ලෝකයේ රටවල් රැසක සහභාගීත්වයෙන් පැවැති අන්තර් ජාතික වනජීවී සත්ව ඡුායාරූප තරගයෙන් ශී‍්‍ර ලංකාවේ මදාරා හේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ ‘යාල වන උද්‍යානයේ ජුලියස් නම් කොටියා’ගේ හා ‘කුමන අභය භූමියේ පෙරැුළි කොණ්ඩ උකුස්සා’ ගේ ඡායාරූප දෙක ප්‍රථම ස්ථානයට තේරී පත්විණ.ී්ර ලංකාවේ මදාරා හේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ u‘යාල වන උද්‍යානයේ ජුලියස් නම් කොටියා’ගේ හා ‘කුමන අභය භූමියේ පෙරැුළි කොණ්ඩ උකුස්සා’ ගේ ඡායාරූප දෙක ප්‍රථම ස්ථානයට තේරී පත්විණ.
අවසන් මහා තරගයට බි්රතාන්යයෙන් ඉදිරිපත් වූ ඡායාරූපයකුත් අවසන් පූර්ව තරගයට කැනඩාව ඉදිරිපත් කළ ඡායාරූපයකුත් ශී‍්‍ර ලංකාවෙන් මදාරා හේමචන්ද්‍ර මහත්මිය ඉදිරිපත් කළ ඡායාරූපත් ඉදිරිපත් ව තිබුණි.
ප්‍රංශයේ අන්තර් ජාතික වන ජීවී ඡායාරූප සංගමය විසින් අන්තර් ජාලය හරහා මෙම ඡායාරූප තරගය සංවිධානය කළ අතර ඉන් පළමු ස්ථානය දිනාගත් ඡුායාරූප ශී‍්‍ර ලංකාව පිළිබඳව සංචාරකයන් ගේ ආකර්ශනය ඉහළ නැංවීමට යම්කිසි බලපෑමක් ඇති කරනු ඇතැයි විශේෂ ඇගයීමකට ද ලක්වුණි. මදාරා හේමචන්ද්‍ර මහත්මිය බි්රතාන්යයේ ස්ටැෆර්ඞ්ෂයර් විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරිනියක් මෙන්ම වෘත්තිමය ස්වර්ණාභරණ ව්‍යාපාරිකාවකි.