කේළාම්කාර මොල්ලිගොඩ නිළමේ දිවි ගෙවූ වලව්ව

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඇහැලේපොළ කේදවාචකයට සෘජුවම වගකිව යුතු පුද්ගලයෙක් වේ නම් ඒ මේ මොල්ලිගොඩ නිළමේය…

මොල්ලිගොඩ ගම පිහිටා තිබෙන්නේ කොළඹ මහනුවර මාර්ගයේ පනස් නව වැනි සැතපුම් කණුව ළඟ, මහනුවර නගරයට සැතපුම් දහතුනක් පමණ දුරින් පහළ කඩුගන්නාව ප‍්‍රදේශයේ ගනේතැන්නට ආසන්නවය. ගමේ කෙළවර වන්නට මොල්ලිගොඩ වලව්ව පිහිටා ඇත. එහෙත් දැන් එය අබලන් තත්ත්වයේ පවතී. මෙම වලව්ව පිහිටා තිබෙන්නේ සුන්දර කුඹුරු යායක් ඉදිරිපිටය…

ඉදිරිපස රවුම්ව පිහිටි කණු ද, වහලෙහි පැරණි පෙති රවුම් උඵ ද මොල්ලිගොඩ වලව්වේ තවමත් දක්නට ලැබේ. කාමර කිහිපයකින් යුත් විශාල වලව්වක් වන මෙහි උඩ තට්ටුවක් ද දක්නට ලැබේ..
ඇහැලේපොළ කේදවාචකයට සෘජුවම වගකිව යුතු පුද්ගලයෙක් වේ නම් ඒ මේ මොල්ලිගොඩ නිළමේය…සබරගමු බාරකාර නිළමේ හා මහනුවර මහ දිසාව වූ ඇහැලේපොළ නිළමේ හා රාජසිංහ රජතුමා අතර තිබූ හොද හිත පළුදු කිරීමට නානාප්‍රකාර කේළම් හා බේගල් කිවූ පුද්ගලයෙක් වේ නම් ඒ මේ තාන්න තනතුරු වලට ලෝබී වූ මොල්ලිගොඩ නිළමේය…මොල්ලිගොඩ රජ වාසල සේවයට බැදෙන්නේ පරම්පරාවෙන් හෝ හිමිකම් බුක්තියකින් නොවේ…

කි‍්‍ර.ව 1803 එක්තරා දවසකදී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු සටනකට නායකත්වය ලබා දී ඉන් ජය ගෙන ආපසු එන අතර මඟදී ගමන් වෙහෙස නිවා ගැනීම සඳහා සතර කෝරළේ පිහිටි කුනම් මඬුවේ නතර වූ අතර ඒදඬුවාවේ කෝරාල ගේ පුත‍්‍රයා වූ මොල්ලිගොඩ ද එම ස්ථානයට රජු දැකීමට ආසාවෙන් පැමිණ සිටි අතර, තවත් මොහොතකින් රජතුමා ගේ අවධානය දිනා ගැනීමට තරම් ඔහු දක්ෂයෙකු විය. ඒ වන විට ඔහු අවුරුදු විසි පහක තරම් වයසේ පසු වූ ගැටවරයෙකි. මෙම මොල්ලිගොඩ තරුණයා පිළිබඳ පැහැදුණු රජතුමා ඔහු පසුව පඩිකාර නිළමේ ලෙසින් පළමුව රාජ්‍ය සේවයට බඳවා ගත්තේ ය. මොල්ලිගොඩ යනු ඉතිහාසයේ සිටි කෲර සහ පළිගන්නා සුළු කෑදර ,කපටි රාජ්‍ය සේවකයෙකි..ඉතිහාසය පිළිබදව විශ්ලේෂණය කරන්නා වූ කවුරුන් හෝ ඔහු සුදනෙකු කරන්නට හැදූවද වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔහු කුහකයෙකි…
මොල්ලිගොඩ මහ අදිකාරම් තනතුරට පත් වී ගෙවී ගියේ දවස් කිහිපයකි. එහි උණුසුම යාමටත් ප‍්‍රථමව අහිංසක ගැමියකු උල තබා මරණයට පත් කළේ වෛරයක් පිරිමසා ගැනීමටය. ඒ කතාව ජනප්‍රවාදයේ පැමිණෙන දිගු සත්‍ය කතාවකි …හේතුව කෙටියෙන් මෙසේය….


ඒදඬුවාවේ කෝරාළ හෙවත් මොල්ලිගොඩගේ පියා තම ග‍්‍රාමයේ ගැමියෙකුට මුව මස් ගෙන එන ලෙසට නියෝගයක් නිකුත් කළත් ඔහු එය ප‍්‍රතික්ෂේප කර ඇත්තේ සතුන් මැරීමට තිබු ඒ අහිංසක ගැමියාගේ තිබූ අකමැත්තටය… එම සිද්ධිය වසර ගණනාවකට පෙර සිදු වූවක් වුවත් එම සිදුවීම ගලේ කෙටු අකුරු මෙන් මොල්ලිගොඩගේ සිතේ තැන්පත්ව මේ මොල්ලිගොඩ නම් දුෂ්ඨයාගේ සිතේ තැන්පත්ව තිබිණි.. අදිකාරම් තනතුරක් ලබා ඒ තනතුරෙහි උණුසුම පිටව යාමටත් ප‍්‍රථමව එම අහිංසකයා උල තබා මරණයට පත් කර ඔහු ඒ වෛරය එයින් පිරිමසා ගත්තේය…ඉතින් මොල්ලිගොඩ නිළමේගේ චරිතය එසේය..

ඇහැලේපොළ කුමාරිහාමිගේ සුරූපී රූපකායට වරෙක වශී වූ විවාහක මොල්ලිගොඩ දිනක් රහසේ ඇයට පෙම් යෝජනාවක් ගෙනාවද විනීත හෙළ කුළ කතක් වූ කුමාරිහාමි එය පිළිකුලින් බැහැර කරන්නීය..එයින් සිදුවූ අවමානය,ලැජ්ජාව හා මිශ්‍ර වූ කෝපය නිසාවෙන් ඇහැලේපොළ පවුලෙන් පළිගැනීමට මොල්ලිගොඩ මුල්ගල තබන්නට ඒ කාරණාවද එක් හේතුවක් විණි….රාජ්‍ය පාලනය පිළිබදව කිසිදු දැනුමක් නැතත් තිබූ උද්දච්චකම හා පණ්ඩිතකම නිසාවෙන් සිය නොහැකියාවන් වසා ගනිමින් රජුට නිරන්තරයෙන් අනුදැනුම ලබා දීමට කරුණු කාරණා තමාට වාසි සහගත ලෙසින් ඉදිරිපත් කිරීමට ,මාළිගාවේ සේවයෙන් උපරිම වාසි ලබා ගැනීමට හා සිය තනතුරෙන් ඕනෑම දුර්ජන ක්‍රියාවක් හෝ මොනයම් ආකාරයකින් හෝ කර ගැනීමට මොල්ලිගොඩ නිළමේ ඉතා දක්ෂයෙකු විය…

කෙසේ හෝ ඇහැලේපොළ කේදවාචකයෙන් පසු ඇහැලේපොළ මහ නිළමේගේ සියළු තනතුරු මොල්ලිගොඩට ලැබිණි…ඉන්පසු මොල්ලිගොඩ තවත් කපටිකමක් කලේය..එනම් රාජසිංහ රජුට විරුද්ධව බ්‍රිතාන්‍යයන් හා එක්ව සිටි ඇහැලේපොළ නිළමේ යුද්ධ සංවිධානය කළේය..එහිදී ඒ වන විට ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු ගේ හමුදාධිපති ලෙස කටයුතු කළේ මොල්ලිගොඩ මහා අදිකාරමයි. ඔහු පරදින බව දැන ඉංග‍්‍රීසින්ට එරෙහිව සටන් කිරීමෙන් වැළකී සිටියේ ය. පසුව ඔහු ඩොයිලිට පණිවුඩයක් යවා ඉංග‍්‍රීසින්ට හිතවත් කමක් පෙන්වා ඔහුට කෙසේ හෝ ආරක්ෂාවක් ලබා දෙන ඉල්ලා ඇත…. එමෙන්ම මේජර් හුක් සමඟ පැවති සාකච්ජාවේදී තම දරු පවුල මහනුවරින් ආරක්ෂිතව වෙනත් දිශාවකට පලා යාමට කටයුතු සකස් කර දෙන ලෙස ඔහු මේජර් හුක් ගෙන් ඉල්ලීය… එය සිදුවූ වහාම ඉංග‍්‍රීසින් සමඟ තමා එක් වන බවට ඔහු පොරොන්දු වූවේ ය. ඒ අනුව මේජර් හුක් ගේ ආරක්ෂාව ලබා ගනිමින් පෙබරවාරි මස 08 දින මොල්ලිගොඩ ගේ දරු පවුල මහනුවරින් පලා ගිය අතර, එදිනම පෙරවරු 11 ට පමණ ඔහු සතර කෝරළේ ප‍්‍රධාන ධජ, අලි ඇතුන් සමඟ ඉංග‍්‍රීසින් ළඟට පැමිණියේ ය…. මොල්ලිගොඩ ගේ නායකත්වය අනුගමනය කරමින් අනෙකුත් රදළයෝද ඉංග‍්‍රීසින් හා එක් වූහ. ..ඒ අනුව උඩරට රාජ්‍ය ඉංග්‍රීසීන්ට නතු වීමට හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන්ම වාසි ලබා ගනිමින් අවසානයේ රජුව පාවා දීමට මොල්ලිගොඩ ද ප්‍රදාන වශයෙන්ම වගකිව යුතුය…..

පසුව රජු අල්ලා ගැනීමෙන් පසු කි‍්‍ර.ව 1815 මාර්තු මස 02 දින මහනුවර මඟුල් මඩුවේදී වැඩිමහල් මොල්ලිගොඩ නිලමේ මහා අදිකාරම ලෙසත් , ඔහු ගේ බාල සොහොයුරු තුන් කෝරලේ දිසාව ලෙසත් උඩරට ගිවිසුමට අත්සන් කළහ… රට අගතියට ගියද අනෙක් පිරිස් වලට හෙණ ගැසුවද තමාට යහපතක්ම ව්ව් යැයි මහ මෙරක් තරමට වාසි සහ අනෙකුත් දේවල් බලාපොරොත්තුවෙන් මොල්ලොගොඩද ඉතා කැමැත්තෙන්ම උඩරට ගිවිසුමට අත්සන් තැබුවද කිසිදු වරප්‍රසාදයක් නොලැබී යද්දී ඉංග්‍රීසින් තමාව රවටා ඇති බව ඉක්මනින්ම ඔහුට තේරුම් ගියත් සෙසු නිළමේවරු සියල්ල ( කැප්පෙටිපොල ,ඇහැලේපොළ ,පිළිමතලව්වේ සහ සෙසු නිළමේවරු ඇහැලේපොළ නිළමේගේ මූලිකත්වයෙන් ) ඉංග්‍රීසි රජයට විරුද්ධව කැරළි ගසද්දී මොල්ලිගොඩ දිගටම ඉංග්‍රීසින් හා සිටියේය…සිංහල නිළමේවරුන්ගේ සැලසුම් ඉංග්‍රීසින්ට ලබා දුන්නේය..

එයට හේතුව වූයේ ඇහැලේපොළ සහ පිලිමතලව්වේ පවුල් සමඟ පැවති දැඩි වෛරයත්, විරුද්ධවාදී භාවයත් ඊටත් වඩා මොල්ලිගොඩ ගේ බළ තණ්හාවත් නිසා ය. සිංහල විරුවන්ට කැරැල්ල ජය ගැනීමට ඉතිරිව තිබුණේ දවස් කිහිපයකි. ඉංග‍්‍රීසින් සිංහල රාජධානියේ පාලනය අතහැර දමා නැවතත් වෙරළබඩ ප‍්‍රදේශ කරා යාමට සිතුවා පමණි. මොල්ලිගොඩ සතර කෝරලේ ජනතාව සමඟ ගොස් උදව් කළේ ය. අවසානයේ ඉංග‍්‍රීසින්ට ජය අත්විය. සිංහළ නායකයන් පැරදිණි..
කි‍්‍ර.ව 1818 ඔක්තෝම්බර් 27 වන දින මඩුගල්ලේ දිසාවේද ,,,නොවැම්බර් 25 ස් වන දින ඌව වෙල්ලස්ස කැරැල්ලට නායකත්වය ලබා දුන් කැප්පෙටිපොල සහ පිළිමතලව්වේ නිලමේවරුන් ගේ හිස් ද ගසා දමන ලදී. තවත් බොහෝ දෙනෙකුට මරණ දඩුවම නියම විය…ඇහැලේපොළ දිසාවේ , ඉහගම උන්නාන්සේ ඇතුඵ තවත් නිලමේවරුන් සහ ගම්මුලාදැනීන් විසි පස් දෙනෙක් ජිවිතාන්තය දක්වා මුරුසු දිවයිනට පිටුවහල් කෙරිණි …

අවසානයේ මොල්ලිගොඩ ගේ සිංහලායට ද්‍රෝහී වූත් ඉංග්‍රීසීන්ට සුවිශේෂී වූත් සේවාව ඉංග‍්‍රීසින් විසින් අගය කර මාසයකට රික්ස් ඩොලර් 200 ක විශ‍්‍රාම වැටුපක් ගෙවන ලදී… එපමණක් නොව පල්ලේගම්පහේ මහා අදිකාරම, සතර කෝරලේ දිසාව, යන තනතුරු වලට අමතරව දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුරත්, මහා විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ තනතුරටත් පත් කරනු ලැබුණි. ඔහු ගේ බාල සොහොයුරා සත් කෝරලේ දිසාව, උඩගම්පහේ මහා අදිකාරම ලෙස පත් කෙරිණි. කි‍්‍ර.ව 1823 ඔක්තෝම්බර් මස 26 දින මොල්ලිගොඩ නිලමේ මිය ගියේ ය. ඔහුට සිටියේ ටිකිරි කුමාරිහාමි නමින් එක් දියණියක් පමණි. මොල්ලිගොඩ ගේ බාල සොහොයුරු කි‍්‍ර.ව 1845 දි මිය ගිය අතර, කුරුවේ ලේකම් නමින් එක් පුත‍්‍රයෙක් පමණක් සිටියේය. මොල්ලිගොඩ සහ මොලගොඩ පරම්පරාවන් දෙක ඇතැමෙක් වැරදියට වටහාගෙන මොල්ලිගොඩ පරම්පරාව යැයි කීවත් මොල්ලිගොඩ පවුලෙන් කියා පැවත එන කිසිවෙක් මේ වන විට සොයා ගත නොහැක….කපටි මොළයකින් සහ නිර්ලැජ්ජිත ක්‍රියාවන්ගෙන් පිරුණු මේ මිනිසා කවුරුන් කෙසේ කීවත් මා දකින ලෙසට නම් කිසිසේත් විරුවෙකු නොව පවුල් කෙටවූ ,තරුණියන්ගේ ජීවිත විනාශ කෙරූ ,කේළාම් බොරු කියා වාසි ලබාගත්, උදව් කළ අතම සපා කෑ සුවිශිෂ්ට ද්‍රෝහියෙකි….

1. මොල්ලිගොඩ නිළමේ

2. ඒ නම් 1818 කැරැල්ල මොල්ලිගොඩ විසින් පාවා දුන් පසුව අත් අඩංගුවට පත්වී පසුව ජීවිතක්ෂයට පත් කල මොණරවිල කැප්පෙටිපොල මහ නිළමේ ගේ ඇදුමය ..එය ඔබට දැකීම පිණිස මෙහි පළ කලෙමි..එතුමා පිළිබදව ඉදිරි ලිපියකින් ගෙන එමි..

3. මොල්ලිගොඩ වලව්ව


නෙතු කවුළු ✍️✍️✍️
(කතෘ අයිතිය සුරකින්න .අවබාවිතය බුද්දිමය දේපළ යටතේ දඩුවම් ලැබිය හැකි වරදකි )
References : “Lakdiva ” , “Ancient Thaprobana” , “Sriankan news in a Britain eye ” , “unfound paths of ceylon “

ය්”Old Images of Ceylon” FB පිටුවෙන් ඇඩ්මින් සුබෝධිනි ගේ අවසරය මත උපුටාගන්නා ලදි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!