නිරුවත් මලක් (5 කොටස)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
අප්සරා දානෙ ගෙදර සියලු වැඩ හොයා බලා සිදුකලේය ඇය කොහොමත් කම්මැලි නැත පිලිවෙලට මුල්තැන දෙමින් සියලු කටයුතුම ම්නාව සන්විදානය කිරීමට ඇයට හැකියාව ඇත .සනුල්ගෙ අම්ම ත් අප්සරාට සියලු වැඩ පැටව්වෙ මින්දුලිට සනුල් ට ලන්වීමට ඉඩදෙමිනි .
මේ අතර සනුල් ගෙ සිත සනුල් ට ම වරදපටවන්න විය අප්සරා වැනි යහපත් බිරිදක් සිටියදී ..මෙ හිත අයාලෙ යන්න නොදි තියාගත යුතුය.අප්සරා යනු මවක් වැනි ව තමාව රකිනා බිරිදකි කිසිදු අඩුපාඩුවක් ඇයගේ ගති ගුනවල නැත් වැඩ පිලිවෙලෙහිද නැත.එසේනම් මේ හිත චුට්ටක් හරි හෙල්ලි ගියේ මින්දුලී ගේ රූපය නිසාද….එහෙම වෙන්නත් විදියක් නැ මින්දුලී ව මම ගොඩක් කල් ඉදන් දන්නෙ කවදාවත් මට ඒ කෙල්ල ගැන නරකක් දැනිල නෑ .මම හිතන්නේ අප්සරාගෙ විකාර ද කොහෙද…තව පොඩ්ඩෙන් මමත් ට්රැක් පනිනව…මම කවදාවත් අප්සරාට වරදක්වෙන්න දෙන් නෑ එයාට විතරයි මම ආදරෙ කරන්න.සනුල් තමාටම දිව්රා ගත්තාය.
අප්සරෝ…
දානය අහර වී ඉතිරි බත් පාර්සල් කරමින් සිටි අප්සරා අසලට පද්මා කිට්ටු විය..තම නැන්දනිය මෙච්චර කරුනාවෙන් තමාටලන්වෙනම් මොකක් හො ගින්නක් බව අප්සරාට ඉවෙන් මෙන් තේරුනි
ඇයි අම්මේ
දුව දන්නවනේ සනුල් තමාඅපෙ පර්ම්පරාවට ඉන්න එකම කොල්ලා .සනුල්ගෙ තාත්ත හරි ආසවෙන් හිටියේ මායදුන්න පරම්පරාව ඉස්සරහට ගෙනියන්න මුනුබුරකු එයි කියලා ඒත් උන්දා අකාලෙ මැරුනා.මමත් දැන් නාකි මටත් ආසයි සනුල් පුතාගෙ දරුවෙක් බලල ඇහ පියාගියන්න.අප්සරාට ඒදේ කරන්න බෑ කියලා තේරෙනවනෙ.මම අමුතුවෙන් කියන්න ඕන නෑනෙ අප්සරාට ළමයා ඉගෙනගත්තු දරුවෙක්නෙ හැටියට තේරෙනවනෙ.අනික අප්සරෝ ..අපේ ගම්වල වද කෙසෙල් ගහක්වත් ගෙවල් වල තියන් නෑ කපල අයින් කරලා ඒ වෙනුවට වෙන සරු පැලයක් හිටවනවා මිසක….
අප්සරාට සියල්ල වැටහුනි ….අම්මා කියන්නෙ මට මගෙ සනුල්ගෙන් වෙන් වෙනද .අම්මට දුවෙක් ඉදලා ඒ දුවට මෙහෙම උනාන්ම්…මතකතියාගන්න…මන් මගෙ සනුල්ගෙන් වෙන් වෙන්නෙ නෑ.අම්ම පුලුවන් ඕන දෙයක් කරන්න..
ධෛවය විසින් අප්සරාට පන්න පන්න පහර දෙන්න විය.ඇය අසරණ ය. දරුවෙක් නැති මිස ලතවෙන ඇගේ හිතට තවත් හෙනයක් පාත් විය ඇත්තටම එය අප්සරා විසින් බලෙන් දා ගත්කරදරයකි.සනුල්ගේ ගමේ ඉන්ම රන් එතනා නැන්දා අප්සරාට කවදත් එකතුය හිතය .
අප්සරා නෝනේ ……
ආ මේ රන් එතනා නැන්දා නේ කොහොමද නැන්දේ ඉන්න බත් ගෙඩියක් බැදල දෙන්න්ම් නැන්දට.
අප්සරා නෝනෙ මම ආවෙ බත් ගෙඩියක් ගන්න නෙවේ නෝනෙ.නෝනාට කාරනයක් කියන්න.ඊයේ සනුල් මහතය අර නූඩ්ල්ස් කොන්ඩයක් තියන සක්කරවට්ටම එක්ක ඇල ඉව්රේ කියෝ කියෝ හිටිය …මහ රෑ…
අප්සාරාගෙ දෙපාමත හෙනයක් ගැසුවෙය ..මුළු ඇගම රත්විය ……තුන්සිතම ඇව්ලිනි….මෙය සිද්විය නොහැකිය….නැත එහෙත් රනෙ එතනා නැන්දට වැරදෙන්න පුලුවනි.අනේ දෙවියනේ….මුලින් මම සනුල්ගේ ගරුත්වය රැකිය යුතුය ගමේ ගැහැනුව්කටවල් විශ්වාස කරන්නට බැරිය.
අනෙ නැන්දේ ඒ ළමයා මේ මම දන්න ළමයෙක් ඇරත් මමත් ඊයෙ ඇල ඉව්රේ එතන උන්නනේ නැන්දේ.නැන්දා මවදැකෙ නැතිව ඇති.අප්සරා පැවසුවේ මුසාවකි
අනේ එහෙමෙය නෝනෙ…..අනේ නෝනෙගෙ හොදටනෙ මමත් තකහනියෙ කිව්වෙ දන් නැද්ද නෝනෙ අදකාලේ මනුස්සයෙක් එක්ක පවුල් කාගෙන ඉම්ම හරි අමාරුයි නොව.අප්සරා නෝනේ අමනාඔඅ වෙන්න එපා.එහෙනම් යන්නම් නෝනෙ
හා හොදමයි නැන්දේ
සිදු නොවිය දෙයක් සිදු වෙමින් පවතීද ..නෑ සනුල් එහෙම නෑ සනුල් නැතිව මම කොහොමද දෙයියනේ ඉන්නේ.මම සනුල් එක්ක අදම ගෙදර යනවා….ගිහින් කතා කරනවා..අප්සරා සනුල්ව සොයා යනවිට සනුල් සිටියේ මින්දු සමග බර කතාවකය…අප්සරා ලගට එනවිටත් සනුල් මින්දුහිටියේ ඔව්න්ගේ කතාවේය .
සනුල්……
අප්සරාගෙ හඩින් සනුල් හැරි බැලුවේය.අප්සරා එන්න ඔයත්….අපි මේ කතා කරේ…සනුල්ට එතනින් එහාට මුකුත් කීමට ඉඩක් ලැබුනේ නැත
සර් මේක අපි ඉක්මනට ඉවරයක් කරන්න ඕන.එතකොට ලේසි සර්…මින්දු පැවසුවේ අප්සරාව ගනන් ගන් නැතිවය..
ඔව් මින්දුලී මම මේක ඔයාට භාර කරනව..මේක ඔය ඕගනයිස් කරන්න ඕන තේරුනදා හැමදෙම බලල කරන්න.අප්සරා මිස්ගෙනුත් උදව් ගන්න පුලුවන්
අනේ සර් හරියට බලිකුට්ටක් වත් ඇදගන්න බැරි අක්කිගේන් මේ ආර්ට් එක්සිබිශන් එකට මොන උදව් ද ….
මොකක්ද සනුල් වෙන්නෙ…..
මේකයු අප්සරා අපිට ආර්ට් එක්සිබිශන් එකකින් ඉන්වයිට් හම්බුනා අපි තීරනය කල ස්ටෝල් එකක් අරගන්න .
සනුල් මට ඔයා එක්ක කතා කරන්න ඕන තනියම..මින්දුලී ඔයා ටිකක් එලියට යන්න මේක මගෙයි මහතතයා අතරෙයි කතාව්ක්
මින්දුලී ඉවත්ව ගියේ අප්සරාට රවමිනි
සනුල් ඔයා දැන් තනිතීරන ගන්නත් පටන් ගතද ආ සනුල් වෙනදට ඕන දෙයක් මාත් එක්ක කතා කරලා තීරන ගන්න ඔයා දැන් මින්දුලී එක්කද හැමදේම තීරන කරන්නෙ…
අප්සරා මම ඔයාට කෝල් එක ආපු ගමන් කියන්ම තමා ආවෙ හොයාගෙන් ඒත අම්ම කිව්ව එතනා නැන්දා එක්ක ඔයා කතාවක් කියලා .ඊට පස්සෙ ඉතින් මින්දුලි මම කතා කරා මේ ගැන එතකොටයි ඔයා ආවෙ.
සනුල් පැවසුවේ සත්ය උනත් අප්සරාට ..එයවිශ්වාස නැත සැකය නම් විසබීජය දැන් අප්සරාගේ හිතේ රජ කරන්න විය….
අනික ක ඊයේ ඇල ඉව්රේ රෑ මින්දුලී එක්ක මොකද කරේ…..අප්සරා නැගූ ප්රශ්නය වෙන්ද ඇසුවනම්..සනුල් එයට එච්චර තැතිගන්නෙ නැත…එහෙත් ඊයේ හිතට ආපු විකාර සිතුවිලි සමබන්දයෙන් අප්සරා නැගූ පැනයට සනුල් ටිකක් ගැස්සී ගියේය
මම ඊයේ නි නිකමට ඇලපාර ලගටව්වෙල ඉන්නකොට මින්දුලී හම්බුනා කතාකරා එච්චයි.සැබවින්ම සිදු පිටුන් බලනකල සිදු ඌයේ එපමනකි එහෙත් වෙනස සිදූ වූයෙ සනුල්ගේ සිතේය.
මම අහනක්න් ඇයි සනුල් කිව්වෙ නැත්තේ.
අනේ මේ අප්සරා ඔයාට මොකද වෙලා තියන්නෙ මොකක්ද මේ සැකය..ඕන වෙලෙක මම කවදාවත් ඔයාගෙන් පිට ගෑනියෙක් දිහා බලල නැ ඔයාගෙ ඔය පිස්සු විකාර මනස්ගාත නවත්ත ගන්න….සනුල් අප්සරාට මදක් ඉහල ස්වරයෙන් කීවෙය
ඔව් මට පිස්සු හොදටම පිස්සු..අප්සරා
ඉකිගසා හැඩුවේය …හැමෝටම ඕන මාව ඔයාගෙන් ඈත් කරන්න .ඔයා දැන් මාත් එක්ක රන්ඩුත් කරන්න පටන් අරන්..මට ගෙදර යන්නඕන.ඇයි සනුල් මට මෙහෙම කරන්නෙ..
සනුල්ට අප්සරාගේ මේ කියවිල්ල වදයක් විය කොහොමත් සනුල් රන්ඩුකරම එකමදේ කියවන ගෑනුන්ට ආස නැත.අප්සරා වෙනදට මෙහෙම හැසිරෙන්නෙ ද නැත දැන් අප්සාරාගෙ ඔලුව අව්ල් වී ගිහින් සනුල් එතනින් එහාට අඩියට දෙකට ඉවටත්ව ගියේ අප්සරා සමග අමනාපයෙන් මෙනි
අප්සරාට කාගෙහරි උදව් අවශ්ය බව ඇයට දැනුනි ඇයට මතක් උනේ ඇයගේ අක්කාවය .ගෙදර ගිය පසූ අක්කත් එක්ක මේ සියල්ලම පවසා සිත නිදහස් කරගත යුතුය .නැත්නම් මට පිස්සු හැදෙයි.
අනේ ….මාව බේරගන්න…කව්රුත් නැද්දෝ …බේරගනියෝ අනේ බේරගන්න..
ඇලපාර දෙසින් ඇසුනු කටහඩ මින්දුලී ගේ බව අපසරා අදුනගත්තා..මින්දුලී ඇයි මේ කෑ ගහ්න්නෙ.ඊලගට මේ කෙල්ල මට මොන ගින්දරක්ද දෙන්න හදන්නේ සිතමින් අප්සරාද කෑ ගැසිල්ල ආපු දෙසට දිවගියා.

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!