Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඔන්න අපේ ගමේ ආව්චියක් හිටියා.. එයා හරිම ආඩම්බරයි. සාමාන්‍යයෙන් කතා කරන්නෙවත් නෑ. ඒ ආච්ව් අම්මා කොහෙන්හරි මාව දැක්කොත් මන් ඉන්න පැත්ත පලාතෙ ඉන්නෙ නෑ ආච්චි වාස්ප වෙනව. දවසක් බස් එකෙ කටකපලා සෙනග. එලවලු ලොකයයි බස් එකේම.. කොහිල වැල්.. දඹල ගස්.. කරවිල පදුරු.. පතොල කොරටු.. හැම තැනම. එද පොල දවසක්.. ඔය ආච්චිත් නැග්ගා පත වට්ටක්ක ගෙඩියක් අරගෙන.. ඇගිල්ලක් ගහන්න් බැ සෙනග.. ඒ හින්දා මන් අර ආච්චිට ඉදගන්න සීට් එක දෙන්න නැගිටිනකොටම.. මාව දැකලා බය උනු ආච්චි පතෝල හපාන පිටි..ම පස්සට ගියා. මටත් මොකො මන් ඉදගෙන ආවා.

තව දවසක් මායි අම්මයි වැවට නාන්න ගිය.. මේ ආච්චි එතකොටත් දිය රෙද්දත් ඇදගෙන රෙදි හෝදනවා.. මාව දැක්කා විතරයි බාගෙට හෝද හෝද හිටපු රෙදි ටිකත් උස්සගෙන දියරෙද්ද පිටින්ම වෑ කන්ද උඩින් එහා මංකඩට දිව්වා.. තව ඔය වගේ එව්වා උනා.. ආච්ව් මගෙ පැත්තවත් නොබලන හේතුව තමයි දැන් මේ කියන්න යන්නෙ.

ඔන්න ඉතින් අපේ ගෙදර ඉස්සර තිබ්බ තැපල් නයින්ටියක්.. තාමත් තියනවා.. අප්පච්චි ඉතින් මට ඕකත් පුරුදු කරා.. පීනන්න, හදිස්සියට ගස් නගින්න.. උයන්න පිහින්න වගේම බයික් පදින්න පුරුදු කරෙත් මට අප්පච්චි තමයි. පුරුදු උනු කාලෙ බෙල්ල කඩා ගත්තෙ නැති එක විතරයි…. දවසක් අප්පච්චිත් පිටිපස්සෙ ඉද්දිම පාර අයිනෙ තිබ්බ කඩේක පැත්තක් තලාගෙන ගානට කඩේ ඇතුලට පාක් කරා. ඔය මොන අකරතැබ්බ උනත් අපි සැලෙනවද ඔව්වට.. ? ඒ දවස් වල මට බයික් එකක කියන්නෙ සියලු සකල පිරි උත්තුංග මෙව්ව එකක්.. මුලු ජීවිතේම උනේ බයික් එක. කඩේට.. වැවට… ළමා සමාජෙට… කොටින්ම වැට පැනලා එහා ගෙදරට ගියෙත් බයික් එකෙන්..

ඔහොම දවසක ඕන් අම්ම කිව්වා.. ළමයො නාන්න යන්න ෂැම්පු පැකට් දෙකක් ගේන්න කියලා තව ලිස්ට් එකක් දුන්නා.. මාත් ලග කඩ තියද්දි ඒවත් පහු කරලා ටිකක් ඈත කඩේකට ගියා.. බඩු ටිකත් අරගෙන ආයෙ බයික් එකට නැග්ගා.. දැන් මන් රාවණා.. මන් යන්නෙ මගෙ දඩු මොණරේ.. වටපිටාවත් හරි සුන්දරයි.. ඔය කාලෙ අපේ ගමේ හිටියා පිස්සෙක්.. ඒ පිස්සා ගමෙන්ම යාලු මා එක්ක විතරයි. ඒකටත් හේතුවක් තියනවා.. ඒ කතාව පස්සෙ කියන්නම්. පොර කාලෙකින් පෙන්න ඉන්නවා.. ආයෙ කාලෙකට අතුරුදහන් වෙනවා.. මන් දැන් බයික් එකේ යන ගමන් දැක්ක පොර ඉන්නවා බස් හොල්ට් එකකට වෙලා.. බයික් එක නවත්තලා පිස්සාගෙන් ඇහුවා..
කොහෙද යන්නෙ කියලා.. ඒ ගමන මූ කිව්වා.. යන තැනකට යමු කියලා… මන් නම් යන්නෙ ගෙදර.. එහෙනම් ගෙදර යමු කියලා කීවා.. එතකොටම මතක් උනා දවසක් ඕකව මන් ගෙදර එක්කන් හිහින් නටපු ජවුසමෙන් පස්සෙ අපේ ගෙදරට මගෙ යාලුවෙක්වත් එනවට ගෙදරින් ටිකක් බයයි.. එහෙමයි කියලා මේකා මගෙ ෆ්‍රෙඩා.. ඔහොම ඉන්නකොට දුකයි නේ… මගෙ එක අතක තිබ්බ භූමිතෙල් බෝතලේත් පිස්සගෙ අතට දීලා නග්ගා ගත්තා පිටිපස්සෙන්… මටත් දැන් ඕනේ බයික් එකේ ටික දුරක් යන්නනේ.. එහෙම හිතලා ආයෙත් බයික් එක හරවගෙන පන්සල පාරෙ ගිහින් පන්සල ලගින් බැස්සුවා.. එ ගමන මූ කියපු..

ආපො පන්සල් යන්න බෑ.. චැහ්.. චැහ්.. ඕවගෙ යන්න බෑ කියලා.. පන්සල් බැරිනම් අපේ ගමේ පල්ලි තියෙනවයි උබව දාන්න කියලා… ඊලගට පන්සලේ ප්‍රධාන දායිකාවගෙ ගෙදර ලගින් බස්සලා.. මන් කිව්වා… මන් ගෙනත් දැම්මා කියන්න එපා.. පන්සලට වඩා මෙහෙ හොදයි කරුණාව උතුරනව.. ඔය ගෙදරට ගිහින් ඉන්න කියලා… මන් හිතන්නෙ එදායින් පස්සෙ පිස්සා ගමෙත් නෑ.. ඒ තරම් හොදට සලකලා තිබ්බා.

කොහොමහරි ඔහොම මගක් යනකොට අර උඩින් කියලා තියෙන ආච්චි හම්බුනා.. මාත් බයික් එක නවත්තලා නගින්න කිව්වා.. කොච්චර කීවත් බෑම කීවා.. මන් කිව්වනෙ එයා ආඩම්බරයි.. අපේ අම්මයි අප්පච්චියි ගුරුවරු හින්දා තමා අපේ ගෙදරවත් ආවා ගියේ. නැත්නම් එයා කිසිම ගෙදරකට යන්න කැමති නැ. ඉතින් ඔඑයා යනවලු දායක සභාවෙ ලියුම් ටිකක් බෙදන්න.. අපේ ගෙදරටත් ලියුමක් තියෙනවලු.. මන් ඒක ඉල්ලගන්න ගියාම කීවා..

“”කමක් නෑ පුතෙ ඔයාලගෙ අම්මා එක්ක පන්සලේ වැඩ වාරෙ ගැන කතා කරන්න ඕනා ඒක මන් දෙන්නම්.. එහෙනම් මේ ලියුම් ටික අහාටයි මෙහාටයි බෙදලා එන්න කියලා…””

අම්මේ ඉබ්බා දියට දානකොට ඇන්නෑවෙ කිව්වලු.. මාත් අනේ හා කියලා ආයෙ බයික් එක හරවන් ගෙවල් දහයකට දොලහකට ගිහින් ලියුම් බෙදලා තේ බීලා බිස්කට් කාලා.. ලොවි කාලා උගුරැස්ස කාලා.. දං කාලා බඩ දෙල් ගෙඩිය වගේ කරගෙන ආයෙ දඩුමොනරෙට නැග්ගා රජ ගෙට යන්න කියලා. මේ වෙනකොට අම්මා ගේන්න කිව්ව බඩු මල්ල ඇතුලට.. කූඹි.. දිමියො.. කඩියි.. පත්තෑයෝ.. ඕකුන් මේකුන් සේරමත් රිංගලා.. මන් දැන් උන්වත් දාගෙන බස් එක වගේ යනවා..

දැන් එකටම මාව දිමියො කනවා.. අර මල්ල ඇතුලෙ ඉදලා.. ඒත් එක්කම කිචි.. රජවාසලට ඇතුල්වෙන වාහල්කඩ හරිය හදන්න කියලා හිතාන අපෙ අප්පච්චි ඒ දවස්වල කලුගල් කැට දාලා තිබ්බා.. දෙපැත්තෙන් පත කානු දෙකකුත් කපලා තිබ්බා.. අව්චිත් දැන් අපේ ගෙදරට හැරෙන පාරේ.. මාව දිමියි කනවා.. හීනියට පිට දිගේ බෙල්ල දිගේ යනවා.. මාත් බයික් එක පාගලා යනවා.. ආච්ව් අපේ ගෙදර යනවා.. ආච්චිට පිටිපස්සෙ ඉදගෙන… අයින් වෙන්ඩෝ…. කියලා මන් කෑ ගැහුවා…. ආච්චිත් බට්ටා පනිනවා වගේ එහටයි මෙහාටයි පනින්න ගත්තා… එයා දකුනට පනිද්දි මන් වමට කැපුවා.. ආයෙ එයා වමට පනිද්දි මන් දකුනට කැපුවා.. ආචිචි සලිත වෙලා.. මන් මවිත වෙලා…. දිමියො ටිකත් ෆුල් හොල්මන් උන් මව තදින් බදාගෙන අල්ලගෙන.. පාර ලිස්සුවා.. ඇක්සලේටරේ මිරීකලා ඇල්ලුවා විතරයි කලු ගල් ගොඩේ ලිස්සල වැටෙයි කියලා බයට මන් භූමිතෙල් බොතලේ අල්ලාගත්තා…

මගේ දෑතින් හැඩල් දෙක අතැරුනා… මාව දකුනට බර වෙල.. බඩු මල්ල් සීසීකඩ වැටුනා.. කොහොම පැන්නද මන්දා මන් බයික් එකෙන් පැන්නා.. පැන්නා ප්ලස් වැටුනා කීවොත් තම හරී. බයික් එක තනියම චූටි දුරක් ගිහින් දෙබොක්කාවක හිර උනා.. ඔව් ඔව්ව් ආච්වහෙ චීත්‍තෙ අස්සෙ….. බයික් එකත් ආච්ව්ව බදාගෙනම කානුවට වැටුනා.. ආච්විගෙ ඔලුව බේරන්න කියලා හිතාන බාගෙට ගැලවිලා තිබ්බ හෙල්මට් අල්ලගන්න කියලා ආච්ව්ට විසික්කා.. ඒකත් ගිහින් ආච්ව්ගෙ බෙල්ලට පටාං ගාලා වැටුනා.. ආච්චිගෙ චීත්තෙ කොනක් රෝදෙ අස්සෙ.. චීත්ත තිබ්බ මල් යායම බෙරි වෙලා… රෙද්ද පාරෙ ආච්චි කානුවේ… හරිම කැත දර්ශනයක්.. ආච්ව් චීත්තෙත් ගලවගෙන අර කානුවක බැහලා… බයික් එකත් ආච්ව් උඩ සැපට ඉන්නවා.. බලන්න බැරි හින්දම මන් දිව්වා ගෙට… මොකද පොඩි ළමයින්ට ඔය කොටු කොටු දර්ශන හොද නෑ..

කොහොමහරි වටේ පිටේම සෙනග ඔතෙන්ට එකතුවෙලා.. ගෙදර මිනිස්සුත් ඇවිල්ලා ආච්ව්ව ගොඩ ගත්‍තා.. අම්මා ආච්ව්ගෙ චීත්තෙත් ඇන්දුවා.. ආච්ව් හිටගෙනම මට බැන්නා..
ආ තව දෙයක්.. එයා පොලිසි යනවා කිව්වා අම්මයි අප්පච්චියි හින්දා ඉවසන්නෙ කිව්වා.. එ කරලා අප්පච්චිට කිව්වා.. “”” මහත්තයා ගෙදර බල්ලො ඇති කියලා මන් බයේ ආවේ.. ඒ උනාට මේ ගෙදරට මිනිස්සු බය කරන්න බල්ලො ඕනේ නෑ.. “” කියලා.. එකට නම් ටිකක් හිත රිදුනා..

ඔහොම කාලෙ ගෙවිලා ගියා.. ඔව් ඉතින් කාලෙ යනවනේ.. මේ සිද්දිය වෙන්න කලින් මන් බයික් එක පුරුදු වෙන්නම පටන් ගත්ත කාලේ බයික් එක පැද්දෙ වැව් පාරේ.. වැව් තුනක් පහු කරන දුර ගිහින් තමා ආපහු හරවගෙන එන්නෙ. සීතල හුලගක් එක්ක වෑ කන්ද දිගේ යනකොට රාවණාට වඩා ආතල් එකක් මන් ගත්තා.. ඔක්කොටම වඩා ආතල් එක තියෙන්නේ වටේම ඉන්න බල්ලො ටික බයික් එක පස්සෙන් බුරාගෙන එනකොට.. හැමදාම වගේ ඕක වෙන හින්දා මගෙ ආසම වැඩේ බල්ලො අවුස්සන එක.. බල්ලො අස්සෙන් වෙට්ටු දාලා යද්දි මට දැනෙන්නෙ මන් දිලන්ත මාලගමු යනවා වගේ.. මාත් නිකන් බල්ලන්ට වලලු දෙනවා වගේ පාත් වෙලා වැඩ දාලා උන්ව බය කරාගෙන යනවා..

එදත් ඔහොම වැඩ දාලා චෙක් පොයින්ට් ටික පහු කරලා.. වානෙන් වතුර දෙබෑ කරගෙන යන්න කියලා රිතික් නාන්න යනවා වගේ අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට දික් කරලා ඉරබටු තරුව වගේ ඇරලා යන්න හිතාන.. හොදට ඇක්සලේටරේ කරකවලා කරකවලා අතාරියා පින්වතුනි…. ඉරබටු තරුව පස්ස ගිනිගෙන වැටෙන උල්කාව වගේ පුස් ගාලා වතුරට වැටිලා නිමිලා ගියා….. දෙපාරක් විතර නැගිටින්න ට්‍රයි කරා.. බෑ.. පස්සෙ බයික් එකේම එල්ලිලා එල්ලිලා කෝමහරි දගලලා නැගිටගත්තා.. නැගිටින්න ගත්තු වීරියට බයික් එකේ පැත්තක් පාසි කාරගෙන වතුර හාරගෙන මඩ හාරගෙන රොන් මඩත් හාරගෙන.. එරිලා.. මාත් කෝමහරි මඩ කරියා වගේ ගොඩ ආවා. ඒ ඇවිල්ලා බයික් එක ඇද්දා ඇද්දා.. ඇද්දට මොකො මන් අදිනවා විතරයි බයික් එක එන්නැ… කොච්චර කරත් හරි යන්නෙ නැති හින්දා මාත් අතෑරලා දැම්මා.. අනේ මොකටද අනේ ඔය හැට් මහන්සියි වෙන්නෙ… අප්පච්චි ආයෙ එකක් ගන්නෙ නැතැ.. තැපැල් නයින්ටිය මොකො.. අර අච්ව්ර විසාල ටටිටනික් නැවත් ගිලුනේ… උබට බැරු නම් උබ ඉදපන් කියලා මන් ආවා.. ඒත් කෝකටත් වෙන කවුරුත් දැක්කොත් කියලා.. පාසියි මඩයි සේරම දාලා බයික් එක වැහුවා.. යන්තන් අංක තහඩුව විතරයි වහගත්තෙ..
මන් හැරිලා ගෙදර ආවා.. මුල් ටික නම් ආවා කියලා කියන්න පුළුවන් ඒත් අගටිකට ආවා කියලා කියන්න බෑ… මොකද ආයෙ එනකොටත් අර චෙක් පොයින්ට් එක අහුවෙනවනෙ.. මෙච්චර දවසකට මන් කුලප්පු කරපු වටේම හිටපු බලු කැකුලු කැකිලියො.. පෝලිමට එනවා මගෙ පස්සෙන්…

හව් හව්ව් ගානවා…. මාත් ෆයින් ෆයින් ගාලා පයින් යනවා.. ආයෙ ටිකකින් මුන් බුහ් බුහ් ගානවා… මාත් දුප් දුප් ගාලා එලවනවා… එකා දෙන්න ගර්ර්ර් ගාලා ගොරවනවා.. දත් විලිස්සනවා… මන් දැන් බල්ලන්ට ටෝක් කරනවා.. අනේ මගේ සූටි කූටි කිචි කිචියා… ආනා… හපන්න එපා.. හිංචි කිචි කුංචි කුචියා…. කිය කියා මන් වැනෙනකොට… බලු ගැන්සියම මාව වටකරගෙන… එතනම හිටියොත් නම් මාව දෙකට තුනට ඉරෙනවා කියලා තේරුම් ගත්තු මන්.. එදත් සුපුරුදු පරිදි පාදනමස්කාර කරලා… රේස් එක පටන් ගත්තා..
මන් තනියම දුවනවා… උන් සෙට් එකම මගෙ පස්සෙන් එනවා… මන් දැන් කියවනවා… ලැජ්ජා නැද්ද භල්ලෝ තනිමට තොපි සෙට් එකක්ම පන්නන්නේ… තනි තනියම වරෙව්කෝ… පේස් ටු පේස් වරෙන්කෝ පස්සෙන් පනන්නෙ නැතුව…
එත් මුන් අහන්නෙ නෑ…. ගේමටම එනවා.. මාත් අතාරින්නෙ නෑ තියලා පාගනවා.. තුන් වෙනි වැවේ බයික් එක… දෙවනි වැව ලග චෙක් පොයින්ට් එක.. ජයාග්‍රාහි කඩ ඉම පළවෙනි වැව පෙන තෙක් ආනෙ දැන්…. ගෙදරට ලගයි දැන්.. ගෙදරට යනකන් දුවා ගන්න බෑ…. මේ භල්ලො මාව පන්නවා… කොරන්න දෙයක් නෑ පින්වතුනි.. හිත හිත ඉන්න දෙයක් නෑ.. පැන්නා පලවෙනි වැවට.. දෙන්නම් තොපිට ආ.. ඉදා… කියලා වතුර ගැහුවා බල්ලො ටිකට…

බල්ලන්ට වතුර ගගහා ඉන්නකොට මමෙක් එනවා ෆුට් සයිකලයක් පැදගෙන.. ආ… දුව නානවද… කියාගෙන ගියා… මාත් ලැජාවෙ බෑනේ ඔව් මාමේ නාන්නා ආවා.. කියලා දෙපාරක් විතර ඔලුව ඔබලා උඩ බලනකොට බල්ලොත් නෑ මාමත් නෑ… ටක් ගාලා ගොඩට ඇවිල්ලා බලනකොට මාමා පස්සෙන් බල්ලො ටික පන්නවා… මාමා මාරුවෙන් මාරුවට කකුල් මාරු කර කර බල්ලන්ට ගහනවා… එයාලට පාඩුවෙ වැඩ ටික කරගන්න ඇරලා.. මන් පිටිපස්සෙන් ගෙදර ගිහිල්ලා නාගෙන එහෙම කාමරේ ඇතුලට වෙලා හිටියා..

ටික වෙලාවක් යනකොට.. අප්පච්චි කඩේ යන්න බයික් එක හොයනවා.. අඩිය හප්පලා තක දාලා ගින්දර පිබලා.. කො බොල බයික් එක කියලා අහපු පාර… නැතෙ මමත් හිතලා කරේ… ඒත් බොලේ රතේ ගිලේ… කියලා ඩෙස්ටිනේෂන් එක පෙන්නලා
මන් වෙනම පාරකින් දුවලා ගිහින් හැන්ගුනා.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!