දැන් මාසෙකට විතර කලින් මන් ගියා අපේ පුංචිගෙ දුවත් එක්ක මට ඇදුම් ටිකක් ගන්න. මොකද කොරෝනා කාලෙ ගොඩක් අය තියලා දෙසුවට මංතුමී හැගීම් ටික මෙට්ට අස්සෙ දාලා හිත් හදාන තදටම ඩයිට් ප්ලෑන් එකක හිටියා. ඒකෙ ප්රතිපලයක් විදියට කිලෝ 13ක් 15ක් අතර ප්රමාණයක්ම අඩුවෙලා දියවෙලා ගිහින් දැන් ඉන්නවා කෑල්ල වගේ ස්ලිම්ෆිට් එකට බැබිලි බැබිලි. (කියලා හිතන් ඉන්නවා ).
ඉතින් දැන් මට පුදුම උනක් තිබ්බෙ චුටි චුටි ට් ෂර්ට් කෑලි අදින්න. මොකද මේ වෙනකොට මන් අඩි විසිපන්දාහක් විතර උඩින් හිටියෙ. එහෙම ඉන්නත් වටිනවා මන් නම් කියන්නෙ.. ඇගෙන් බාගයක්ම සුනමියට ගිහින් වගේ. ඉතින් දැන් ඔන්න නංගිත් එක්ක ප්රසිද්ද නගරෙක නොලිමිට් ආයතනයකට ගියා. එතකොට මේ ආයතනෙ ලේඩිස් වෙයා එකේ චිල්ඩ්රන් ප්ලෙ ඒරියා එකක් හදනවා. එතන බාස් මාමලා හතක් අටක් වැඩ. රෙදි ගන්න ගෑනු අය වැඩියෙ නෑ විස්සක් විසිපහක් වගේ ඇති.
මාත් ඉතින් දැන් තියෙන තියෙන හැම රෙදි කෑල්ලම ඇදලා බලනවා. ෆිට් ඕන් රූම් එකටම හැටපාරක් විතර ගියා ඇති. රෙදි ගලව ගලව ඇදලම ඇගත් රිදෙනවා යකො. නුවර වැවේ මාලු පාන් ගිලිනවා වගේ දකින දකින වස්ත්රෙ ඇදලා බලන්න හිතෙනවා. කොහොමරි ලස්සන ෂෝට් ටී ෂර්ට් ටිකක් තිබ්බා. මාත් දැන් කෙල හලාගෙන ඔතෙන්ට ගියා. කෝක අදිනවද හිතාගන්න බෑ. මටත් තියෙන්නෙ ගෑනු අපි කාටත් තියෙන පස්නෙම තමයි..එක්කො මෙ සයිස් එකෙන් වෙන කලර්ස් තියනවද? නැත්නම් මෙ කලර් එකෙන් වෙන සයිස් තියනවද?
මොක උනත් කමක් නෑ ආසාව සංසිදවා ගන්නවා කියලා හිතලා ගත්තා එතනින් ෂෝට් ටී එකක් අරන් ඇන්දා එතනම උඩින් දාලා බැලැවා. ඔය හැටි ෆිට් ඕන් රූම් දුවන්න පුළුවන්යැ…. දුක තමයි රංජනී සෙට් වෙන්නෙ නෑ වගේ ඒවා නිකන් ඇගටම වගේ…. ඉතින් ගැලෙව්වා.. ආයෙ වෙන එකක් ඇන්දා.. ම්ම්ම්හ්ම්ම් හරියන්නෙ නැ.. ගැලෙව්වා.. ආයෙ එකක් ඇන්දා, නෙද….කින්.. සෙට් වෙන්නෙම නෑ උත්සාහෙ අතාරියෙ නෑ ආයෙ..ගැලෙව්වා.. ටී ෂට් හිර හින්දද මන්දා ගැලෙව්වට පස්සෙ මාර සනීපයි.. දැන් මන් තව එක්ක් හොයනවා දාල බලන්න.. එතකොටම..
අක්කේ.. අක්කේ…කියලා කෑ ගහනවා ඇහෙනවා..හුටා! අර පොඩි එකී.. යකෝ මට පොඩි එකීවත් අමතක උනානේ.. මේකිත් දැන් කලුකුමාරයා ආවේස වෙලා වගේ අර ඇදුම් රැක් වල පැටලවී පැටලවී දුවන් එනවා. සන්තානම් මෑනියනේ…මාව විශ්වාස කරලා කෙල්ලව බලාගන්න කියලා මාත් එක්ක එව්වෙ.. අනෙ බුදු නංගියේ කියාගෙන මාත් ගියා… දැන් දෙන්නම බය වෙලා… මෙකිගෙ සද්දෙට සිහියක් පතක් නැතුව තම තමන්ගෙ ලෝකවල හිටපු එවුනුත් පියවි සිහියට ඇවිත් කටවල් ඇරගෙන මන් දිහා බලාගෙන.. ඔන්න එතකොට මෙකි අහපි.. කෝ අක්කෙ ඇදුම???
හුටා!!!! ඇදුම රැක් එකේ…
පලි-: ට්රව්සර් එකයි ටී ෂර්ට් එකයි ඇදගෙන ගියෙ. ටී ෂර්ට් එක රැක් එකේ. බෑග් එක ඇද්ද නිකන් සුනාමියෙන් ගොයම් කපනවා වගේ මාස්ක් එක හොයාගන්න දෙයියනෙ කියලා මූනවත් වහගන්න හිතාගෙන. කලබලේට මොන මගුල කරගන්නත් බෑ නෙ ! ඇදුම දා ගත්තා!!! කුඩෙන් මූන වහගත්තා!!! සුපුරුදු මැරතන් වේගෙන් පහළට දිව්වා ආයෙ පස්ස නොබලා. මේ නොලිමිට් එක මොන නගරෙද තියෙන්නේ කියලා දන්නෝ දනිති තවමත් එතන චිල්ඩ්රන් ප්ලෙ ඒරියා එකක් හදනවා. ලොකුම සතුට එතන බාසුන් මාමලා හත් අට දෙනෙකු සිටීමයි.
එහෙනම් කොල්ලනේ කෙල්ලනේ රෙදිත් නෑ අපි ගියා..
_කතෘ අඥාතයි xD_