ෆෝන් එක පෑනක් ලේන්සුවක් පර්ස් එක සල්ලි වතුර බෝතලයක් අඩු තරමේ වර්ග වශයෙන් ගත්තොත් බඩු විස්සක්වත් අනිවාර්යෙන්ම තියෙනවා. ඒ අතරින් වතුර බෝතලේ ඇතුලේ තියෙන වතුර ටික හැරුණම අනෙක් සියල්ලක්ම කෘතීම ඒවා වෙනවාට සැකයක් නැහැ.
Materialistic possession අසීමිත ලෙස ද්‍රව්‍ය පරිභෝජනය හෙවත් කියන කාරණාවේදී , එකේ අංක එකටම ඉන්න රටක් තමා ඇමරිකාව. ඒ බව හොඳටම පැහැදිලි වුණා කොරෝනා කාලෙදී ටොයිලට් පේපර්ස් වලට ඇමෙරිකානුවෝ සුපිරි වෙළෙඳසල ඇතුලේ කෝලාහල කරපු ආකාරය දැක්කම. සාපේක්ෂව ගත්තම විශේෂයෙන් ඇමරිකානුවන් කෘතීම භාණ්ඩ පරිභෝජනයේදීත් තවත් රටකට දෙවැනි වෙන්නේ නැහැ.
හැබැයි මම කිව්වොත් ඇමරිකානුවෙක් ඉන්නවා, ඔහුට ජීවත් වෙන්න අවශ්‍ය හැමදේම තමන්ගෙන් පිටේ එල්ලගෙන යන පුංචි බෑග් එකකට දාන්න පුළුවන් කියලා?!
ඔව් ඒ තමයි රොබ් ග්‍රීන්ෆීල්ඩ්. ඇමෙරිකානුවෝ බොහෝ දෙනෙක් වද වෙන ටොයිලට් පේපර් එකේ ඉඳන් හැමදේම රොබ් තමන්ගේ ගෙවත්තේ වගා කරල තියනවා.
ඔහුට ජංගම දුරකථනයක් නැහැ. credit card, බැංකු ගිණුම් තබා අඩුම තරමේ මුදල් පසුම්බියක් වත් නැහැ.
“මගේ ජීවිතය පටන්ගත්තේ සාමාන්‍ය ඇමෙරිකානුවෙක් විදියටමයි. ලස්සන මිලාධික දේවල් එකතු කරන්න, ලොකු වාහන ගන්න විතරක් නෙමෙයි කොටින්ම මට අවශ්‍ය වුණා අවුරුදු 30 වෙනකොට මිලියන පතියෙක් වෙන්නත්!”
හැබැයි වයසින් මුහුකුරා යද්දි යද්දී ඔහු හිතන විදිහ වෙනස් වුණා. තමන්ගේ ජීවන රටාව නිසා පරිසරයට කොයි තරම් හානියක් වෙනව ද කියන එක රොබ් හිතන්න පටන් ගත්තා. විශේෂයෙන්ම එක වරක් භාවිතා කරල ඉවත් කරන භාණ්ඩ, දවටන, ඒ හැම දෙයක්ම පරිසරයට ලොකු හානියක් කරන බව රොබ් ට වැටහුණා. ඇත්තටම මේ කෘතීම දේවල් නැතුව කෙනෙක්ට ජීවත් වෙන්න බැරිද? එතෙක් පාවිච්චි කරමින් උන්නු කෘතීම දේවල් වලින් ඈත් වෙලා ජීවත් වීම අවුරුද්දක කාලයක් අත්හදා බලන්න රොබ් තීරණය කලා.
ඒත් මේ දේවල් වෙනස් කරන්නෙ කොහොමද? කොහොමද මේ එදිනෙදා භාවිතා කරන බොහොමයක් දේවල් එක පාර අතහරින්නෙ?
පළවෙනි පියවර හැටියට රොබ් තීරණය කලා කෘතීම ද්‍රව්‍ය අඩංගු ශැම්පො වර්ග, ටූත් පේස්ට් වගේ දේවල් භාවිතයෙන් ඉවත් වෙන්න.
ඊළඟට තමන්ගෙ බැංකු ගිණුම් සියල්ලම අහෝසි කරලා, ජංගම දුරකථනයේ පටන් මෝටර් රථය දක්වා දක්වා සියල්ලම විකුණා දැමුවා.
තමන් ජීවත් වූ විශාල නිවස වෙනුවට, ස්වභාවික දේවල් වලින් පමණක් භාවිතා කරල පුංචි කුටියක් තමන්ගේ ගෙවත්තේම හදාගත්තා. විශාල නගරයක් මැද ජීවත් වුන රොබ්, තමන්ට තිබුණු සීමිත ඉඩ ප්‍රමාණය ඇතුලේ, කෑමට ඇති තරම් අල වර්ග පළතුරු වර්ග ධාන්‍ය වගේ දේවලුත්, විවිධ ඖෂධ වර්ගත්, මී මැස්සන් වගාවකුත් ඇති කළා. පොල් වලින් පොල් තෙල් සහ කිරි, මුහුදු වතුරෙන් ලුනු, ගංගා වලින් මාළුත් සපයා ගත්තා.
Blue spur මල් ගස් වල, සිනිඳු සුවඳවත් පත්‍ර toilet papers විදිහට පාවිච්චි කළා.
පුංචි පුංචි ගමන් යන්න උන බට වලින් සාදපු පරිසර හිතකාමී බයිසිකලයක් පාවිච්චි කළා. ආහාර පිසින්න අවශ්‍ය කරන ඉන්ධන, ජෛව ඉන්ධන සකස් කරන උපකරණයක් භාවිතා කරලා, ‘ඉවත් කරන ආහාර ද්‍රව්‍ය’ වලින් ම නිපදවා ගත්තා. ඒ විතරක්ම නෙමෙයි, බැහැර කරන මළමුත්‍ර වගාවට පොහොර විදිහට පාවිච්චි කලා.
ඒ විදිහට අවුරුද්දක කාලයක් සාර්ථකව ගත කරන්න රොබ් ට හැකි වුණා. ඔබ පරිසරයට ආදරය කරනවා නම් කෘතිම දේවල් වලින් සම්පූර්ණයෙන්ම ඈත් වීම කෙසේ වෙතත්, තරමක් හෝ දුරට ඈත් වෙන්න හැකියාවක් තියෙන බව රොබ් වචනයෙන් නෙමෙයි ක්‍රියාවෙන් ම ඔප්පු කරලා පෙන්නුවා.
“ඔබ ලෝකය දකින්න කැමැති ආකාරයට ‘ඔබ’ වෙනස් වෙන්න”
-මහත්මා ගාන්ධි