මීඩියා උණ තියෙන අයට “කෝඩුකාර Revolution”

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email

ඉගෙනීම, තරඟකාරී විභාග වගේ දේවල් නිසා පුංචි කාලෙ නිවේදකයෙක්, හඬකැවීම් ශිල්පියෙක්, ඡායාරූපශිපියෙක් මේ වගේ මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න ඔබට තිබුණු හීන, සහජයෙන් ආව හැකියාවන් මරාදමන්න දමන්න සිද්ධ වුණාද? පාසල් මාධ්‍ය කවයටවත් සම්බන්ධ වෙන්න බැරි උණාද? පාසැල් කාලෙදි මාධ්‍ය විෂය හැදෑරුවා හෝ තරඟ වලට සහභාගී වුණත් ඒ හීන වලට අත්තටු දෙන්න බැරි වුණාද? ඒ වගේ මීඩියා උණ තියෙන අයට උදව් කරන “කෝඩුකාර Revolution” ගැන කියන්නයි මේ ලිපිය.

ඔබ නොදැන හිටියට ඔබ ඉන්නෙ හරියටම ඒ හීනයට එකම එක කඩුල්ලක් පිටුපසින් වෙන්න පුළුවන්.. ක්ෂේත්‍ර දැනුමක් නැහැ, අවශ්‍ය උපාංග, උපකරණ නැහැ, ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්ගෙන් ගුරුහරුකමක්  ලබා ගන්න අවකාශයක් නැහැ,සමහර විට ඒ සියල්ලම තිබුණත් ඔබට නැත්තේ දක්ෂතා පෙන්වන්න “අවස්ථාවක්” විතරක් වෙන්නත් පුළුවන්.. අන්න ඒ අවස්ථාව අවකාශය හදල දෙන්න ඔවුන්ට පුළුවන්!

“අනේ මට තව එක අවස්ථාවක් ලැබුණ නම්..”

කියල ඔබ හිතුව ඒ සිතිවිල්ලට පණ දෙන්නයි  “කෝඩුකාර Revolution” කණ්ඩායම උදව් කරන්න හදන්නේ..

“ඒත් ඒ කොහොමද? කවුද මං වගේ නවකයෙක්ට අවස්ථාවක් දෙන්නේ?”

ඔබ බලාපොරොත්තුවෙන් ඉන්න ඒ අවස්ථාව ඔබට ළඟා කරල දෙන්න ඔවුන් අලුත් පාළමක් තනනවා.

ඔබ වගේම හීන දකින, හීන අතරමැද හිර වෙලා ඉන්න, කොටින්ම කියනවනම් “කෝඩුකාරයින්” හැමෝම  එක තැනකට එකතු කරලා, ඔබට තනි තනිව කරන්න බැරි වුණු දේ, එක ශක්තිමත්  කණ්ඩායමක් විදිහට එකතු කරලා කරන්නයි ඔවුන් බලාපොරොත්තු වෙන්නේ..

ඒ විදිහට ශක්තිමත් කණ්ඩායමක්  ගොඩ නගා ගත්තයින් පස්සේ  මුලින්ම, ඔබේ හීන නතර වුණු ඒ කඩුල්ල පනින්න අවශ්‍ය පහසුකම ඔවුන් ඔබට සකස් කරලා දෙනවා..

ඔබ මේ මොහොතේ මොන අධ්‍යාපනික මට්ටමක, මොන ආකාරයේ රැකියාවක නිරත වුණත්,

01.Filming/cinematography/Videography
02. News and Documentary
03.Graphic designing and 3D animation
04.Photography
05.Audio Production
06.Creative Writing
07.Content Creating
08.Visual Arts (acting/dancing/modeling)
09.Technical

කියන මේ ක්ෂේත්‍ර අතරින් ඔබ කැමැති ක්ෂේත්‍රයක් ඔස්සේ ඉදිරියට යන්න අවශ්‍ය ගුරුහරුකම් දීලා ඔබව සන්නද්ධ කරනවා. නිකන්ම නෙමෙයි, කෝඩුකාර Revolution අනන්‍යතාවයත් එක්ක!  තනිවම, ආධුනිකයෙක් විදිහට ක්ෂේත්‍රයට ඇතුල් වෙන ඔබට විවර නොවෙන දොරවල්, “කෝඩුකාර Revolution සමාජිකයෙක්” කියන නමට හැරෙන ආකාරයේ අනන්‍යතාවක්!

සන්නාමයකට සීමා නොවුණු ඒ අනන්‍යතාවය තුළ හැසිරෙන්න අවශ්‍ය  කණ්ඩායම් හැඟීම, සාමුහිකත්වය, දනුවත් බව, ආවේණික බව, කොටින්ම “වෙනස්”  මාධ්‍යකරුවෙක් වෙන්න අවශ්‍ය මාර්ග දර්ශනයත් කෝඩුකාර Revolution තුළින් ඔබට ලැබේවි..

අවසාන පියවර විදිහට නානාවිධ හැකියා වලින් සන්නද්ධ  “කෝඩුකාර බලවේගයේ” සමූහික දායකත්වයෙන්   අපූරු, වෙනස්, ගුණාත්මක වගේම අංග සම්පූර්ණ නිර්මාණ බිහි කරන්නයි කෝඩුකාර මඬුල්ලේ අභිප්‍රාය.

ව්‍යාපෘතියට එකතු වෙන්න කෝඩුකාර Revolution  වෙබ් පිටුවට යන්න.  ඔබේ කෝඩුකාර මීඩියා හීන වෙනුවෙන් A/L පන්තිය අපෙන් සුභ පැතුම්.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!