නින්දෙන් ගෙරවීම මරණයෙන් කෙළවර වෙන්න පුළුවන්! (Sleep Apnea Part II)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ගොරවන මනුස්සයට එයා ගොරවනවා කියලා තේරෙන්නෙත් නැත්නම් ප්‍රශ්නයක් නෑනේ? ඒ වගේම එයා එක්ක නිදාගන්න අනිත් කෙනා කනේ පුලුං කෑල්ලක් ගහගෙන සවුන්ඩ් පෲෆ් කරගත්තනම් ඒ වැඩෙත් හරිනෙ?
දැන් එතකොට මේ sleep apnea ගැන අපි සැලකිලිමත් විය යුත්තෙ ඇයි? ගොරවන මනුස්සයට එයා ගොරවනවා කියලා තේරෙන්නෙත් නැත්නම් ප්රශ්නයක් නෑනේ? ඒ වගේම එයා එක්ක නිදාගන්න අනිත් කෙනා කනේ පුලුං කෑල්ලක් ගහගෙන සවුන්ඩ් පෲෆ් කරගත්තනම් ඒ වැඩෙත් හරිනෙ? හැබැයි sleep apnea කියන්නෙ ඒ වගේ සරල විසඳුම් තියෙන අහිංසක ලෙඩක් නෙමේ.
නිදිකිරා වැටීමෙන් සදාතනික නින්දට 
ඔබ දන්නවාද බොහොමයක් රිය අනතුරු මේ රාත්රී ගෙරවීමේ එහෙමත් නැත්නම් sleep apnea වල ප්රතිපලයක් ලෙස සිදුවන බව? මම කලින් ලිපියෙන් පැහැදිලි කලා රාත්රියේ ගෙරවීම නිසා නිසියාකාර නින්දක් නොලැබීමෙන් දහවල් අතිශය වෙහෙසකර තත්වයක් මේ sleep apnea නිසා ඇති වන බව. ඉතිං ගොඩක් වෙලාවට මේ අය දහවල් කාලයේ ඉබේම නිදිකිරා වැටෙනවා. හිතන්න රියදුරෙක්ට මේ තත්වය ඇති උනොත් රිය අනතුරු සිදුවීමට කොපමන ඉඩ කඩක් තියෙනවද කියල.
නමුත් sleep apnea වල අනතුරුදායක බව මීටත් වඩා එහාට දිවයනවා.
විද්‍යාත්මක පසුබිම
අපි දන්නවා ශ්වසන මාර්ගය අවහිර වීම නිසා රුධිර ඔක්සිජන් ප්රමානය පහල යන බව. අපේ මොලය දන්නෙ නෑ මේ ඔක්සිජන් මට්ටම පහල යන්නෙ මේ ගෙරවිල්ලක් නිසා බව. එයා හිතන්නෙ මෙන්න මෙයා හුස්මගන්න බැරුව මැරෙන්නයි යන්නෙ, ඉක්මනට මුකුත් නොකලොත් ඉවරයි කියල. ඉතිං මොලේ හැකි ඉක්මනට මේ වගේ ජීවිත අනතුරකදි ක්රියාත්මක කරන අපේ ඇඟේ ගිනි නිවන හමුදාව වගේ ඉන්න අනුවේගී ස්නායු පද්ධතිය උත්තේජනය කරනවා. එතකොට රුධිර වාහිනී සංකෝචනය වීම ප්රදාහක ප්රතිචාරය වගේ emergency actions ඇගේ ඉබේම පටංගන්නවා.
ඇති වියහැකි අතුරු ආබාධ 
1. අධිරුධිර පීඩනය hypertension
2. හෘත් අකර්මණ්ය වීම් heart failure
3. හෘත් රිද්ම අක්රමිකතා arrhythmia
4. ආඝාතය stroke
5. හෘද්යාබාධ myocardial infarction
6. වකුගඩු රෝග renal disease
වැඩ කොට උඩ
මීට අමතරව අනුවේගී ස්නායු පද්ධතිය විසින් අපේ ඇඟේ පරිවෘත්තිය ක්රියාවලිය ඒ කියන්නෙ ඇඟ ඇතුලෙ එක එක සංයෝග කඩලා බිඳලා සකස් කිරීමේ කටයුතු වෙනස් කරනවා. පරිවෘත්තිය ක්රියා කිව්වම සාමාන්ය කෙනෙක්ට තේරුමක් නැති වෙන්න පුලුවන් නිසා මම කෙටියෙන් ඒ දේ පැහැදිලි කරන්නම්.
සරලම උදාහරණය තමා අපි කෑමක් කාපුවම ඒ කෑමේ තියෙන පෝශක ඒ ආකාරයෙන්ම අපේ ඇඟට උරාගෙන ශක්තිය ජනනය කරන්න ශරීරයට හැකියාවක් නෑ. ඉතිං අපේ ඇඟ ඇතුලේ වෙන ජීරණ ක්රියාවලියෙන් ආහාර කුඩා අනු දක්වාම කඩා බිඳ දමලා ශරීරයේ කටයුතු වලට ගැලපෙන සංයෝග බවට සකස් කර ගන්නවා.. හරියට අපි කන පාං කෑල්ලක තියෙන පිෂ්ඨය එහෙම නැත්තං කාබෝහයිඩ්රේට සරල ග්ලූකෝස් අනු බවට පත්කරගන්නවා වගේ. ඉතිං මේ සම්පූර්ණ ක්රියාවලිය, අනුවේගී ස්නායු පද්ධතියෙන් වෙනස් කරනවා මේ පොඩි ගෙරවිල්ලක් නිසා. ඒකේ ප්රතිපලයක් ලෙස දියවැඩියාව හැදෙන්න පුලුවන්! මීට අමතරව insulin resistance, glucose intolerance සහ metabolic syndrome වැනි රෝග තත්ව ඇති වෙන්නත් පුලුවන්. අන්තිම ලෙඩ ටික කෙසේ වෙතත් දියවැඩියාව කිව්වම ගොඩක් අයට තේරෙයි බරපතලකම.
තව දුරටත්..
මේ එකක්වත් සෙල්ලම් ලෙඩ නෙමේ කියලා ලෙඩ ගැන යම්තාක් හෝ දැනුමක් තියෙන කෙනෙක් දන්නවා. මේ සේරම ජීවිතය මරණය තීරනය කරන ලෙඩ. ඉතිං මේ වගේ ලෙඩක් හැදුනාම කිසි කෙනෙක් හිතන්නෙ නෑ මේක මේ ගෙරවිල්ලෙ ප්රතිපලයක් කියලා. ඇත්තටම අපේ දැනුවත්භාවය අඩු නිසාම ගොඩක් අය මේ වගේ සුලු දෙයක් කියලා නොසලකාහැරලා භයානක ප්රතිපල ලැබෙනකන් උඩබලං ඉන්නවා. ඒ විතරක් නෙමේ sleep apnea නිසා මානසික ආබාධ පවා ඇති වෙන්න පුලුවන් කියල මත පල වෙනවා. තවමත් මානසික ආබාධ සහ sleep apnea අතර සම්බන්ධය හරියටම පර්යේෂණ මගින් තහවුරු වෙලා නම් නෑ. ඒ උනත් depression වලට මේ ගෙරවිල්ල එක් හේතුවක් විය හැකි බවට මේ වන විට මත පලවෙලා තියෙනවා. හැබැයි ඉතිං කසාද බැඳපු කෙනා ගොරවන නිසා depress වෙච්ච කාන්තාවො පිරිමි ගැන නම් ලෝකෙ පුරාම වාර්තා තියෙනවා.
අවසන් මානසික රෝග සම්බන්ධයෙන් ඇරුනු කොට අනිත් සියලුම කරුනු සායනිකව පර්යේෂණ මගින් තහවුරු වෙච්ච ඒවා. යකඩෝ මේ රෑට පොඩ්ඩක් ගෙරෙව්වාම හාට් ඇටෑක් එන්නෙ මොන ලෝකෙද කියල කාට හරි සැක පහල වෙනවා නම් පහල reference වලට ගිහින් සනාථ කරගතෑකි.
ලෙඩේ බලෙන් දා ගන්නා ආකාරය
දැන් අපි පොඩ්ඩක් හොයල බලමු මොන වගේ අයටද මේ obstructive sleep apnea ඇති වෙන්න ඉඩකඩ තියෙන්නෙ කියල.
1. අධික තරබාරු
2. දුම්පානය
3. මත්පැන් පානය
4. නිද්රාකාරක ඖෂධ භාවිතය
5. බෙල්ලේ වට ප්රමානය අධිකතාව
6. විශාල දිව සහ සෙම්ගෙඩි
මෙන්න මේ අයට මේ තත්වය ඇති වෙන්න ඉඩකඩ බොහෝ වැඩී. ඉතිං ඒ අය ප්රවේසම් වෙන්න ඕනෙ. හැබැයි ඉතිං සිගරට් අරක්කු බොන මී හරක් එල හරක් පුත්තලම් බූරුවන්ට නම් මේ වගේ ලිපි කියෙව්වයි කියල නැණ නුවණ පහල වෙයි කියල හිතන එකත් එක්තරා ආකාරයකට විහිලුවක්. ( අර අහිංසක සත්තුන්ට අපහස කෙරුවාට සමාවෙන්න )
ඊලඟ ලිපියෙන් අපි වැදගත්ම කොටස සාකච්ඡා කරමු. මොනාද එතකොට අපිට මේ වෙනුවෙන් කරන්න පුලුවන් ප්රතිකාර කියල.
L. H. D. J. Sathsara
Physiotherapist
Base Hospital, Bibile

මූලාශ්‍ර : http://content.onlinejacc.org/article.aspx…

…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………

තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!