වාසල මුදලිවරු සහ වාසල මුහන්දිරම්වරු, වර්ෂ 1848

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ඉංග්‍රිසි ආණ්ඩුවේ ස්වදේශිකයන් විසින් හෙබවූ ඉහළ ම තනතුරු වන මහමුදලි, වාසල මුදලි සහ වාසල මුහන්දිරම් තනතුරුවල 1848 වර්ෂය වනවිට කටයුතු කළ ප්‍රධානින්

ඉංග්‍රිසි ආණ්ඩුවේ ස්වදේශිකයන් විසින් හෙබවූ ඉහළ ම තනතුරු වන මහමුදලි, වාසල මුදලි සහ වාසල මුහන්දිරම් තනතුරුවල 1848 වර්ෂය වනවිට කටයුතු කළ ප්‍රධානින්ගේ නම් මේ ලිපිය මඟින් හෙළිදරව් කරනු ලැබ ඇත. ඒ අනුව එකල,

  1. පළමු මහමුදලිවරයා වූයේ දොන් ඩේවිඩ් ජයතිලක අබේසිරිවර්ධන ඉලංගකෝන් ය. මාතර දිස්ත්‍රික්කයේ මහ මුදලි, මාතර කඩවත් සතරේ මහ මුදලි, ගජනායක නිලමේ, හලාවත සිට මාගම්පත්තුව දක්වා සියලු දිස්ත්‍රික්කවල වාසල මුදලි , ආණ්ඩුකාරයාගේ ප්‍රධාන පරිවර්තක යන තනතුරු ද ඔහු ව්සින් හොබවනු ලබීය.
  2. අර්නස්ට් ද සේරම් විජේසේකර කරුණාරත්න මහ මුදලි සහ ආණ්ඩුකාරයාගේ තෝල්ක මුදලි විය.

3. දොන් නිකෝබස් ඩයස් විජේවර්ධන බණ්ඩාරනායක , වාසල මුදලි.

4.ජොහැන්නස් ජාකෝබස් ද සේරම් විජේසේකර අබයරත්න, වාසල මුදලි සහ ආණ්ඩුකාරයාගේ දෙවන තෝල්ක මුදලි.

  1. ජෝන් ලුයිස් පෙරේරා අබේසේකර ගුණවර්ධන , වාසල මුදලි .
  2. ජුලියස් වැලන්ටයින් ද සේරම් විජේසේකර ගුණතිලකරත්න, වාසල මුදලි .
  3. දොන් ඩේවිඩ් ද ලිවේරා විජයවර්ධන තෙන්නකෝන් , වාසල මුදලි සහ කොළඹ කච්චේරියේ පරිවර්තක .
  4. දොන් අන්ද්‍රියස් ද අල්විස් අමරසිරිවර්ධන ගුණතිලක , වාසල මුදලි සහ කොළඹ සුප්‍රිම් උසාවියේ පරිවර්තක සහ තෝල්ක මුදලි.
  5. දොන් ජොහැන්නස් ෆ්‍රැන්සිස්කස් ඩයස් විජේසේකර බණ්ඩාරනායක , වාසල මුදලි සහ කොළඹ දිස්ත්‍රික් උසාවියේ තෝල්ක මුදලි.

10.දොන් ඩේවිඩ් ද සිල්වා වේලාරත්න ජයතිලක අමරසිරිවර්ධන , වාසල මුදලි .

  1. දොන් කොරනේලිස් දසනායක ගුණවර්ධන අබයරත්න , වාසල මුදලි .
  2. දොන් සල්මන් ඩයස් විජයවික්‍රම ජයතිලක සෙනවිරත්න බණ්ඩාරනායක , වාසල මුදලි .
  3. සයිමන් ද ලිවේරා අබේසේකර සෙනවිරත්න , වාසල මුදලි .
  4. නිකලොස් ද සිල්වා විජයතුංග ගුණරත්න , වාසල මුදලි .
  5. අර්න්සේලම් පොන්නම්බලම් , වාසල මුදලි .
  6. සොලමන් රොද්‍රිගෝ මුතුක්‍රිශ්නන්, වාසල මුදලි සහ රජයේ මලබාර් පරිවර්තක .
  7. මැතිව් ගෝමස් සමරරත්න රාජපක්ෂ ,වාසල මුදලි .
  8. දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක , වාසල මුහන්දිරම් .
  9. විල්හෙල්මුස් නිකොලස් පීරිස් වික්‍රමසිංහ සිරිවර්ධන , වාසල මුහන්දිරම් .
  10. දොන් ජොහැන්නස් වික්‍රමසුන්දර ගුණතිලක , වාසල මුහන්දිරම් .
  11. ජෝන් ද සිල්වා ජයතිලක සිරිවර්ධන , වාසල මුහන්දිරම් සහ සුප්‍රිම් උසාවියේ අසිපත් දරන්නා.

22&. දොන් ජෝන් ඩයස් විජයසේකර සෙනවිරත්න බණ්ඩාරනායක , වාසල මුහන්දිරම් .

23 දොන් ක්‍රිස්ටෝෆල් හෙන්රිකස් ඩයස් ජයතිලකරත්න බණ්ඩාරනායක , වාසල මුහන්දිරම් .

  1. දොන් කොරනේලිස් ඩයස් විජයවික්‍රම බණ්ඩාරනායක , වාසල මුහන්දිරම් (නම්බු),(Titular).
  2. ඒබ්‍රහම් ද සිල්වා අභයවර්ධන ජයතිලක , වාසල මුහන්දිරම් (නම්බු).
  3. දොන් හෙන්ඩ්‍රික් ද සිල්වා රාජකරුණා ජයවර්ධන , බස්නායක මුහන්දිරම් සහ රජවාසල උද්‍යානයේ භාරකරු.
  4. කරෝලිස් පෙරේරා ජයසේකර සමරසිංහ , පඩිකාර මුහන්දිරම් .
  5. පවුලස් ගෝමිස් අබේසිංහ ජයවර්ධන , දඩයක්කාර මුහන්දිරම් .

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග,
කැලණිය විශ්වවිද්‍යාලය පුරාවිද්‍යා අධ්‍යයන අංශය
23.09.2020

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!