නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරයේ ඇති 1760 දී ලංකාවේ නිෂ්පාදිත කෙටි තුවක්කුව

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
1761 වසරේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පහතට රට ලන්දේසි ප්‍රදේශ අල්ලාගැනීමට විශාල සටනක් දියත් කර මාතර, හංවැල්ල, පුත්තලම සහ තවත් මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක්ම අත්පත් කරගන්නවා.

1761 වසරේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් පහතට රට ලන්දේසි ප්‍රදේශ අල්ලාගැනීමට විශාල සටනක් දියත් කරනවා. එම සටනින් මාතර, හංවැල්ල, පුත්තලම සහ තවත් මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක්ම අත්පත් කරගැනීමට කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ හමුදාවන්ට හැකිවෙනවා. නමුත් පසුව 1762 සහ 1763 වසරවලදී එම ප්‍රදේශයන් යලිත් අත්පත් කරගැනීමට ලන්දේසි පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම (VOC) සමත් වෙනවා.

මේ එම සටන් වලදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ හමුදාව විසින් භාවිතා කල, ලංකාවේ නිර්මාණය කල කෙටි තුවක්කුවක්.

1505 සිට ඒ වන විට වසර 250 කට වැඩි කාලයක් යුරෝපීය ආක්‍රමණිකයන් සමඟ ගැටෙමින් සිටි ලාංකිකයන්, මේ යුගය වන විට යුරෝපීයයන්ගේ ගිනි අවි තාක්ෂණය ඉතා හොඳින් හඳුනාගෙන සිටි බවට මේ ගිනි අවිය පැහැදිලි සාක්ෂියක්. මෙම අවියේ වෙඩිතැබීමේ යාන්ත්‍රණය එම යුගයේ භාවිතා වූ ස්පාඤ්ඤ කෙටි තුවක්කු වල යාන්ත්‍රණය ආදර්ශ කරගනිමින් ලංකාවේ නිර්මාණය කල එකක්.

මෙය දැන් නෙදර්ලන්ත ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

“Old Images of Ceylon” FB පිටුවෙන් ඇඩ්මින් සුබෝධිනි ගේ අවසරය මත උපුටාගන්නා ලදි

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!