ඒත් එක්කම ප්රාර්ථනා ලොකු දෙයක් ගැන කල්පනා කලා,මාළිගාව දිහා බලාගෙනම.ඇස්වල තිබුණෙ සමාව ඉල්ලන අසරණ බැල්මක්.ඒත් ඒ බව සමීරට පෙනුනෙ නෑ.
මුළු නුවරම පෝය දවස නිසා වෙන්නැති ගොඩක් සෙනඟ.වැස්ස නැති වුනත් සුපුරුදු පින්න බිම සිපගන්න ,ළා හිරු රැස්වලින් අවසර පතනවා වගෙයි පෙනුනෙ.
ළා හිරු රැස් එක්කම ඒ ළා පින්න සිරුරෙ දැවටෙද්දි අමුතුම චමත්කාරජනක හැඟීමක් සිතේ ඇති කරනවා.සමීර ඒ වෙලාවෙ වින්දෙ ඒ හැඟීම.ඒ නිසාමයි ප්රාර්ථනාගෙ ඇස්වල සැඟවුණු පණිවිඩය දකින්න ඔහුට නොහැකි වුනේ.
“මගේ පුංචි දොස්තර නෝනා ඇයි සද්දයක් නැත්තෙ.?”
සමීර ඇහුවෙ ප්රාර්ථනාගෙ සියුමැලි කම්මුලක් මිරිකන ගමන්.
“අනේ නෑ සුදු අයියේ…..මොකුත් නෑ…..”
සමීරගෙ අත ඒ කම්මුලට තියා ප්රාර්ථනාගෙ අතින්ම තදකරගෙන ප්රාර්ථනා කිවුවෙ අමුතුම දඟකාර බවකින්.සමීර මොහොතක් ඒ දඟකාර අහිංසක ඇස්දෙකට සමවැදිලා ඇය දිහාම බලන් හිටියා,ගොඩක් ආදරණීය බැල්මකින්.
සමීරට ඇසිපිය ගහන්නත් ලෝබයි.ප්රාර්ථනාගෙ අහිංසක මූණ ලැජ්ජාවෙන් රතුවුනා.
“සුදු අයියේ මොකෝ මේ….වශී වෙලාවගේ…..”
ප්රාර්ථනා අනිත් අතින් ඇගේම මුව තදකරගෙන හිනාවුනා.
“ම්……වශී නොවී තියෙයිද?මේ ලස්සන අහිංසක මූණට.මට මෙයාව ගොඩක් පරිස්සම් කරන්න වෙයිනේද කියලා මං කල්පනා කලේ……”
අනික ඉතින් මැදවච්චියෙ කාෂ්ඨකේ පතොක් මල් අතරෙ පිපුණ, එකම, ලස්සනම සුදු නෙලුම් මලට ආරක්ෂාව වැඩියෙන් ඕනිනෙ.බඹරුන්ට තියා මීමැස්සෙක්ටවත් ලංවෙන්න නොදෙන වගකීම මටනෙ තියෙන්නෙ……”
සමීර හරි ලස්සනට කියාගෙන ගියා කවියක් වගේ……
“මගේ සුදු අයියා හරි ලස්සනට කවි කියන්නත් දන්නවනෙ.ආ……කොහෙන්ද ඕවා ඉගෙන ගත්තෙ…….”
“අමුතුවෙන් ඉගෙන ගන්න ඕනි නෑ ,,,,ඔය පුංචි දොස්තර නෝනගෙ මූණ දැක්කම කවි පද ගලාගෙන එනවා ඉබේම……”
සමීර ප්රාර්ථනා ඉස්සරහා චූටි ලමයෙක් වගේ හුරතල්…..ප්රාර්ථනා ආදරේ කලේ ඒ හුරතල් මූණට.එදා මැදවච්චියෙ රාජා හෝටලේ ළඟින් කාත්කවුරුවත් නැති පේරාදෙණියට එන්න බස්එකට නගිද්දි සමීර බලන් හිටියෙ ඔය හුරතල් බැල්මෙන්ම නේද කියලා ප්රාර්ථනා කල්පනා කලේ.
“මේ සුදු අයියේ…..දෙයක් කියන්නම්…..”
“ම්….කියන්නකො…..”
“ඔය හුරතල් පෙනුම සෙනඟ ඉන්න තැන්වලදි තියාගන්න එපා හොඳේ……”
“ම්…ඔයා කියන විදියකට ඉන්නම්….හැබැයි මට හේතුව දැනගන්න පුලුවන්ද මැඩම්……”
“ඔය ඉතින් එපා කිවුවම ආයි හුරතල් විදියට ඉන්නවා……”
ප්රාර්ථනා කිවුවෙ සමීරට යන්තමින් රවලා.ඒත් ඒ බැල්මත් අහිංසකයි කියලයි සමීරට හිතුනෙ.
“හරි පැටියෝ….හේතුව මොකක්ද කියන්නකො…..”
“ලොකු දෙයක් නම් නෙවෙයි ඒත් ඔයා ඔහොම හුරතල් විදියට ඉන්නකොට මේ හුරතලේට අහුවෙලා පස්සෙන් එන කෙල්ලො කීදෙනෙක්ට ගහලා පන්නන්න වෙයිද මට……”
ඒ වචන වලට සමීර බඩ අල්ලගෙන හිනා වුනා.ප්රාර්ථනා ලැජ්ජාවෙන් සමීරගෙ ඔලුවට තට්ටුවක් දැම්මෙ මිනිස්සු බලන් ඉන්න හින්දා…”
“අයියෝ….ඔය ඉතින්…..අර මිනිස්සුත් බලන් ඉන්නවා.මම හිනායන දෙයක් කිවුවයැ……”
ප්රාර්ථනා තවමත් රවාගෙන සමීර දිහා බලන් ඉන්නවා.ඒ මූණ දැක්කම සමීරට තවත් ප්රාර්ථනා ගැන ආදරේ හිතුනා…..
“ඉතින් මම වැරදි දෙයක් කලායැ.හිනාවුනා විතරනෙ….ඇත්තටම මගේ මේ අහිංසක මූණට ගෑණුලමයි අහුවෙලා මගේ පස්සෙන් එයිද…….”
සමීර හිනාව අතරින් කතාකලේ.එක්වරම හිනාව නවත්තගන්න සමීරට බෑ.
“ආවදෙන්කො පස්සෙන්……සිලින්ජරේකින් විදින්නෙ…….”
“කාටද ගෑනු ලමයින්ටද මටද?….”
“ගෑනු ළමයින්ට.ඔයාට විදින්නෙ මොකටද ඔය හුරතල් මූණ මගේනෙ……”
සමීර හිනාවෙලා ප්රාර්ථනාගෙ කරෙන් අල්ලලා ඇඟට තුරුලු කරගත්තා.
කතාවෙන් කතාව වැව ලඟටම ඇවිත්.සමීරටවත් ප්රාර්ථනාටවත් ඒබවක් දැනුනෙවත් නෑ.
“වාව් හරිම ලස්සනයි නේද සුදු අයියේ.අර බලන්නකො වැව්බැම්ම දිගේම රෝසපාටයි…හරිම ලස්සනයි.වැවෙත් අයින්වල ඒ මල් වැටිලා….”
ප්රාර්ථනා දඟකාර ගමනින් සමීරගෙන් මිදිලා හෙමිහිට දුවලා ගිහින් බිම තිබුන රොබරෝසියා මල් ටිකක් දෝතට ගත්තා.
ඒත් එක්කම කොහෙන්දෝ ආව සුළඟක් රූස්ස රොබරොසියා ගස්වල පිපිලා තිබුන රොබරෝසියා මල්වලින් ප්රාර්ථනාව නෑවුවා.ප්රාර්ථනාගෙ යටිපතුල ලඟටම දිග සුදුපාට ගවුමෙ තැනින් තැන රොබරොසියා මල්පෙති රැඳුනා.
ඇය දෙපසටම අත්දෙක විහිදුවලා දෑස් පියාගෙන වටේට කැරකුනේ ඒ සුන්දර හැඟීමෙන් වශීවෙලා….
සමීර නැවතිලා අත්දෙක බැඳගෙන බලන් හිටියෙ ඇයගෙ දඟකාරකම දිහා.සමීර ඒ දඟකාරකමට ආදරේ කලා.
ටිකක් එහාට වෙන්න හිටිය කොල්ලො දෙතුන්දෙනෙක්ගෙ බැල්ම ප්රාර්ථනාගෙ පැත්තට වැටෙනවා සමීර දැක්කෙ අහම්බෙන්.සමීර ඉක්මනට ගිහින් ප්රාර්ථනාව වැලඳගත්තෙ ඇස්වලින්වත් ප්රාර්ථනා ගැන වැරදි දෙයක් කවුරුවත් හිතනවට සමීර අකමැති නිසා……
“ඇ….ඇයි සුදු අයියේ…..? “
ප්රාර්ථනා කලබල වුනේ එකපාරම තමන්ව සමීර වැළඳගත් නිසයි.ඇයගෙ දෑස් අමුතු බයකින් පිරිලා කියලා සමීරට පෙනුනා.මොහොතකට කලින් තිබුණ අවිහිංසක දෑස් ,ඇයගෙන් සමීරට මේ වෙලාවෙ පෙනුනෙ නෑ.
“හරි හරි…පුංචි දොස්තර නෝනා බයවෙන්න එපා.අපි අර පැත්තට යමු.ඒ පැත්තට වැවේ ගොඩක් දුර ලස්සනට පේනවා.”
සමීර කොල්ලො දෙතුන්දෙනා දිහා රවලා බලලා ප්රාර්ථනාගෙ හිත හැදුවා.කේන්තිගිය බවක් සමීර ඇයට පෙන්වුවෙ නෑ.
අත්අල්ලගෙන දෙන්නම වැවේ සුන්දරත්වය විඳිමින් ඉස්සරහටම ඇවිදගෙන ගියා……මග දිගට රෝස පාටින් මල් පලසක් ඇතිරුවා වගේ.සමීර ඒ රොබරොසියා පලස උඩින් ප්රාර්ථනාව වැව අයින දිගේ එක්කගෙන ගියා.
දෙදෙනාම නතර වුනේ වැව රවුමෙ අයිනක තිබුණ පුංචි බංකුවක් ළඟ.ප්රාර්ථනාව ඒ බංකුවෙ ඉන්දවලා සමීරත් ඇය ලඟින්ම වාඩි වුනා.එතනට මාළිගාව ගාම්භීරත්වයක් එක්කම ලස්සනට පෙනුණා.
තාත්තා කෙනෙක්ගෙ සෙනෙහස රැකවරණය වෙනුවට අයියගෙ සෙවණෙ හැදුන ප්රාර්ථනාට සමීර ළඟ ඉද්දි නන්නාඳුනන නුවරක උනත් දැනුනෙ තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආරක්ෂාවක්.කෙල්ලෙක් නතර වෙන්නෙ ඒවගේ ආරක්ෂාකාරී හැඟීමක් ළඟ.
මොනතරම් සැපසම්පත් තිබුණත් ඒ ආරක්ෂාව දැනෙන්නෙ නැතිනම් ආදරයට ඒ හදවතේ ඉඩක් නෑ….සමීරට අත්දැකීම් නැතත් ඒබව දැනන් හිටියා.මොනතරම් ආදරේ ඒ හදවතේ තිබුණත් සමීර තමන්ගෙ සීමාව රැකගත්තා.ආදරේට සීමාවක් නෑ.ඒත් හැඟීම්වලට සීමා තියෙනවා.
ඒ සීමා හදාගත්තෙ සමීරමයි.තමන්ගෙ ජීවිතේටත් වඩා ඔහු ප්රාර්ථනාගෙ ආත්ම ගරුත්වය ගැන හිතුවෙ.මේ මල තමන් වෙනුවෙන් පිපුනත් ගහෙන් වෙන්කරලා නෙලාගෙන පරවෙලා යනවට සමීරගෙ හිත කැමති වුනේ නෑ.
ප්රාර්ථනා සමීරගෙ පපුවට හිස තියාගෙන සැහැල්ලුවෙන් දෑස් පියාගත්තෙ….ඒ මොහොතේ ඇයගෙ මුවේ ලස්සන සිනා රැල්ලක් ඇඳිලා තිබුනා….
සමීර වැවේ නැගෙන පුංචි රැලි දිහා බලන් දෙන්නගෙ අනාගතේ ගැන සැලසුම් මැවුවෙ දළදා සමිඳුන්ගෙ ආශිර්වාදයත් ලැබේවි කියා විශ්වාසය හිතේ පුරවන්.