පුංචි දොස්තර නෝනා (16 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මොකක්…උන්ට එච්චර හයියක්…!!!!,හරි ඔයා චුට්ටක්වත් බයවෙන්න එපා පැටියො.ඔයාට බෝඩිමේ ඉන්න බයයිද..?උන් දන්නවද ඔයාගෙ බෝඩිම….?”
“සමහරවිට දන්නවා ඇති අයියේ…මං මොකක්ද කරන්න ඕනි.අනේ මට බයයි සුදු අයියේ….”
“මං කිවුවනෙ .ඔයා බයවෙන්න එපා.මම දැන් එනවා බෝඩිමට ඔයාගෙ.ඔයා සේරම ලෑස්ති කරගෙන ඉන්න.මම අපේ මාමලාගෙ ගෙදර ඔයාව නවත්තනවා.එහේ දැන් බෝඩිංකාරයො නැති නිසා ඔයාට කරදරයක් නෑ.තනියම ඉන්න බයනම් යාලුවවත් එක්කන් යමු…..”
“ඒත් සුදු අයියේ ඔයා මොකක්ද මේ…..”
“හැමදේම කරන්නෙ ඔයාගෙ හොඳට රත්තරං.ඔයාට අවදානමක් ගන්න දෙන්න බෑ.ඒ සේරම මං බලාගන්නම්.හෙට ඔයා කැම්පස් යනවා වෙනදා වගේම….කිසිමකරදරයක් වෙන්නෙත් නෑ…ඔයා උන් කියන පැත්තට යන්නෙත් නෑ…එච්චරයි.
“ඒත් උන් මාව අරන් ගියොත්…..සුදු…”
“මම කිවුවනෙ.ඔයාට අතක්වත් තියන්න උන් එකෙක්ටවත් ලැබෙන්නෙ නෑ.මගේ පුංචි දොස්තර නෝනට කිසිම කරදරයක් වෙන්නෙ නෑ.මාව විශ්වාස කරන්න…..”
“මට ඔයාව මටත් වඩා විශ්වාසයි මගෙ රත්තරං…..”
“එහෙනම් දැන් ලෑස්ති වෙන්න.තව පැය භාගයක් යන්න කලින් මම ඔතනට එනවා….”
සමීර පොරොන්දු වූවා සේම ප්රාර්ථනාවත් යෙහෙලියවත් පේරාදෙණිය තම මාමාගේ නිවසේ නතර කලේ විශාල සැලසුමක් සිතේ රඳවාගෙනයි.බොරු රාශියක් ඒ වෙනුවෙන් සමීර වැය කලා.ඒ කිසිවක් ප්රාර්ථනාට සමීර ඇඟවූවේ නෑ.
සමීර එදින සවස් වන තුරු එහිම රැඳී සිටියේ කෙටි පණිවිඩයක් ලැබෙන තුරුයි.
එහි සඳහන් වූයේ දුරකතන අංකයකි.සමීර එයට ඇමතුමක් ගත්තා.
“හෙලෝ මධුර අයියේ.මම සමීර..අර බෝඩිමේ…..”
“ආ සමියා කියපන්.මොකෝ මේ හදිස්සියෙ.?”
“ලොකු උදවුවක් ඕන මධුර අයියා.ඔයාට මතකනෙ මගේ කෙල්ලට රැග්කරන්න හදපු සෙකන්ඩ් ඉයර් කොල්ලො හතර දෙනා….උන්ටික ඉන්න බෝඩිම එහෙම දන්නවද ඔයා….?”
“උන් දැන් බෝඩිං නෙවෙයි බන් හොස්ටල් වල ඉන්නෙ.මොකෝ සීන් එක….”
“නෑ මධුර අයියා…උන්ට පණිවිඩයක් දෙන්න තියෙනවා.ඒකයි බැලුවේ…..”
“ආ උන් හැමදාම වගේ ලිකර් එකට ගිහින් බියර් අරන් එනවා.6.30/7.00 විතර වෙද්දි හොස්ටල් එකට එනවා මම දැකලා තියෙනවා….”
“එහෙමද.අනේ තෑන්ක්ස් මධුර අයියා.එහෙනම් මට මගදි ඒ පණිවිඩේ උන්ට දෙන්න පුලුවන්.මේ….මධුර අයියා උන් ඉන්න කිටුවමද ඉන්නෙ?”
“නෑ බන් අ⁣පි වෙන තැනක උන් වෙන තැනක….”
“හරි එහෙනම් ගොඩක් ස්තුතියි ආ….මම තියන්නම් මධුර අයියේ….”
සමීර තොරතුරු ලබාගෙන ඇමතුම විසන්ධිකලා.ලැබුණ තොරතුරු ප්රමාණවත් බව සමීරට වැටහුණා.
“පුංචි දොස්තර නෝනා…..මම එහෙනම් ගෙදර යනවා…රෑ වෙන්නත් ලඟයිනෙ…”
“අනේ ඉතින් අද ඉඳලා යන්නකො සුදු අයියේ……මේ රෑ යන්නෙ…..”
“බෑ පැටියො වැඩ ගොඩක් තියෙනවා.මම දැන් යන්න ඕනි….හෙට උදේ කැම්පස් යන්න ඕනි හොඳේ.වෙන වෙන තැන් බෑ….ලෙක්චර්ස්…..”
සමීර හිනාවෙලාම කිවුවා.හිතේ ප්රශ්න රාශියක් හිරකරන් වුනත් ප්රාර්ථනාට කිසි දෙයක් නොදැනෙන ලෙස සමීර ඇය ඉදිරියෙ හැසිරුණේ…
සමීර, මාමට හා නැන්දාටත් පවසා නිවෙසින් එලියට විත් මාමාගෙ පුතා වූ චතුරංගට යමක් සඳහන් කර මැසේජ් එකක් යැවුවා.එසැනින්ම ඔහු විශ්ව විද්යාලයේ හොස්ටල් ඇති පෙදෙසට යන මාර්ගය අසලට ගොස් එහි අයිනක අඳුරු ස්ථානයක සැඟවුණේ හිතේ තිබූ සැලැස්ම ක්රියාත්මක කිරීමටයි.
සමීර රැගෙන ආ කලු පැහැ ලේන්සුවෙන් මුව ආවරණය වන ආකාරයට ගැට ගසාගත්තේ කිසිවෙකුට හඳුනාගැනීමට නොහැකි වීමටයි.
වේලාව පස්වරු 6.45 ට ආසන්න වෙමින් තිබුණි.යන්තමින් අඳුර පරිසරයම ආක්රමණය කරමින් තිබිණි.සිව් දෙනෙක් කතාබස් කරමින් පැමිණෙනු සමීර ඈතදීම දැක්කත් දුරට අඳුර නිසා හඳුනා ගැනීම අපහසුයි.ඒ නිසා ඔවුන් ඒ අසල ඇති විදුලි කනුව යටට පැමිණෙන තුරු සමීර ඉවසන් හිටියා.නමුත් ඔහුගේ හිතේ ඉවසීමේ සීමාව බිඳී ගියේ ප්රාර්ථනාගේ ඇමතුම ලැබුණු වෙලාවෙදිමයි.
සමීර පසුව ඔවුන්ව හඳුනාගත්තේ එදා ඔවුන්ගේ මුහුණු හොඳින් ඔහු මතක තබා ගත් නිසයි.
සමීරව පසුකර ඔවුන් ටික දුරක් ඉදිරියට ගමන් කරන තුරු බලා සි⁣ටි සමීර එක්වරම ගොස් අතේ තිබූ පොල්ලකින් සිව් දෙනාටම පහරදුන්නෙ ඔවුන්ට කිසිවක් සිතාගැනීමටවත් අවස්ථාවක් නොදී.
සමීරගේ ඉලක්ක වූයේම අත් කකුල් සහ කොන්දයි.ඔහු පහර දුන්නේ ඒ ස්ථාන වලටමයි.
ඒ අතර එක් සිසුවකුගේ දුරකතනය මාර්ගයට විසිවූයේ සමීරට තවත් අවස්ථාවක් උදාකරමින්.එය අතට ගත් සමීර එහි රෙකෝඩින් දමා දුරකතනය මාර්ගයෙන් තැබුවේ තවත් ඔවුන් පහර දීමේ බලාපොරොත්තුවෙන්.
ඔවුන් සිටියේ බිම වැතිර නැගිට ගැනීමටවත් නොහැකිවයි.සමීර ඔවුන් දෙස බැලුවේ උතුරා යන කෝපයෙන්…..
“උඹලා අද මගේ කෙල්ලට මොකක්ද කිවුවෙ යකෝ……ආ කියපන් මොකක්ද කිවුවේ….”
සමීර කෑගැසුවේ කෝපයෙන්.රාත්රිය නිසා සිසුන් කිසිවෙක් හොස්ටල් වලින් එලියට නොබසින නිසා මාර්ගය පාලු බව සමීර දැන සිටියා.
“කියපන්.තොපිලව මෙතනම මරණවා.කියපන් මගේ කෙල්ලට මොනවද කිවුවේ?”
“මො…මො..මොන කෙල්ලද…?අපි ඔය කියන කෙල්ලෙක් දන්නෑ …..”
“එතකොට තොපිලා උදේ පාන්දර පාර හරස්කරලා ලවර්ස් ලේන් එකට එන්න කිවුවෙ තොගෙ අම්මටද….ආ…වේ#### පුතෝ….එහෙම කිවුවා නේද?….”
“ඔව් කිවුවා තමයි.ඒක අපේ ප්රශ්නයක්.මේ කැම්පස් එකට එන මොකා වුනත් ඇතුලෙදි අයිති අපිට…පිටදි මොකෙක්ගෙ උනත්….”
පහර කෑ සිසුන්ගෙන් අයෙකුගේ හඬේ තර්ජනාත්මක බව සමීරව තවත් යක්ෂාවේෂ කලා.
“තොපිලා මගේ කෙල්ලට ලවර්ස් ලේන් එකට එන්න කියලා….කාට හරි කිවුවොත් මරලා ගඟට දානවා කියලා මගේ කෙල්ලගෙ ජීවිතේ විනාශ කරන්න නේද හැදුවෙ යකෝ….
යකෝ මම ඒකිව පරිස්සම් කරන්නෙ මලක් වගේ.මගේ කෙල්ල වෙලා මමවත් නොකරන දේවල් ඒකිට කරන්න උඹලට කොහෙන්ද හයියක්….”
සමීර නැවතත් සිව් දෙනාටම පොල්ලෙන් පහර දුන්නේ මඩාටුගමදී පිරිසක් විසින් බස්රථයට පහරදුන් පලිය ගැනීමටත් අවස්ථාවක් නොලැබුණු නිසයි.ඒ කෝපයත් සමීර මොවුන්ගෙන් පිටකරගැනීමටයි සිතුවෙ.ඒ කෝපයත් සංසිඳෙන තුරු සමීර පහරදුන්නා.
බිම වැටී සිටි සිවු දෙනාගෙන් තරමක් ඇඟපත තිබූ සිසුවාව සමීර අතකින් ඇද නැගිට්ටවා, නැවතත් වතාවක් හැකිවෙර යොදා පහර දුන්විට කෙසෙල් ගසක් කපා දැමුවාක් මෙන් ඔහුව මාර්ගයේ බිම ඇද වැ⁣ටුණා.
එක් අයෙකු වැටී සිටියේ සිහිනැතිවයි.
“මම උඹලට කිවුවා එදා ආයි ඒකිට මොනවා හරි කරලා තිබුනොත් මගේ හැටි දැනගන්න පුලුවන් වෙයි කියලා.උඹලා කරන්න හදපු දේට බයේ ඒ අහිංසකී තාමත් අඬනවා.ලැජ්ජ නැද්ද යකෝ කෙල්ලන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න තොපිට…..
අදවත් උඹලා දැක්කෙ නෑ මම කවුද කියලා.ආයි ඒකි දිහා ඇස් කොනකින් හරි බලලා තිබුනොත් උඹලා හතර දෙනාගෙ ඇස් ටික ගලවලා අතට දෙනවා…..එදාට මීටවඩා උඹලට රිදෙයි….
මගේ කෙල්ලගෙ ජීවිතේ විනාස කරන්න හිතන්නත් කලින් උඹලට සියපාරක්වත් හිතන්න තිබුනා.ආයි මොනම කෙල්ලෙක්ගෙ හරි ජීවිත එක්ක සෙල්ලං කරන්න හැදුවොත් සල්ලං වෙන්නෙ උඹලමයි.ඒක මතක තියාගනින්….”
සමීර කිවුවෙ දබර ඇඟිල්ල දිගුකරමින් තර්ජනාත්මකව.
සමීර ඔවුන්ට පහර දුන්නේ මෙසේ කියමින්මයි.කෝපය නැතිවන තුරු සමීර ඔවුන්ට පහර දුන්නේ ප්රාර්ථනා වෙනුවෙන්.ඒත් සිතූ තරම් ඉක්මනින් ඔහුගේ කෝපය නැතිවූයේ නෑ.
අඳුර නිසා ඔවුන්⁣ට කොතරම් තුවාලද කියාවත් සමීරට පෙනුනෙ නෑ.ඒත් බොහෝ තුවාල වන්න⁣ට ඇතැයි සමීර සිතින් සිතුවා.සමීරට දැනුනේ කුරිරු සතුටක්.අවසානයේ ඔවුන්ව මාර්ගයේම දමා රාත්රී 8.30 ට පමණ සමීර ගැටඹේ පන්සල අසල ඇති පේරාදෙණිය පොලීසියට ගොස් බාර වුනේ සැඟවී සිට පලක් නැති නිසයි.
පොලීසියට ගොස් සියලු විස්තර පැවසූ විට ඔහුව බලාපොරොත්තු වූ සේම සිරගත කලේ පහර දුන් ස්ථානයට නිළධාරීන් පිරිසක් පිටත් යැවූ පසුවයි.ප්රාර්ථනාගේ ජීවිතයට අනතුරක් නැති නිසා සමීර සිරගත වුවත් හදවත තුල සතුටක් තිබුනා.
රාත්රිය පුරාම සමීර සිටියේ ප්රාර්ථනා ගැන සිතමින්….ඉන්පසු සිදුවන කිසිදු දෙයක් ගැන සමීරට අදහසක් තිබුණෙ නෑ.ඔහුගේ සැලසුමේ ලෙසටයි සියල්ල සිදුවූයේ.එය ප්රාර්ථනාගේ දුරකතන ඇමතුමත් සමඟ සාදා ගත් ක්ෂණික සැලසුමකි.පහර දීමෙන් එහා ඔහුගේ සැලසුමට අනුව චතුරංගට සවසම කෙටි පණිවිඩයක් යැවුවේ තමා පොලීසියේ බව ආරංචි වුවහොත් ඇප දී බේරගන්නා ලෙසයි…එතනින් එහාට සමීරට සැලසුමක් නොතිබිණි.
සමීරගේ සිතේ තිබුනේ ප්රාර්ථනාව කෙසේ හෝ බේරා⁣ගැනීමේ අදහස පමණයි.තමන්ට කුමක් සිදු වුවත් ඔහුට ඔහුගැන දුකක් හිතේ කොනකවත් තිබුණෙ නෑ.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!