පුංචි දොස්තර නෝනා (19 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
“ඔයා මොනවද මේ කියවන්නෙ සුදු අයියේ..⁣මගේ ජොබ්එක වෙනස් තමයි.ඒත් මමත් සාමාන්ය කෙල්ලෙක් රත්තරං…මටත් හැඟීම් දැනීම් තියෙනවා..මටත් ආදරේ කියන එක දැනෙනවා…ඉතින් මම කොහොමද ආදරේ ප්ලෑන් එකකට ගන්නෙ කියන්න……”
සමීර බලන් හිටියේ දළදා මාලිගා පූජාභූමියේ සිටුවා ඇති බෞද්ධ කොඩි සුළඟට ශබ්ධයක් නංවමින් ලෙලදෙන දෙසයි.
සමීර දිගු සුසුමක් පිටකලා….
“මගේ සුදු අයියේ….මම දිවුරලා කියන්නෙ.කිසිම හේතුවක් නිසා ආයිත් මම ඔයාට බොරු කියන්නෙ නෑ.මගේ ඇත්තම කතාව මේකයි.මගේ ගෙවල් නිට්ටඹුවෙ.මගේ පවුලෙ අම්මයි තාත්තයි අයියයි මමයි විතරයි.අපේ තාත්තට සල්ලි තියෙනවා.ඒත් අයියා කැමති වුනේම හමුදාවට යන්න.ඉතින් තාත්තා ඒකට නිදහස දුන්නා.
මම කොළඹ කැම්පස් සිලෙක්ට් වෙලා තර්ඩ් ඉයර් එකේදි අපේ තාත්තගෙ යාළුවෙක් ඉන්නවා සී අයි ඩී එකේ ,ඒ අංකල් සී අයි ඩී එක ගැන කිව්වා.මට ආස හිතුනා.මම කොහොමත් අපරාධ පරීක්ෂණ විද්යාව හදාරපු නිසා ඒක ලේසි වුනා.හතරවෙනි අවුරුද්දෙන් පස්සෙ මගේ ආසාව ගැන ඒ අංකල්ට කිවුවම එයා අපේ ගෙදර අය කැමති කරගත්තා මේක⁣ට.මම සී අයි ඩී ඔෆිසර් කෙනෙක් වෙලා මාස 5 යි තවම.මේ මගේ තනියම කරපු පළවෙනි මිෂන් එක.
මම අපේ ස්ටාෆ් එකේ පොඩිම කෙනා නිසයි මේක මට ලැබුණෙ.ඔයාට හිතාගන්න පුලුවන්නෙ සුදු අයියේ මට තිබුණ අවදානම ගැන.මට ඔයාව අවිශ්වාස නිසා නෙවෙයි ඔයාට මේ ගැන කිවුවෙ නැත්තෙ.ඔයාට තේරෙනවනෙ.
මම මේ මිෂන් එක සේෆ්ටි වෙන්න ඕන නිසා ගෙදර ඉඳන් නෙවෙයි ආවෙ.අපේ පුංචිගෙ ගෙදර ඉඳන්.මැදවච්චියෙ.අපේ අයියත් එහේනෙ ඉන්නෙ ඉතින් බයක් නෑ.එයාට මම ඔයාගැනත් කියලා තියෙන්නෙ සුදු අයියේ…..”
“මොකක් ඔයා අයියට කිවුවද අපිගැන….”
“ඔව් අයියේ…මගේ අයියා හරි හොඳයි.එයා ලොකු පැහැදීමකින් ඉන්නෙ ඔයාගැන.අනික අපි එදා නුවර ගිය ගමන ගැනත් අයියා දන්නවා.අයියා එදා අපේ පස්සෙන් නුවර ඇවිත් අ⁣පිට නොපෙනෙන්න.ඒත් ඒක මම දන්නෙ පස්සෙ.මගේ සුදු අයියා මාව පරිස්සම් කරපු විදිය දැක්කම අයියා ඔයාගැන තවත් පැහැදුනා සුදු අයියේ….අඩුම ගානෙ නිමේෂාවත් දන්නෑ මම කවුද කියලා…
ඔයාට ආදරේ කරපු එක හැරෙන්න මම අනිත් හැමදේම කලේ ප්ලෑන් එකක⁣ට තමයි සුදු අයියේ.ඒත් ඔයාගෙ ආදරේ මට මාවත් අමතක කෙරෙව්වා.මම චූටි කෙල්ලෙක් වගේ වුනා ඔයාගෙ ආදරේ ඉස්සරහා…..ඒ ආදරේට මට ගොඩක් ලෝභ හිතුනා..මට බයත් හිතුනා ඒ ආදරේ මට නැතිවෙයි කියලා සුදු අයියේ….
එදා බස් එකේදි ඔයාව ඉස්සෙල්ලම දැක්කම මට දැනුණ හැඟීම වචනෙන් විස්තර කරන්න බෑ අයියේ.ඔයාගෙ ඇස්වල එදා තිබුණෙ ආදරණීය බැල්මක්..ගොඩක් ආදරණීය බැල්මක්…මට දැනුණා මං හොයන මගේ ජීවිතේ තියෙන්නෙ ඔයාලඟ කියලා සුදු අයියේ.මේ වෙනකල් ඔයා මංදිහා බලපු ඒ බැල්ම වෙනස් වුනේ නෑ.ඔයාව ආශ්රය කරද්දි මට පුදුමත් හිතුනා බස් ඩ්රයිවර් කෙනෙක්ට මෙච්චර පිරිසිදු හදවතක් තියෙන එක ගැන….”
දෙදෙනාම එදා වගේම නොදැනුවත්වම පැමිණියේ වැව අසලටයි.එදා ප්රාර්ථනාව මල්වලින් නෑවූ රූස්ස රොබරෝසියා ගස අදත් එදාවගේම ප්රාර්ථනා පැමිණෙන තෙක් මල් දරා බලා සිටියා.ඒත් අද පැමිණියේ නෙතුලි.
ඒත් අද දෙදෙනාම එකට පියවර තබමින් ගමන් කරන විට රොබරෝසියා ගස යටදී එදාමෙන්ම සුළඟක් විත් සමීරත් නෙතුලිවත් දෙදෙනාවම එකවර මල්වලින් නෑවුවේ දෙදෙනාව එකතුකරන්නට ආශිර්වාද කරන්නාක් මෙනි.
“ඔයාට දැනුනද ඒක සුදු අයියේ….?”
“මොකක්ද පුංචි දො… ඕ සොරි මැඩම් නෙතුලි ඔයාට දැනුනෙ මොකක්ද?”
සමීරට සැනෙකින් මතක් වූයේ අතීතයයි.
“මැඩම් නෙතුලි?….අනේ සුදු අයියේ මැඩම් කියන්නඑපා.එතකොට අපි දුරයි වගේනෙ.අනික මම ඔයාගෙ මැඩම් නෙවෙයිනෙ රත්තරං.ප්ලීස් මැඩම් කියන්න එපා මගෙ සුදු අයියේ…. ඔය හදවතේ ප්රාර්ථනා වෙනුවෙන් දුන්න ඉඩ නෙතුලිට දෙන්න බැරිද මගෙ සුදු අයියේ….ඔයාට මාව මුලු ආත්මෙන්ම ඔයාගෙ කරගන්න නම් ඕනි ඒත් මම එපා කියන්නෑ සුදු අයියේ…මට ඕනි ඔයාව…මගේ පළවෙනි ආදරේ ඔයා. ඒවගේම අන්තිම ආදරයත් ඔයා….”
නෙතුලි එලෙස පවසන විට සමීරගේ දෑස් කඳුලින් බරවුනේ ඉබේමයි.පොඩි සැකයක් නිසා මේතරම් අාදරයකට පිටුපෑවා යන්න පසුතැවීමක් සමීරගේ සිතේ විය.පෙම්වතියගෙ වටින හැමදේම පෙම්වතාට ගැනීමට ඇගේ මුවින්ම අවසර දෙන්නේ ඒ හිතේ තියෙන ආදරේ නිසා නොවෙයිද?ඒත් ඒතරම්ම කෙල්ලෙක් අසරණ වෙනවට සමීර කෙසේවත් කැමති නෑ….
වෙන තරුණයකු වූවානම් අවසර දෙන්නටත් පෙර ලබාගත යුතුදේ ලබාගෙන බව නෙතුලි හොඳින් දැන සිටියා.ඒත් සමීරට ඒ අවසරය ඇගේ මුවින්ම ලබාදුන්නත් ඒ වරම ඔහු පිළිගත්තේ නෑ.කෙල්ලෙක් තමන්ගෙ ආදරය වෙනුවෙන් ඕනෑම දෙයක් පරිත්යාග කරන බව සමීරත් දැනගෙන සිටියා.
එයින් ඕනෑම ප්රයෝජනයක් ගතහැකි බවත් ඔහු දැනසිටියත් ඒතරම් පහත් තත්වයකට පත්වීමට සමීර කැමති වූයේ නෑ.නෙතුලි සමීරව අත් නොහරින්නෙත් ඇයට ඔහුතුල ඇති ඒ ගෞරවය වෙන අයෙකුගෙන් කිසිදාක ලබාගත නොහැකිබව දන්නා නිසයි.
“පිස්සී….ඔයවගේ කතාවක් කොල්ලෙක් ඉස්සරහ කියන එක කොච්චර භයානකද කියලා දන්නවා නේද.සී අයි ඩී එකේනෙ.ඒත් මොකද එහෙම කතාවක් කිවුවෙ මට…..කියනවා සී අයි ඩී නෝනා…”
සමීරට ඇයගේ ආදරයේ තරම අවසානයේදී තේරුම්ගත හැකි වුනා…
“ඉතින් මගෙ සුදු අයියේ මගේ ආදරේ ඔයාට ඔප්පු කරන්නෙ කොහොමද මං.එහෙම නැතුව.මම සී අයි ඩී කියලා අමතක කරලා මම සාමාන්ය කෙල්ලෙක් විදියට හිතලා මගේ හැමදේම ඔයා ගන්න මගෙ සුදු අයියේ.ඒ වෙනුවෙන් මට ඔයාගෙ හිතේ ප්රාර්ථනාට තිබුණ ඉඩටික විතරක් දෙන්න මගෙ අයියේ……..”
“ඒයි මගේ පිස්සු මැඩම් මොනවද කියවන්නෙ මේ.ඔයාටත් ඕනි අර සීතා දේවිය ගින්නට පැන්නා වගේ ඔයාගෙ ආදරේ ඔප්පු කරන්නද?….ආ…..ආදරේ තියෙන්නෙ හදවතේ විතරයි පැටියො.මගේ හිතේ මගේ පුංචි දොස්තර නෝනට වෙන්වුන ඉඩ⁣ මගේ නෙතූට දෙන්න ඔයාගෙ වටිනාම දේ මට ගන්න ඕනිද?.එහෙම ඕනකමක් නෑ රත්තරං.ඒක ඔයා තව කාලයක් පරිස්සම් කරන් ඉන්න ඕන.මම ඔයාව ආරක්ෂා කලා වගේ.සුදුසු දවස එනකල්.
මම දැනටමත් නෙතූට ප්රාර්ථනාගෙ ඉඩ දීලා ඉවරයි.ඒත් මේ අන්තිම වතාව.වෙන කාටවත් නෙතූගෙ ඉඩ, දෙන්නෙ නෑ.

පුංචි දොස්තර නෝනා (37 කොටස)

පුංචි දොස්තර නෝනා (38 කොටස)

පුංචි දොස්තර නෝනා (39 කොටස)

පුංචි දොස්තර නෝනා (40 කොටස)

පුංචි දොස්තර නෝනා (41 කොටස)

පුංචි දොස්තර නෝනා (42 කොටස)

පුංචි දොස්තර නෝනා (43 කොටස)

පුංචි දොස්තර නෝනා (44 කොටස)

පුංචි දොස්තර නෝනා (45 අවසාන කොටස)

 

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!