*අවශ්ය පමනට වතුර
*‎පූසෙක්
ගෙදර පුසා නාවන්න ගිහින් හූරගෙන හපාගත්ත ඈයො ඇතිනෙ. ඉතින් මේ ක්රමයෙන් ඔයාට පුලුවන් ඔයාගෙ පූසව ලේසියෙන්ම නාවගන්න..
(01) පලමුව බේසම් දෙක ගන්න . එක බේස්මකට වතුර පුරවා එයට ෂැම්පු දමා පෙන හදාගන්න.. අනිත් බේසම ක්ශනිකව ගැනීමට හැකිවන පරිදි ලග තබාගන්න..
(02) පුසා ඉන්න තැනට හොරෙන් ගොස් ඌව අල්ලා ගන්න. දැන් හුරතල් කරන ගමන් උගෙ ඇස් දෙක වහන්න.. අතින්… එසේ හුරතල් කරන ගමන් පූසාව ගෙන ගොස් ජලය පුරවන ලද බේසමට දමන්න.. දමන ගමන් අනිත් බේසම උඩින් වහන්න..
(03) දැන් එම බේසම් දෙකෙ කරෙන් අල්ලන් හොඳට හොල්ලන්න.. කරකන්න. වොශින් මැශින් එකක් මෙන්. දකුනට 10 යි. වමට 10යි.
(04) පසුව උඩ බේසම ඉවත් කරන්න. පිරිසිදු වූ පූසා තෘශ්නිම්බූත වෙලා උඩ බලන් ඉන්න අයිරු ඔබට දැක ගත හැකිවේ..
(05) පෙන පිටින් පූසා දිව යයි. දැන් ඌට යන තැනකට ගොස් ඉන්න ඉඩ හරින්න. ඔබ ශේප් එකේ ලොකු වතුර පනිට්ටුවක් අරන් යන්න. ඌ බිම බලන් ඇඟ ලෙවකකා සිටීවි. දැන් අර වතුර බාල්දිය කැම්පස් එකේ උන්ට වතුර ගසන්නා ක් මෙන් අත දිග හැර පූසාට ගහන්න.. එයින් පූසා සේදී විසිවී යනු ඇත.
(06) දැන් වෙන තැනකට ගොස් සිටින පූසා අවුවේ ඇඟ ලෙවකමින් ඔබ දිහා බලාගෙන ඔබේ අම්ම මතක් කරන සැටි බලන්න…
දැන් ඔබ ලැබූ ජය සාමකාමීව සමරන්න…😊😊
(සැ: යු මෙලෙස කිරීමෙන් පූසා අන්ද මන්ද වී සිටී පෙනෙනු ලැබේ. එම ගතිය මද වේලාවකින් මග හැරී යයි. )
(Facebook එකෙන් උපුටා ගැනීමකි. කතෘ සොයාගැනීමට නොහැකි විය)

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!