“එහෙනම් එහෙම එකෙක්වද අපේ අම්මා මට ජෝඩු කරන්න හදන්නෙ.?”
නෙතුලි තනිවම හිතුවෙ ගෙදරින් එනවිට තිබුණාටත් වැඩි කෝපයකින්.
“නෙතූ අහුවෙන්න නම් එපා…ඌ හොඳ එකෙක් නෙවෙයි,හොඳ මූණ පෙන්නගෙන හිටියට…මම වික්රමසිංහ ගෘප් එකේ වැඩකරන කාලෙ මටත් දවස් දෙක තුනක්ම එකඑක යෝජනා අරන් ආවා මිනිහා…ඒක හින්දමයි මම ඒකෙන් අයින්වුනේ.කම්ප්ලේන් කළාට වැඩක් නෑනෙ…”
“ඉතින් උඹ මටවත් කිවුවෙ නෑනෙ අමා…අපි දෙන්නම එකටනෙ ටයිකොන්ඩෝ පන්ති ගියෙත්.මගදි අල්ලගෙන ගහලා කානුවක් පල්ලට දාන්න තිබුණා ඌව…එච්චර තිරිසනෙක් නම්…”
“අනේ මේ ටයිකොන්ඩෝ පන්ති ගියාට ලංකාවෙ නම්බර් වන් බිස්නස්මන් කෙනෙක්ගෙ පුතෙක්ට ගහන්න පුලුවන්ද බන් අපිට.අපි කෙල්ලොනෙ…”
“ෂෝක් කෙල්ලො කියලා බලන් හිටියොත්.අපිව උස්සගෙන ගිහින් මොනවාහරි කරලා දානකම් ද බලන් ඉන්න ඕනි.ෂික් තිරිසනා….මහලොකුවට අපේ අම්මටත් වැඳලා ගියේ…මම කාමරේ දොර බාගෙට ඇරලා බලන් හිටියෙ උගෙ රඟපෑම් දිහා….ආ ඒක නෙවෙයි අමා. ඌ කියනවා මාව ගෙදර අරන් යන්නත් හිතෙනවලු…”
“ඒ නම් හොඳකට නෙවෙයි නෙතූ….කෝකටත් පරිස්සමින්….තනියම යන්න එහෙම එපා කොහෙවත්….අනික අම්මලත් කැමති නම් ඒ ආශිර්වාදයෙන්ම උඹව කොහේහරි අරන් යන්නත් ඉඩ තියෙනවා….මට පේන විදියට උගේ ඊළඟ ටාගට් එක උඹයි නෙතූ….”
“මේ එහෙනම් මොනවාහරි බීලා අපි යමු….උඹටත් වැඩඇතිනෙ…?”
“අනේ නෑ බන්….මම අදයි හෙටයි ෆ්රී…අනිද්දටනම් වැඩ.මම කියන්නම්,මම උඹත් එක්ක එන්නම් ගේ ළඟට එනකල්….”
“ඉතින් උඹ ආවෙ උඹේ කාර් එකේනෙ අමා…?”
“මෝඩියෙ…කාර් එකෙන් තමයි.මම මගේ කාර්එකෙන් උඹේ පස්සෙන් එන්නම්…අරූ මොකාටද එන්න හදන්නෙ කියලා බලමුකො…මේපාර තමයි මිස්ටර් අනුහස් වික්රමසිංහ පාඩමක් ඉගෙන ගන්නෙ…”
අමාලිත් කිවුවෙ තරහින්…
තවත් විනාඩි 10කින් පමණ දෙදෙනාම රසඳුන රෙස්ටුරන්ට් එකෙන් පිටත් වුනා…
නිට්ටඹුව නගරය පසුකර ටිකදුරක් නෙතුලිගේ නිවස දෙසට යනවිට සුදුපැහැ කුඩා වෑන්රථයක් නෙතුලිගේ කාර්රථය ඉදිරියෙන් මාර්ගය මැදට හරවා මාර්ගය හරස් කලේ නෙතුලිව ගොඩක් බයකරමින්.
“ආ නංගී…කොහොමද ඉතින්…වාව් ලස්සන.කාර්එක වගේම ඔයත් ගොඩක් වටිනවා ඇති නේ…..”
වෑන්එකෙන් බැස පැමිනි තිදෙනාගෙන් එක් අයෙකු පැවසුවෙ එහෙමයි.තිදෙනා සිටියෙ කාර්රථයේ තුන්පැත්තෙන්…නෙතුලිගේ දොර විවෘත කලේ ඒ මැරයමයි….නෙතුලි බිමට බැස්සෙ ඕනදෙයකට සූදානමින්…..පුංචි කාලයේ සිට ටයිකොන්ඩෝ සටන් කලාව හැදෑරූ නිසා නෙතුලි කිසිවෙකුට බියක් නෑ…
විශ්ව විද්යාලයේදී සිසුන් සිව්දෙනා ඉදිරියේදී නෙතුලි කලේ රඟපෑමක් විතරයි…ඒත් එහෙදී නම් කිසිවක් නෙතුලිට කල නොහැකි වූයේ මෙහෙයුම හසු වීමට ඉඩතිබූ නිසයි.
“ඇයි මොකද?.පාර බදු අරන්ද ?හොඳින් කියන්නෙ මේ..අයින් වෙනවා…”
“එච්චර ඉක්මනට අයින් වෙන්න නම් පාර හරස්කරන්නෙ නෑනෙ සුදූ…”
එහෙම කියමින් එක් අයෙක් නෙතුලිගේ අතකින් අල්ලගත්තත් නෙතුලි ක්ෂණික ඔහුගේ මුහුණට පහරක් ගැසූ නිසා ඔහු මුහුණ අල්ලාගෙනම බිම වැටුණා…
පිටුපස කාර්රථයේ සිටි අමාලි එවිටම නෙතුලි අසලට ආවා……
“මොකද කියන්නෙ…ආ…..කෙල්ලන්ට කරදර කරන්න තමුසෙලට ලැජ්ජාවක් නැද්ද?”
අමාලි සිටියෙත් ගොඩක් කෝපයෙන්….
“කෙල්ලන්ට නැත්තම් අපි කාට කරදර කරන්නද පැටියෝ..ඔයාටත් අපි එක්ක යන්න පුලුවන් එහෙනම් අපේ තැනට…අල්ලගනින් මුන් දෙන්නවම..”
එක් අයෙකුගෙ අණ ලැබුණ සැනින් බිම වැටුණු කෙනත් නැගිට නෙතුලිවත් අමාලිවත් වටකරගත්තා…
“අඩෝ…..ඔය කෙල්ලන්ට යන්න දියන්….උඹලට හොඳින් කියන්නෙ මං යන්න දියන්…”
එකපාරටම එසේ කෑගැසුවෙ නෙතුලි බලාපොරොත්තු නොවූ කෙනෙක්.
“හ්…අනුහස්….”
නෙතුලිට කියවුනේ ඉබේමයි…
“ඇයි මොකක් කරන්නද.මැරුම් කන්නැතුව පලයන් මෙතනින්.අපිට සැපක් ගන්න දීලා……”
ක්ෂණිකව එතනට විත් අනුහස් පහරදුන් විට තිදෙනාම බිම වැටුණා…නෙතුලි බැලුවෙ බිමවැටී සිටි ඔවුන්ගෙ මුහුණු දෙස…නමුත් තුවාල වී තිබුනේ නෙතුලි පහරදුන් කෙනාට පමණයි…නෙතුලිට එක්වරම ඇතිවුනේ සැකයක්….
ඒත් සමඟම මැරයින් දුවගොස් වෑන්රථයට නැගී පලාගියේ වේගයෙන්…..
“නෙතූ…ඔයාට කරදරයක් නෑනෙ…තෑන්ක් ගෝඩ්..මම ගොඩක් බයවුනා….මම වෙලාවට ආවෙ.නැත්තම් අරුන් ඔයාලට මොනවා නොකරයිද?”
එහෙම කියනගමන්ම අනුහස් බැලුවෙ නෙතුලි සමඟ සිටි අමාලි දෙස…අනුහස් අමාලිව දැක්කෙ දැන්…
අනුහස්ගෙ දෑස් විශාල වුනේ ඉබේමයි.අනුහස් එතැනින් පසු කතාකලේ අඩුවෙන්.ඒ වෙනස නෙතුලිට පමණක් නොව අමාලිටත් හොඳින් වැටහුනා.
“නෙතූ පැටියො…යමු මම ගිහින් ඩ්රොප්කරන්නම් ඔයාව.”
“ඕනි නෑ අනුහස් අයියා,මගේ කාර්එක තියෙනවා…අපි යන්නම්…තෑන්ක්යූ අපිව බේරගත්තට…”
නෙතුලි කිවුවෙ අවංකවනම් නොවෙයි.අනුහස් ගැන මේ සිද්ධියෙදිත් නෙතුලිට ඇතිවුනේ සැකයක් පමණයි…සැබවින්ම මෙහි සම්පූර්ණ සැලසුම අනුහස්ගෙයි…නෙතුලිගෙ සිතදිනා ගැනීමට ගත් එක උපක්රමයක් පමණයි මේ.ඒ ගැනයි නෙතුලිට සැක හිතුනෙ….
“ආ අනුහස් අයියා මේ මගේ යාළුවා අමාලි….අමාලි මේ අනුහස් අයියා…අර මාව මැරිකරන්න ඉන්නවා කිවුවෙ මෙයා තමයි….”
නෙතුලි දෙදෙනාට දෙදෙනා හඳුන්වා දුන්නේ හිතින් සිනහාවෙමින්…
“හෙලෝ මිස්ටර් අනුහස්….”
අමාලි අත දිගුකලේ අනුහස්ට අතට අත දීමට.නමුත් අනුහස් එයින් තවත් කලබල වුනා….ඔහු යන්තමින් බියමුසුව සිනාසුනා පමණයි….අමාලිට අතට අත දුන්නෙ නෑ..
“නෙතූ මට හදිසි මීට්න් එකක් තියෙනවා.දැනටත් ලේට් වෙලා…මම යන්නම්….”
කලබලයෙන් එසේ පැවසූ අනුහස් එතැනින් පිටත් වුනේ ඔහු පැමිණ සිටි කාර්රථයෙන්.
“මම කිවුවෙ නෙතූ…මාව දැක්කම මිනිහා කන්ෆියුස් වෙන්න ඇති….ඒකයි මාරුවෙලා ගියෙ….”
“මේකත් මිනිහගෙම ප්ලෑනක්ද කොහෙද අමා…”
නෙතුලි කිවුවෙ ඒ හිතේ තිබුණ සැකය නිසාමයි…..
“අම්මා අද අනුහස් අයියා කෝල් කළාද?”
නිවසට ගිය සැනින් නෙතුලි ප්රදීපාගෙන් එහෙම ඇසුවෙ සැකය තහවුරු කරගන්න සිතාගෙන…
“ඇයි අහන්නෙ?”
“අම්මා අහන දේට උත්තර දෙන්නකො..එයා කතාකලාද?”
“ඔව්,ඔයා කෝ ඇහුවා…”
“ඉතින් අම්මා මොකද කිවුවෙ…?”
“මම දන්නවෑ ඔයා ගිය දිහාව…මම කිවුවා එලියට ගියා කියලා….”
‘ඒකත් එහෙමද’
නෙතුලි එහෙම සිතමින්මයි කාමරයට ගියේ…..නෙතූට සියල්ල පැහැදිලී….මෙය සම්පූර්ණයෙන්ම අනුහස්ගේ උපක්රමයක් බව නෙතුලිට වැටහීමට වැඩි වේලාවක් ගතවුනේ නෑ…
“හෙලෝ අමා ගෙදරට ගියානෙ….?”
නෙතුලි ඒ සැනින් ඇමතුමක් ගත්තේ අමාලිට.
“ඔව් නෙතූ මොකෝ අවුල?”
“නෑ…..අර මිස්ටර් අනුහස්ගෙ ඩ්රාමා එකේ අපේ කැරැක්ටර්ස් දෙක අපි හරියට කළාද බන්….”
නෙතුලි අැහුවෙ සමච්චලයෙන්.ඒ බව අමාලිටත් තේරුම්ගියා…..
“එහෙමද වැඩේ වෙලා තියෙන්නෙ….ඒ කියන්නෙ මිස්ටර් අනුහස්ගෙ වැඩක් මේක…?”
“ඔව් අමා….අර අනුහස්ගෙන් ගුටිකෑවට පස්සෙ ඒ මැරයන්ගෙ මූණ මම බැලුවා.උන්ගෙන් ඒ ෂොට් වැදුණ පෙනුම තිබුණෙ මම ගහපු එකාගෙ මූණෙ විතරයි…මේක තනිකර ඩ්රාමා එකක්…මිනිහා හිතන් ඇති අපි අැන්දුනා කියලා…..හෙට මම උඹලගෙ ගෙදර එනවා..දිනූෂා එක්ක…අවුලක් නෑනෙ…?”
“අවුලක්නම් නෑ…මොකක්ද කරන්න යන්නෙ උඹ..?”
“ඇවිත් කියන්නම් අමා…..අනුහස් දඟලනවා වැඩී.ශට්ඩවුන් කරන්න වෙනවා ඉක්මනට එයාව…”
“ඒකියන්නෙ උඹ ඌව මරන්නද හදන්නෙ…?”
“නෑ නෑ අමා…වෙන දෙයක්…..”
නෙතූගෙ සිතේ මේ වෙද්දිනම් සැලසුමක් ඇඳී තිබුණා….නෙතුලි මේ සුලු සුලු දේවල් ඉගෙන ගත්තෙ සී අයි ඩී ඔෆිසර්ස්ලට දෙන විශේෂ පුහුණුවෙන්…ඒ නිසයි නෙතුලි මේතරම් නිර්භීත හා සූක්ෂම…..
“ඔයාගෙ අහිංසක නෙතුලිව මේ මිනිස්සු එකතුවෙලා දරුණු කරනවා මගේ සුදු අයියේ…ඉක්මනට සනීපවෙලා එන්න.මට ඕන ඔයාගෙ හුරතල් නෙතුලිම වෙන්න ආයිත්….”
නෙතුලි කොට්ටය තුරුලුකරගෙන එහෙම සිතුවෙ ලොකු දුකකින්…….