තුර්කි භූ කම්පනයෙන් දින 4 කට පසු, සුන්බුන් අතරින් නිරුපද්‍රිතව දැරියක් හමු වූ ප්‍රාතිහාර්යය

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
පසුගිය ඔක්තෝබර් 30 වැනිදා තුර්කියේ ඉස්මීර් නුවර ඇති වූ භූ කම්පනයේ සුන්බුන්වලට යටවී සිටි කුඩා දැරියක දින 04 කට ආසන්න කාලයකට පසු, ඊයේ (නොවැම්බර් 03) නිරුපද්රිතව මුදා ගැනීමට හැකිව තිබෙනවා.

ඒජියන් මුහුදු කලාපයේ පසුගිය සිකුරාදා ඇති වූ ප්රබල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ ඉස්මීර් නුවර ඉතා විශාල මහල් නිවාස සහ වෙනත් ගොඩනැගිලි එකක් මත එකක් වැටී ඒවායේ  ජීවත් වූ පුද්ගලයන් 104 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.  සුන්බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සොයමින් මෙහෙයුම් වල නිරත වූ ජිවිතාරක්ෂක කණ්ඩායම් වලට බොහෝ දුරට හමු වුණේ කොන්ක්‍රීට් තට්ටු අතර හිර වුණු මළ කඳන් පමණයි.

 

මෙහෙයුමේ සිව්වන  දිනය, ඊයේ වන විට සුන්බුන් අතරින් පණ ඇති පුද්ගලයකු සොයා ගැනීමේ බලාපොරොත්තුව තරමක් අඩු වුණේ, වතුර පොදක් හෝ නොලැබ, අනතුරට පත් වුනු කෙනෙක්ට  ජීවත් වෙන්නට පුළුවන් කාළය ඒ වන විට ගෙවී යමින් තිබුණු නිසයි.

හදිසියේම මෙහෙයුමේ නිරතව හිටි ගලවා ගැනීමේ නිලධාරියෙක්, ජෙනරේටර් යන්ත්‍රය වහාම නවත්වන ලෙස ඉල්ලන්නේ කුඩා දරුවෙකුගේ හැඩීමක් වැනි යමක් තමන්ට ඇසුණු බව කියමින්.  ප්‍රාතිහාර්යක් මෙන්, සුන්බුන් අතර සිර වූ අයිඩා ගෙසින් නිරුපද්‍රිතව සිටින අකාරය ඔවුන් දකින්නේ ඉන් අනතුරුවයි.

උදෑසන 9.40 ට අයිඩා පිටතට ගැනීමේ මෙහෙයුම ආරම්භ වුණා. කුඩා අයිඩා ට ශක්තිය තිබුණේ “අම්මා ඕනෑ” බව කීමටත්, යන්තම් හිස ඔසවන්නටත් පමණයි. දහස් ගණනක් දෙනාගේ යාඥාවන් එක් කරමින් ගලවා ගැනීමේ මෙහෙයුමේ තත්පරයක් පාසා අන්තර්ජාලය සහ රූපවාහිනිය හරහා විකාශය කෙරුණා. පැය භාගයක් ඇතුළත මුදවා ගැණුනු කුඩා දැරිය, ඇගේ නම අයිඩා බවත් තමන් හොඳින් බවත් පවසා තිබුණා.

රෝහල් ගත කළ අයිඩා, ඇගේ පියා සහ මාමා භාරයට ලබා දෙන බව නිලධාරීන් මාධ්‍යය ට පැවසුවා. බෝනික්කෙකු තුරුළු කරගත් කුඩා දරිය රෝහලේ ඇඳක මත විවේක ගනිමින් සිටි මොහොතේ ලබා ගත් ඡායාරූපයක් තුර්කි ජනපති රිසෙප් ටායිප් අන්තර්ජාලයට එක් කර තිබුණා.

අයිඩා රෝහල් ඇඳක් මත විවේක ගනිමින්

අයිඩා ගේ මව ජීවතුන් අතර සිටීද යන්න හෝ ඇය පිළිබඳ තහවුරු කළ තොරතුරක් ඊයේ සවස් වන විටත් ලැබී තිබුණේ නැහැ.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!