ලීයෙන් තැනු බෝගොඩ පාලම දහසය (16) වන සියවසේ දඹදෙණි යුගයේ ගොඩනැඟූවක් වන මෙය වසර 400ක් පමණ පැරණිය. මහවැලි ගඟේ අතු ගංගාවක් වන ගල්ලන්ද ඔය උඩින් තනා ඇති මෙය මේ වන විට ලංකාවේ පවතින පැරණිම ලී පාලම වශයෙන් හඳුනාගෙන තිබේ. පාලම ආවරණය වන සේ ඊට උඩින් වහලක් ද දක්නට ලැබෙන අතර එසේ වහලක් සකස් කර ඇත්තේ මන්ද යන්න මේ වන තෙක් සොයාගෙන නොමැති බවයි වාර්තා වන්නේ.
බෝගොඩ පාලම බෝගොඩ රජ මහා විහාරය ද සමඟම දැකගත හැකි වේ. බෝගොඩ රජ මහා විහාරය පැරණි ගල් ගුහාවක් මූලික කරගනිමින් ගොඩනඟා ඇති අතර මෙය ද වළගම්බා රජ සමය දක්වා දිවෙන ඉතිහාසයකින් යුක්ත වේ.
Share With Friends
Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලීයෙන් තැනු බෝගොඩ පාලම දහසය (16) වන සියවසේ දඹදෙණි යුගයේ ගොඩනැඟූවක් වන මෙය වසර 400ක් පමණ පැරණිය.