සිංහලද්වීපයේ සිංහාසනය

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආදිපත්‍යය යටතට පත් වීමෙන් පසු සිංහලද්වීපයේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානිය තුළ වූ වටිනා රාජකීය බඩු බාහිරාදිය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් සොරා ගත් අතර ඒවා බ්‍රිතාන්‍ය මහ රැජින වෙත යැවීමට කටයුතු කලේය.

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය ආදිපත්‍යය යටතට පත් වීමෙන් පසු සිංහලද්වීපයේ අවසන් රාජධානිය වූ මහනුවර රාජධානිය තුළ වූ වටිනා රාජකීය බඩු බාහිරාදිය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් සොරා ගත් අතර ඒවා බ්‍රිතාන්‍ය මහ රැජින වෙත යැවීමට කටයුතු කලේය. ඒ තුළ වූ වටිනා මුතු මැණික් හා ස්වර්ණාභරණ, ආයුධ හා ආම්පන්න වටිනා පුස්කොල පොත් වල මුල් පිටපත් ලේකනද රන් රිදී කාසි පෙට්ටගම් ආදිය ද විය. එහි වඩාත්ම වැදගත් වන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය බඩු බාහිරාදිය හා ආම්පන්න ආදියයි. රජුගේ රාජකීය ඔටුන්න සහ රන් ආභරණ, සිංහාසනය හා රාජකීය කඩුව, පා පුටුව ආදිය සියල්ල ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් විසින් බ්‍රිතාන්‍ය මහ රැජින සතුටු කිරීම සඳහා යැවීය. මේ සියල්ල සාදරයෙන් පිලිගත් බ්‍රිතාන්‍යයන් සියල්ල ම එංගලන්තයේ වින්ඩ්සර් මාලිගාවේ තැන්පත් කලහ. මෙම රන් සිංහාසනය රාජකීයයන් කීප දෙනෙක් ම භාවිතා කළ බව සඳහන් වෙයි. වික්ටෝරියා මහ රැජිනද එය රාජකීය උත්සව සභාවේ භාවිතා කළ බව තහවුරු වී ඇත.

පසුකාලීනව 1930 ගනන්වල බලයට පත් වූ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ ආණ්ඩුව ලංකාව සමග මිත්‍රශීලීව කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 1933දී ශ්‍රී ලංකාවට සර්ව ජන ඡන්ද බලය ලබා දිමට ද කටයුතු කලහ. එය ලබා දී වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සව සමය වෙනුවෙන් එය සංකේතවත් කිරීම සඳහා යටත් විජිත කාර්යාලයේ ප්‍රභූන් විසින් කල ඉල්ලීම මත ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ රාජකීය රන් ඔටුන්න සහ සිංහාසනය ආදිය ලංකාවට යවන ලදී. ඒ රාජකීය අන පරිදි එච්. එම්. එස්. කෙන්ට් රාජකීය නෞකාවේ මෙම බඩු බාහිරාදිය යැවූ අතර ඒ සමගම ග්ලූසෙස්ටර් ආදිපාදවරයාද පැමිණියේය.

1….1934දී කොළඹ වරායට පැමිණෙන විට පුවත දැනගත් මහ ජනතාව දහස් ගණනින් එක්රැස් වූහ. දින කිහිපයක් කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කල අතර පසුව එයට ගරු කිරීම සඳහා ඓතිහාසික මහනුවර මගුල් මඩුවේ තැන්පත් කර උත්සවයක් ද පැවැත්විණි. එහිදී ග්ලූසෙස්ටර් ආදිපාදවරයා සභාව ඇමතූ ආකාරය මෙම ජායාරූපයේ දැක්වේ. පිටුපසින් තිරයකින් වසා දමා ඇත්තේ එම සිංහාසනයයි. පසුව නැවත කොළඹ ජාතික කෞතුකාගාරයේ ම තැන්පත් කලහ.

2….ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් ලෙස 1948 දී පෙබරවාරි මස 4වන දින බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීය. එහිදී පැවැත් වූ පලමු නිදහස් උලෙළ සඳහා කොළඹ නිදහස් චතුරස්‍රය අසල තැනූ විශාල මණ්ඩපයේ ප්‍රධාන වේදිකාවේ ඉහළින් එම රාජකීය සිංහාසනය හා ඔටුන්න ඇතුළු සියලු දැ තැන්පත් කර මහජන ගෞරවයට පාත්‍ර කලහ. මෙම රාජකීය බඩු බාහිරාදිය දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ දැක ගත හැකිය.

3..4..1934දී මහනුවර රජ ගෙදර පැවැති උත්සවය. මහනුවර කිංග්ස් පැවිලියන් හෙවත් රජ ගෙදර. එංගලන්තයේ ග්ලූසෙස්ටර් හි ආදිපාද යුවල සහ එවකට අග්‍රාණ්ඩුකාරවරයා ශ්‍රීමත් එඩ්වඩ් ස්ටබ්ස්, නායක හිමිවරුන්, උඩරට රදළ ප්‍රධානීන් සමග 1934දී. මෙය ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජකීය ඔටුන්න සහ සිංහාසනය ආදිය ලංකාවට නැවත ලබා දීම සඳහා පැවැති උත්සවයේදී ගත් ජායාරූප කිහිපයකි.

Sri Lankan Royal Crown & Chair

ජායාරූප උපුටාගැනීම:
සෝමසිරි දේවේන්ද්‍ර, සන්ඩේ ටයිම්ස්.
Sheikh irshard bin sahabuddeen
මූලාශ්‍ර :
පනස්වන නිදහස සැමරුම් කලාපය, රාවය ප්‍රකාශන.

අරබුදයේ අන්දරය, වික්ටර් අයිවන්, රාවය ප්‍රකාශන.

Arnold Wright., The Twentieth Century Impressions of Ceylon, 1908.

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!