ප්‍රාර්ථනා ඒ විදියටම ඇස්පියාගෙන ටිකක් වෙලා සමීරගෙ පපුවට හිස තියාගෙන ඒ හදගැස්ම වින්දා.
“පුංචි දොස්තර නෝනා……”
“හ්ම්……..”
ප්‍රාර්ථනා කෙටියෙන් උත්තර දුන්නෙ අැස්පියාගෙනමයි.ප්‍රාර්ථනාට ඇස් අරින්නත් ලෝභයි.තව ටිකක්වෙලා එහෙම ඉන්න තියෙනවා නම් කියලා ප්‍රාර්ථනාගෙ හිත මිමිණුවෙ.
“අපි යමුද?….”
“කොහේද.?ඇයි මෙච්චර ඉක්මනට සුදු අයියේ.තවටිකක් වෙලා මෙහෙම ඉමු….අනේ සුදු අයියේ……..”
ප්‍රාර්ථනා ඇස් හීන්කරලා ඇහුව විදියට ඇයට එහෙම තව ටිකක් ඉන්න දෙන්න ඕනි කියලා හිතුනත් යන්න හිතුන ගමනට ප්‍රාර්ථනා කැමති වෙයි කියලා ඒ ඉල්ලීමට සමීර අකමැති වුනා.
“අපි යමු තව ලස්සන තැනක් තියෙනවා.එතනට….”
“කොහේද සුදු අයියේ….”
ප්‍රාර්ථනා නුවර තියෙන ලස්සන තැන් ගැන දන්නෑ..සමීර හිතන් ඉන්නෙ එහෙමයි.මැදවච්චියෙ කෙල්ලෙක් කොහොම දැනගන්නද නුවර ගැන.එහෙම හිතද්දි සමීරට හිනා ගියා.
මේ ලස්සන ඇයට පෙන්නුවෙ නැත්තම් තමන්ද ඒ ලස්සන විඳලා තේරුමක් නෑ කියලා සමීර හිතුවා.ඒ නිසාමයි ලැබුන නිවාඩුවෙ නුවර ලස්සනම තැන් ප්රාර්ථනාටත් පෙන්නන්න සමීර හිතුවෙ.
“බහිරව කන්ද.හරිම ලස්සන තැනක් එතන.ලොකු බුදු පිළිමයක් තියෙනවා.ඒ බුදු පිලිමෙ උඩටම අපිට නගින්න පුලුවන්.හරිම ලස්සන පන්සලක්……”
සමීර හරිම ආසාවෙන් බහිරවකන්ද ගැන විස්තර කලේ.ප්රාර්ථනාටත් ඒ විස්තරය ඇහුවම ආස හිතුනා ඒ ලස්සන විඳින්න.
“අපි ත්‍රීවීල් එකක යමුද…………”
“ඕනි නෑ මගෙ සුදු අයියේ ගොඩක් ම දුර නැත්තම් අපි පයින් යමු……”
“ඔයාගෙ කකුල් රිදෙයිද ඇවිදලා…..”
සමීර තමන්ගැන සියුම් විදියට හිතනවා කියලා ප්‍රාර්ථනාට දැනුණා.ප්‍රාර්ථනාවත් ඒතරම් ඇය ගැන සිතුවෙ නෑ.ඒත් සමීර ඇයට පුංචිම දුකක්වත් දෙන්න කැමති නෑ.
“අනේ මං ගැන ඔය තරම්ම හිතනවද ඔයා සුදු අයියේ……?”
“නැත්තම් මම වෙන කා ගැන හිතන්නද මෝඩියෙ……”
ප්‍රාර්ථනාගෙ හිසට හිමින්සැරේ තට්ටුවක් දාලයි සමීර කිවුවෙ.ඒක ප්‍රාර්ථනාට පොඩ්ඩක් රිදුනා.
“ආව්…..රිදුනා…..”
“අනේ රිදුනද මගෙ දොස්තර කෙල්ලට.සොරී…..”
සමීර තමන්ගෙ කන්පෙති දෙක අල්ලගෙන සමාව ගත්තෙ ආදරණීය විදියට….
හරි හරි…මගෙ සුදු අයියේ…..මගේ කකුල් රිදෙන්නෙ නෑ අනේ…..මං ආසයි ලස්සන විඳ විඳ පාරවල් වල ඇවිදින්න.අනික මෙච්චරම ලස්සන නගරයක.”
ප්‍රාර්ථනාගෙ දෑස් දීප්තිමත්.දහවල උදාවුනත් නුවර නගරයෙ බොහෝ තැන්වල රූස්ස ගස් නිසා සෙවණක් තිබුනා.පරිසරය පුරාමත් අමුතු සිසිලක් තිබුණු නිසා සමීරටවත් ප්රාර්ථනාටවත් වෙහෙසක් දැනුනෙ නෑ.
“පුංචි දොස්තර නෝනට මහන්සිත් අැතිනෙ.ආ….කන්න……”
සමීර ,සෙවනක නවත්වා තිබුණ කඩල කරත්තයකින් කඩල ගොට්ටක් ප්‍රාර්ථනාට අරන් දුන්නා.
“ඉතින් සුදු අයියෙ දෙන්නම කමු.ඔයාට නැතුව මම තනියම කනවද?
ප්‍රාර්ථනාට ආදරණීය බැල්මක් හෙලලා සමීරත් කඩල ඇටයක් අරන් කටට දාගත්තා.
ඔරලෝසු කණුව ළඟින් උඩ පාරෙ තරමක් ඉදිරියට ගිහින් පුෂ්පදාන බාලිකා විද්‍යාලය ළඟින් කන්ද උඩට තියෙන පාරෙ දෙන්නම ඇවිදගෙන ගියේ කිසි කලබලයක් නැතිව.මහනුවර පොලීසියත් තියෙන්නෙ පුෂ්පදාන බාලිකාව ළඟමයි.
සමීර , කලින් එකම වතාවක් පැමිණි මතකයටයි මේ යන්නෙ.සමීර මේ ගමන පුරාවට ප්‍රාර්ථනාගෙ අත අතහැරියෙ කඩල ගොට්ට මිලදීගන්න පමණයි.
මුලු මහනුවරම මේ කන්ද උඩට පේනවා.ඒත් යන්තම් මීදුමක් ඈත කඳුමුදුන්වල පැටලිලා තිබුණා.නුවරට ආශිර්වාද කරන්නට මෙන් බහිරව කන්දෙ සුවිසල් බුදුපිලිමය නගරය දිහා වෙනදා වගේම නෙත් යොමාගෙන ඉන්නවා.
“ලස්සනයි නේද?….”
“ඔව් සුදු අයියේ මෙච්චර ලස්සන පරිසරයක් මට පෙන්නුවට ඔයාට ගොඩාක් පිං සුදු අයියේ…..”
“තනියම ගෙවුන මගේ ජීවිතේ ලස්සන,මට පෙන්නුවට, ඔයාට ගොඩක් පිං රත්තරං…..”
සමීර ඒක කිවුවෙ හිතින්.හදවත පතුලෙන්ම පැමිණි පිවිතුරු හැඟීමක් ඒක.මේවගේ පිංවන්ත නගරයක මෙහෙම ඇවිදින්නත් පිංකරලා තියෙනවා කියලා සමීරට කීපසැරයක්ම හිතුනා.ඒ පිංවන්ත බව මතුකලෙත් ප්‍රාර්ථනා කියලා සමීර දන්නවා.
කෙල්ලෙක්ව කොහේහරි අරන් ගිහින් ඒ කෙල්ලගෙන් තමන්ගෙ ආශාවන් පිරිමහගෙන කරන ආදරයකට වඩා මේ විදියට කරන ආදරේ කොයිතරම් පිවිතුරුද කියලා සමීර ඩෙනිම් කලිසමේ සාක්කු දෙකේ අත්දෙක දාන් ඈත පේන කඳු දිහා බලාගෙන හිතුවා.
ඇත්තටම එතන ආශාවක් මිසක් ආදරයක් නෑ.ඒවිදියට කරන ආදරේකට සමීර කොහොමත් කැමති නෑ.
“සුදු අයියේ……”
ප්‍රාර්ථනා කතාකලේ හෙමින්..
“ඇයි මගේ පුංචි දොස්තර නෝනා….”
“ඔයාගැන මට ගොඩක් ආඩම්බරයි මගෙ සුදු අයියේ……..”
“ඇයි ඒ පැටියෝ……”
“ඔයා මාව මෙච්චර පරිස්සම් කරනවට…..මේ විදියට මට ආදරේ කරනවට…..”
“ඒක මගේ වගකීමනෙ පැටියො….”
සමීරත් කතාකලේ සන්සුන්ව….
“ඒත් අනිත් පිරිමි ළමයි ආදරේ කරන විදියයි ඔයා ආදරය කරන විදියයි ගොඩාක් වෙනස්.ඔයා අනිත් පිරිමි ළමයින්ට වඩා ගොඩාක් උසස්….”
“උසස්?”
සමීරට ඇය ඒ විදියට කිවුවෙ ඇයි කියලා තේරුණේ නෑ.
“ඔව් උසස්.ගොඩාක් උසස්.මගේ සුදු අයියගේ ආදරේ ගොඩක් පිරිසිදුයි…ඔයාගෙ හිතේ මට තියෙන ගෞරවය ඔයා කටින් නොකිවුවත් මට දැනෙනවා මගේ සුදු අයියේ…ඒකයි මම ඔයාගෙ ආදරේ ගොඩක් උසස් කිවුවෙ…
එයට සමීරගෙ පිළිතුර වුනේ සරල අවංක සිනාවක් පමණයි.ඒත් ඒ හිනාව ගොඩාක් දේවල් ප්‍රාර්ථනාට කිවුවා.