“ඒත් අපිට තව ටික දවසක් ඉවසන්න වෙනවා මිස්ටර් අසංක…”
“ඇයි ඒ ඩොක්ටර්?”
“පේෂන් තව ටිකක් අපේ ට්‍රීට්මන්ට් යටතෙ ඉන්න ඕනි…මොකද මෙයා තවම කලින් තත්වෙට ඇවිත් නෑ…..”
“ඕකේ ඩොක්ටර්….අයි කැන් අන්ඩර්ස්ටෑන්ඩ්…..”
“මිස්ටර් අසංක, මම කලින් මේ ගැන කිවුවෙ නැත්තෙ පේෂන්ගෙ ජීවිතේ ගැන ශුවර් එකක් තිබුණෙ නැති නිසා….බට්………නව් එව්රිතින් ඊස් ඕකේ….”
“ඒත් ඩොක්ටර් මගේ සංදේශ් අයියට සනීප වෙන්න කොච්චර කල් යයිද….?”
මෙතෙක් වෙලා නිහඬව සිටි නෙතුලි ඇහුවෙ ලොකු බලාපොරොත්තුවක් හිතේ තියාගෙන.
“ම්ම්ම්ම්….Two weeks වගේ යයි…ඒත් ඒක ඉක්මන් කරන්න පුලුවන් ඔයාට…ඔයාට පුලුවන් එයා ලඟින්ම ඉඳලා එයාව ඉක්මනට පෙර තත්වෙට ගන්න…මොකද එයා ඒකට උත්සහ කරනවා ඔයා කතාකලොත්…..
මම මෙච්චර වෙලා බලාගෙන හිටියෙ..අපි කවුරු කතාකලත් එයාගෙන් කිසිම රිඇක්ෂන් එකක් ලැබුණෙ නෑ…ඒත් මෙයා ඔයා කතාකරද්දි උනන්දුවෙන් බලනවා…මොනවාහරි කියන්න උත්සහ කරනවා…ඒකයි මං කිවුවෙ ඔයාට තමයි මෙයා සනීප වෙන එක ඉක්මන් කරන්න පුලුවන්…..”
ඕකේ ඩොක්ටර්..මම සුදු අයියා ලඟින්ම ඉන්නවා…..මම එයාව කොහොමහරි සනීප කරගන්නවා….මම ඒක කරනවා ඩොක්ටර්…..”
“ඕකේ…..ගුඩ්……..”
“එහෙනම් මිස්ටර් අසංක, මගෙන් වෙන්න ඕනි දෙයක් තියෙනවනම් ප්ලීස්….කියන්න….”
“තැන්ක්යූ ඩොක්ටර් අරෝෂ්……අපිට පුලුවන් මේක හැන්ඩ්ල් කරගන්න….ඩෝන්ට් වොරි…..”
“ඕකේ මිස්ටර් අසංක…..”
ඩොක්ටර් අරෝෂ් , ඩොක්ටර් රත්නායක සමඟම වෝඩ් එකෙන් එලියට ගියා…..
“නෙතූ ඔයා හදන්නෙ…..”
“ඔව් අයියා….මම මෙතන ඉන්නවා….සංදේශ් අයියා කවදාහරි සනීප වෙනකල්…….මට එයා වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ…..ඇයි අයියෙ, ඔයා මට කියන්නෙ…?”
අසංක නෙතුලි කියන්න හැදූ දේට බාධා කලා…
“ඔයා හිතන්නෙ මං ඔයාට එපා කියයි කියලනෙ…..පිස්සි….ඔයා තාම ඔයාගෙ අයියා ගැන දන්නෑ..”
අසංක එහෙම කිවුවෙ මද සිනහවක් සමඟින්….ඔහු කියන්නෙ කුමක්ගැනද කියා නෙතුලිට තාමත් අවබෝධයක් නෑ….
“අයියා….මට තේරුණේ නෑ….?”
“ම්ම්ම්ම්ම්….ඔයා හිතනවා මම ඔයාට මෙතන ඉන්න එපා කියයි කියලා….නෑ පැටියො මම එහෙම කරන්නෙ නෑ..ඔයා මෙතන ඉන්නවා…ඒ වගේම මමත් මෙතන ඔයත් එක්කම ඉන්නවා….හරිද?”
නෙතුලිට පුදුමයි…
“අයියා….!!!!!”
නෙතුලි කතාකලේ පුදුමයෙන්…..
“ඔව් පැටියො ඔයාගෙ කැමැත්ත ඒකනම් මම එපා කියන්නෙ නෑ…මමත් මෙතනම ඔයත් එක්ක ඉන්නවා….”
නෙතුලි අසංකව වැළඳ ගත්තෙ ගොඩාක් ආදරයෙන්…නෙතුලි සිතුවෙ නෑ අසංක ඇගේ ඉල්ලීමට කැමතිවේවි කියලා…
* * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
දින පහක් ගතවුනා…නෙතුලි වෝඩ් එකෙන් එලියට ගියෙ උදෑසන මුහුණ සේදීමටත් සවසට නෑමටත් පමණයි…ඒ වෙලාවෙදිත් සමීරව තනිනොකර අසංක සමීර අසලින්ම රැඳී සිටියෙ ඔහුගෙම සොහොයුරෙක් වගේ….ඒ ඔහුගෙ නංගිගෙ යුතුකම ඔහුගෙත් යුතුකම කියා අසංක සිතන නිසා.
නෙතුලි පසුගිය දින පහම සිටියෙ රාත්‍රියේ නිදිවර්ජිතව නිසා දහවල් කාලයේදී සැරින් සැරේ නෙතුලිගෙ දෑස් ඉබේම පියවෙනවා….මේ තරම් දුකක් විශ්වවිද්‍යාල කාලයේවත් නෙතුලි විඳලා තිබුණෙ නෑ….ඒත් මේ දුක සමීර වෙනුවෙන් නෙතුලි වින්දෙ සතුටින්…..
“පු..පුං.පු…පුංචි දො..ස්තර නෝ..නා……”
නෙතුලිට මේ වචන තුන ඇහුනෙ හීනෙන්වගේ…නෙතුලිගෙ දෑස් පියවුනේ විනාඩි පහකට විතරයි…නෙතුලි සැරින් සැරේ ඒ සුලු නින්දෙන් අවදිවෙන්නෙත් ගැස්සිලා…නෙතුලිට පෙනෙනවා ඇත්තෙ සමීරව වෙන්න ඇති….ඒ නිසා වෙන්නැති ඒ ගැස්සිලා අවදිවෙන හැම වෙලාවකම වගේ සුදු අයියේ කියලා නෙතුලිට කියවෙන්නෙ….
නෙතුලි හිතුවෙ මේ හඬත් ඒ දකින භයානක හීනවල කොටසක් කියලයි….
“නෙ…නෙ…නෙතු…ලි ”
නෙතුලිට විශ්වාස කරන්නත් අපහසුයි…සමීර කථාකළා….සමීරගෙ ශ්වසන උපකරණ ගැලවූවෙ ඊයෙ…ඒත් දින දෙකකට වතාවක් එය පැය දෙකක් සවිකර ක්‍රියාත්මක කලයුතු බව වෛද්‍ය නිර්දේශය වුනා…
මේ වෙලාවෙ අසංකත් එලියට ගිහින් හිටියෙ….නෙතුලිට, රෝහලේ වාට්ටුවක සිටියත් කෑම බීම පවා අසංක අඩුවක් කලේ නෑ…..ඒ නිසයි නෙතුලි ආස හැමදේම නෙතුලි ළඟට අසංක ගෙනත් දෙන්නෙ…ඒත් නෙතුලි ,සමීර රෝහල් ඇඳේ ඉද්දි රසමසවුළු කෑමට බලාපොරොත්තු වුනේ නෑ……
“මගේ සුදු අයියා…..ඔයා කතා කලා……අනේ ඔයා කථාකළා……කොච්චර දවසකින්ද මේ කටහඬ අැහුනෙ…මගේ රත්තරංගෙ කටහඬ ඇහුනෙ……අයි…අයි කාන්ට් බිලීව් දිස්………ඔයා කතාකරනවා…
කතාකරන්න සුදු අයියේ….මගේ ඇස්දෙක දිහා බලාගෙන කතාකරන්න සුදු අයියේ….ආයි කතාකරන්න රත්තරං….”
නෙතුලි කෑගැහුවෙ සතුටින්….ගොඩාක් සතුටින්…..මේ තරම් සතුටක් නෙතුලි විඳින්නෙ දින ගනනාවකින්…සතුටක් ලැබෙන්න මිනිස්සු කෝටි ගනන් වියදම් කරනවා.ඒත්…එකම එක පුංචි වචනයක් මුලු ලෝකෙම ලැබුන තරම් සතුටු වෙන්න පුලුවන් දෙයක් වෙන්නත් පුලුවන් කියලා පලමු වතාවට නෙතුලිට හිතුනෙ මේ වෙලාවෙ…….