******
Coca Cola සමාගම, coca cola සිසිල් බීම විකුණන්නට දරන ප්රචාරක වියදමට නොදෙවෙනි, ඉතා විශාල මුදලක් “කිරි” විකුණන්නටත් කිරි නිෂ්පාදකයින් වැය කරන බව ඔබ දැන හිටියද? කියන තරම් කිරි ගුණදායක නම් පෝෂ දායක නම් ඇයි ප්‍රචාරණයට එතරම් මුදලක් වැයවෙන්නේ???
හමුදා සෙබළුන් වෙනුවෙන් නිෂ්පාදනය කෙරුණු කිරි
පළමුවෙනි ලෝක යුද සමයේදී, වෙනත් රටවල සටන් බිමේ උන්නු ඇමරිකානු හමුදා සෙබළුන්ට ඒ ඒ රටවලින් අවශ්‍ය තරම් ආහාර සොයා ගන්න එක ලේසි පහසු කාර්යයක් වුණේ නැහැ. මේ නිසා ඇමරිකානු රජය තීරණය කළා සකස් කරපු ආහාර වෙනුවට ටින් කළ කිරි තමන්ගේ හමුදා සෙබළුන්ට ලබාදෙන්න. නමුත් ඒ තීරණය ක්‍රියාත්මක කරන එක හිතපු තරම් පහසු කාර්යයක් නොවුණේ, ලක්ෂ සංඛ්‍යාත සෙබළ පිරිසට ටින් කළ කිරි සපයන්න, ඒ වෙන විට ඇමරිකාවේ ජීවත් වුණු ගවයන් ප්‍රමාණයවත්, එතෙක් ඇමරිකාවේ තිබූ වාර්ෂික කිරි නිෂ්පාදිතය වත් ප්‍රමාණවත් වුණේ නැති නිසයි. වහාම ක්‍රියාත්මක වන පරිදි දේශීය කිරි නිෂ්පාදිතය ඉහළ නංවන්නට අවශ්‍ය තරම් කිරි ගවයින්, ගොවිපල සහ කිරි නිෂ්පාදනාගාර අමෙරිකාව පුරා ඇති කෙරුණා.
හමුදාව කිරි එපා කියයි
කිරි නිෂ්පාදනය සම්බන්ධව රජයේ සැලසුම මුලින් ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වුණා. ඒ අතරතුර පළමුවන ලෝක යුද්ධය නිමා වී ඇමරිකානු හමුදා සෙබළුන් නැවතත් සිය මව් රට කරා ආවා. හමුදා සෙබළුන්ගේ ආහාර අවශ්‍යතාව සපුරන්නට නිෂ්පාදනය කළ ලක්ෂ ගණනක් වූ කිරි ගැලුම් වලට තිබූ ඉල්ලුම ශීඝ්‍රයෙන් පහළ වැටෙන්නට ගත්තා. කිරි නිෂ්පාදනය හා සම්බන්ධ සමාගම් සහ ඒවායේ රැකියාවල නියුතු වුන අය ඉතා අසීරු තත්ත්වයකට පත් වුණා.
අපූරු නුවණ
තමන්ගේ කිරි නිෂ්පාදන වලට වෙළඳපළක් සොයමින් සිටි සමාගම් වලට අපූරු අදහසක් පහළ වුණා. “අවශ්‍යතාවක් නැති නම් අවශ්‍යතාවක් ඇති කරන්න ඕනෑ” යුධ සෙබළුන්ට ආහාරවලට විකල්පයක් ලෙස අවශ්‍ය වුණු කිරි, සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා අවශ්‍යතාවයක් බවට පත් කිරිමට අවශ්‍ය පිඹුරු පත් සකස් කෙරුණා.
කිරි අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් වේ
ඇමරිකානු රජයේ සහයෝගයත් ඇතිව, “කිරි අත්‍යවශ්‍ය භාණ්ඩයක්” කිරීමේ සටන ආරම්භ වුණා. ප්‍රහාරයේ මූලික ඉලක්කය වුණේ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියනුයි. හොඳම දේ දරුවන්ට ලබා දෙන්න උත්සාහ කරන දෙමව්පියන්ට, ඔවුන්ගේ දරුවන්ට අවශ්‍ය පෝෂණය ශක්තිය ලබා දෙන්නට “කිරි” ලබාදීම අත්‍යවශ්‍ය බව ඒත්තු ගැන්වුනා. පුවත්පත් වල , රූපවාහිනියේ වෙළෙඳ ප්රචාරක දැන්වීම්වල “Got milk?” “Daily milk check-up” වැනි ආකර්ෂණීය වාක්‍ය අඩංගු දැන්වීම් නොකඩවා පළ වුණා. කිරි බී අවසන් වුණාට පස්සේ මුවට උඩින් කිරි තැවරුණු (“Milk mustache”) නළු නිළියන් රැගත් පින්තූර පවා ඒ ප්රචාරක දැන්වීම් වල ඇතුළත් වුණා.
එයින් නොනැවතුණු ඇමරිකානු කිරි නිෂ්පාදකයින්, “Milk shake” වැනි කිරි හා කිරි නිෂ්පාදන, ආහාර මෙනුවට ඇතුලත් කරන්න සුප්‍රකට ඇමෙරිකානු අවන්හල් සමග ගිවිසුම් වලටත් එළඹුණා.
කිරි නිෂ්පාදකයින්ගේ ආදායම බලා සිටිද්දී වැඩි කරමින්, මිනිසාට කිරි නැතිව ජීවත් වෙන්න බැහැ යන මතය සමාජයේ තවත් සියවස් ගණනකට ඉතුරු කරමින්, ඔවුන්ගේ සැලසුම් සාර්ථකත්වයෙන් අති සාර්ථකත්වයට පත් වුණා.
ඇත්තටම කිරි ඕනෙද?
ශාකමය ආහාර ධාන්‍ය වර්ග වලින් ලබාගන්නා කිරි වල සෑහෙන තරම් පෝෂක ගුණාංග ඇතුළත් වුණත්, සතුන්ගෙන්, විශේෂයෙන් කිරි ගවයන්ගෙන් ලබාගන්නා කිරි වල මිනිස්සුන්ට වැදගත් කිසිම පෝෂක ගුණාංගයක් නැති බව විද්‍යාඥයින් සහ වෛද්‍යවරුන් මේ වෙනවිට සාධක සහිතව පෙන්වා දී තියෙනවා. පෝෂක ද්‍රව්‍ය කෙසේ වෙතත්, අමාශගත රෝග වලට, මුහුනේ කුරුලෑ ඇතිවෙන්න ට සහ තරබාරුකම ඇතුළු තවත් අතුරු ආබාධ රැසකට කිරි හේතු පාදක වෙන බව නම් රහසක් නොවෙයි.
මූලාශ්‍ර : https://worldwarera.com/ , http://projectnightfall.org/,
…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
තවත් මේ වගේ ලිපි කියවන්න A/L පන්තිය Facebook page එකට එකතු වෙන්න.