පුංචි දොස්තර නෝනා (21 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“මේ ඒක නෙවෙයි ඔයා මොකද්ද ඇහුවෙ දැනුනද කියලා.මොකක්ද ඒ……? “
” ඔයාට මතකද සුදු අයියේ එදා මේ ගහ මල් හැලුවෙ මගේ ඇඟට විතරයි.එදා මං ප්රාර්ථනා.අද අපි දෙන්නවම මේ ගහ මේ ලස්සන ⁣රොබරෝසියා මල්වලින් නෑවුවා…අද මම නෙතුලි.
ඔයාටයි ප්රාර්ථනාටයි එකතුවෙන්න බෑ කියලා මේ ගහ දැනගෙන ඉඳලා.ගහ බලාගෙන ඉඳලා සංදේශ් නෙතුලි එක්ක මේ ගහ යටට එනකල්.අද තමයි ඒ දවස….ඒ ගැන මම කිවුවෙ සුදු අයියේ…”
සමීර කල්පනා කලේ මේ තරම් අමුතු අදහස් ඇයට කොහෙන්ද කියලයි…..
සමීර සුන්දර සිනහවක් සමඟින් රූස්ස රොබරෝසියා ගහ දෙස හිස ඔසවා බැලුවා…නෙතුලි සමීරගේ අත අල්ල ගත්තේ සමීර දෙස ආදරණීය බැල්මක් බලමින්.ඇය සමීරගේ උරහිස අසලට හිස තබා නැවත සුන්දර වැවේ රැලි නැගෙන ආකාරය දෙස බලන් හිටියා.
“සුදු අයියේ මට හෙට කොළඹ යන්න වෙනවා….”
” එදා වගේ වැඩකටද….?”
සමීර ඇහුවෙ විහිලුවට…
“ඔය ඉතින් මම කිවුවනෙ ආයි බොරු කියන්නෑ කියලා සුදු අයියේ….”
නෙතුලි කිවුවෙ අතමිටි කර සමීරගෙ පපුවට සෙමින් ගසමින්…..
“විහිලුවට කිව්වෙ පැටියෝ…..ඕ……සී අයි ඩී නෝනට කේන්ති ගිහින් මට වෙඩි තියයිද දන්නෑ නේද…බයේ බෑ මට….”
“ඔව් ඔව් ……දන්නවනෙ……මම දැන් සුදු අයියගෙ පුංචි දොස්තර නෝනා නෙවෙයි…..”
“පුංචි සී අයි ඩී නෝනා…..”
දෙන්නම පැවසුවේ එකවර….දෙදෙනාටම සිනහාගියේ ඒ නිසයි.
“ප්රාර්……නෑ…..නෙතුලි මට සමාවෙන්න පැටියො…..”
“ඇයි සුදු අයියේ සමාව ඉල්ලන්නෙ මගෙන්…”
“නෑ ඔයාව සැක කළාට…..”
සමීර කිවුවෙ දුකකින්…..
“ඒකට සමාව ඉල්ලන්න ඕනි මමයි සුදු අයියේ…මමයි ඔයාට ඇත්ත කිවුවෙ නැත්තෙ….ඔයාට ඒක කොච්චර දුකක් වෙයිද කියලා මට තේරුම් ගන්න බැරිවුණා සුදු අයියේ…මට සමාවෙන්න….”
නෙතුලි සමාව ගත්තෙ අවංකවමයි….ඒත් දැන් සමීරගෙ හිතේ තරහක් තිබුණෙ නෑ…..
“සුදු අයියේ …….හෙට මම කොළඹ යන්නෙ අපේ ඔෆිස් එකට.මේ කේස් එකට සම්බන්ධ අයව දැනගත්තට පස්සෙ අපේ ඔෆිසර් කෙනෙක්ගෙ මාර්ගයෙන් ඩිපාට්මන්ට් එකට ඉන්ෆෝම් කරන්නයි එදානම් ගියෙ……
ඒ ගිහින් ඔෆිසර් සදෙව්ට සේරම විස්තර දීලා සැලසුම ඉල්ලගෙන යාලුවෙකුත් හම්බවෙන්න ගිහිල්ලා මම ආවෙ.ඔයා දකින්න ඇතිනෙ සුදු අයියේ.
එදා මට ඩිපාර්ට්මන්ට් එකට යන්න බැරිවුණා.ඒක අවදානම් නිසා….හෙට මට එන්නලු සුදු අයියේ.අනික මම කාලෙකින් ගෙදර ගියෙත් නෑ මං.සර්ව හම්බවෙලා මම ගෙදර යන්නත් ඕනි…..
මට ටික දවසකට ඔයාගෙන් ඈත්වෙන්න වෙයි සුදු අයියේ…..”
නෙතුලි සමීරව වැළඳගෙන හැඬුවා…සමීර ඇයගෙ හිස අතගෑවෙ ආදරයෙන්….
“ඔයාගෙ ඩියුටියනෙ…කමක් නෑ පැටියො…ගිහින් එන්න , මම බලන් ඉන්නම් ආයිත් මෙහේ ඒවිද දන්නෑ ඔයා….ඔයාට මේ කේස් එකෙන් පස්සෙ ප්රමෝෂන් ලැබෙන්නත් පුලුවන්…එහෙම වුනොත් ඔයා බිසීවෙයි.එතකොට මෙහේ එන්න වෙන එකක් නෑ….”
සමීරගේ සිතේ තිබූ දුක වචනවලින් නෙතුලිට දැනුණා.
“සුදුු අයියේ ඔයා ඇයි අද අහන්නෙ නැත්තෙ මමත් එන්නද කියලා…..?”
“ඔයාගෙන් මම එහෙම අහන්න ඕනි නෑනෙ දැන්….ඔයා ප්රාර්ථනා නෙවෙයිනෙ.ප්රාර්ථනා නම් අහිංසක,ගොඩක් තැන්වල ඇවිදපු නැති කෙල්ලෙක්නෙ.ඉතින් එයා ගැන හොයලා බලන්න ඕනි.ඒත් ඔයා එහෙම නෙවෙයිනෙ පැටියො…..”
“ඒ කියන්නෙ ප්රාර්ථනා තරම් ඔයාට නෙතුලිව වටින්නෑ කියන එකනේද සුදු අයියේ….”
” න්…නෑ… මං කියන්නේ……”
“නෑ ඔයා ඒකතමයි කියන්නෙ සුදු අයියේ….ඇයි මම සී අයි ඩී නිසාද..?, මම හැමදේම දන්නවද?,මට අනතුරු වෙන්න බැරිද,මට තනියම ආරක්ෂා වෙන්න පුලුවන්ද?බෑ සුදු අයියෙ බෑ.ම⁣ට හැමදාම ඔයාගෙ ආරක්ෂාවයි ඕනි….ඔයා මංගැන හොයලා බලන්න ඕනි හැමවෙලාවෙම…
මම වෙනස් කෙනෙක් කියලා හිතන්න එපා…ප්රාර්ථනා ඔයාගෙන් බලාපොරොත්තු වුන හැමදේම මේ නෙතුලිත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා සුදු අයියේ…ප්ලීස් මට වෙනසක් කරන්න එපා…”
“හරි හරි මගෙ පැටියෝ…..මම ආයිත් එහෙම කරන්නෑ….හරි ඉතින් මමත් එන්නද කොළඹ, මගේ සී අයි ඩී මැඩම්ගෙ ආරක්ෂාවට….?”
සමීර කිවුවෙ හුරතලයෙන්….ඒ හුරතලය නෙතුලි දැක්කෙ හුඟ කාලෙකින්…..ඇයට ලොකු සතුටක් දැනුනෙ ඒ නිසාමයි……
“යමු ඉතින් සුදු අයියේ……ඕක තමයි මං බලාපොරොත්තු වුණෙත්….”
පහුවදා අලුයම දෙදෙනාම මහියංගණය සිට කොළඹ බලා ධාවනය වන බස් රථයකින් කොළඹ පැමිණියේ ලොකු සතුටකින්…මේ තරම් සතුටකින් කොළඹ පැමිණි දවසක් සමීරගේ මතකයේවත් නෑ….

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!