අකුරු කියවීම (ඉස්කෝලෙ කාලෙ රස කතා)

Share With Friends

Facebook
WhatsApp
Telegram
LinkedIn
Email
ලස්සන දවසක් එදා… මට මතකයි කුල්ලකට කැවිලි ගොඩාක් පුරවලා ඒ ලගින්ම හාල් කන්දක් තියලා මැද්දෙන් ලොකු පහනක් තියලා..අලි තැත්තත්තගෙ හොඩ තියන බඩ බෝල ලස්සන හිනාවක් තියෙන කෙනෙක් මන් දිහා බලාගෙන හිටියා. සාලෙ මැද්දෙ පැදුරක් දාලා කතන්දර පොත් ගොඩාක් තිබුනා. වාසනා පොත් ප්රදර්ශනේ වගේ.
ඉස්සර මගේ අප්පච්චි මාවයි අක්කවයි දෙපැත්තෙ තියාගෙන රෑට නිදාගන්න කලින් කතන්දරයක් කියනවාමයි. අපි රෑට නිදාගන්නෙ එහෙම. සමහර දවස්වලට එලියට එක්කන් ගිහින් අහසෙ තියෙන තරුරටා ගැන කියලා දෙනවා. කොහොමහරි ඒ හින්දා මන් කතන්දර ගොඩක් දන්නවා අකුරු කියවන්නත් කලින් ඉදන්ම රූප දැක්කම කතාව කියන්න පුළුවන්.
මගෙ අම්මයි අප්පච්චියි දෙන්නම ගුරුවරු කියලා කලින් කතාවක මන් කියලා තියනවනෙ. ඒ හින්දා මට අකුරු කියවන්න ආවේ විශ්රාමික විදුහල්පති කෙනෙක්. දැන් ගොඩාක් වයසයි එයාට. යන්න එන්න බැරි තරමටම. අදටත් හරිම ආදරණීයම චරිතයක්. ඉතින් ඔන්න මේ සීයා ඇවිල්ලා මව ඔඩොක්කුවෙ තියාගෙන දැන් අකුරු කියවන්නයි ලෑස්තියි. මට නැකතට කියවන්න තිබුනෙ “” සුගත”” කියන වචනෙ.
සීයා -: පුතේ ” සු ” කියන්න.
එතකොටම මන් කියලා…
“”අනේ අප්පච්චි මට නම් බෑ සු කියන්න කියලා..””
මන් සාමාන්යයෙන් මේක කරන්න කියලා කවුරුහරි කීවොත් කරන්නෙම නැති කෙනෙක්. ඕක තේරුම් ගත්තු අප්පච්චි ටක්ගාලා මන් ලගට ඇවිත් කියලා තියනවා… පුතා කැමති නම් “සු ” කියන්න කියලා.
බෑ කියලා කීවත් සු කීවනෙ… ඒකත් බැරි බැරියාවෙන් හරි ගොඩ.. අදටත් ඉතින් එච්චර තමා මොනවා උනත් බෑ බෑ කිය කියා එකපාරින්ම වැඩේ ගොඩ දාගන්න මෙව්වා එකක් තියනවා.
ඊටපස්සෙ අර අකුරු පොත පෙරලලා අකුරු කියවන්න කියලා ලැස්ති වෙලා ඔන්න.. අම්මයි අප්පච්චියි සීයයි දැන් වට වෙලා පොත පෙරලනවලු.. ටිකකින් අම්මයි අප්පච්චියි මූනෙන් මූන බලාගෙන ඉන්නවලු… අර සීයා ඉදගෙන ඉන්න පැදුරෙන් නැගිටලා.. ආයෙ ඒකෙ කියවන්න දෙයක් තිබිලා නෑ.. අම්මා කියලා තිබ්බ රූපෙ කපලා.. ආතා කියලා තිබ්බා ආතාගෙ රූපෙ එක්ක එකට සෙට් කරලා.. අම්මට රතුපාටින් මල් ඇදලා සාරියකුත් අන්දලා. සමනල්ලු ඉස්සරහින් මල් යායවල් ඇදලා.. ජිරාෆ්ලට තණකොළ කවලා… පඹයා ගාවින් කොක්කු ඇදලා.. නයාට තිලකයක් තියලා තෝඩු දාලා.. ඉබ්බා කපලා ගග ගාවින් සෙට් කරලා.. ඔක්කොමත් හරි පිටිපස්සෙ පිටකවරෙ තිබ්බ ගණදෙවියන්ගෙ හොඩ වැල වෙනම කපලා ඇතාගෙ උඩින් සෙට් කරලා.. පැත්තක ඉන්න මීයව කපලා ඌරත් එක්ක සෙට් කරලා… ඌරා තමා මනමාලි….මීයා තමා මනමාලයා..අන්තිමට ගණ දෙවියන්ගෙ කකුල් විතරයි ඉතුරු වෙලා තිබ්බේ. ඒ පොතේ කියවන්න දෙයක් ඉතුරු වෙල තිබිලම නැ.ඒකත් එතනින් ඉවරයි. ඒත් මන් බැලුවා ඇයි මේ මන් බලපු පොතක්ම ආයෙ පෙරලන්නෙ කියලා.
වටේම නෑයො ටික එද අම්මට කියලා තිබුනා අටවසර පාස්කරගත්තොත් පත්තේරට දාන්න කියලා. ඒත් අර සීයා කියලා තිබ්බා මට තිත්ත රූප මවාගන්න පුළුවන් පරිකල්පන මෙව්වා එකක් තියනවා කියලා. එයා විතරයි හොදක් කියලා අම්මලාගෙ හිත හදලා තිබ්බෙ. ගණ දෙවියො කැලිවලට කපපු එකට වස් වැදිලා අකුරු ලියාගන්නත් බැරුව යනවා කියලා තිබුනා. හැබැයි මන් ඇත්තටම අකුරු ලීවෙ හරියටම තුන වසරෙ වගෙ ඉදන්. ඒ බැරිකමකට නෙමෙයි අම්මා අප්පච්චි ගුරුවරු හින්දා ළමයින්ව බය කරගෙන අකුරු ලියවා ගන්න දෙතුන් දෙනෙක්ව මන් තියාගෙන හිටියෙ. ඒත් ඒ අතර ගෙදර වැඩ පොත් අරන් යන්න මේන් කෙල්ලක් හිටියා. ඒත් උන් සටන පාවා දීලා වැඩේ චකබ්ලාස් උනා. අකුරු ලියවගත්තු කෙල්ල අඩු වයසින්ම පැනලා ගියා. ඉස්සර අම්මලා ඕකට මට නෝන්ඩි දදා හිටියට දැන් කැත නැතුව මාත් අනිත් අතට කියනවා.. ඕකිව පොඩි කාලෙ ඉදන් අකුරු ලියවලා හදාගන්න ට්ර්යි කරෙ ඔහොම මගුලක් කරගන්න බව මන් දන්න හින්දා කියලා. ඒත් තාම නොන්ඩියෙ නම් අඩුවක් නෑ.
මන් මෙ වෙනකොට ඉස්කොල බරගානකට ගිහින් තියනවා. ඒකට හේතුව ඉස්සරලම මාව එක වසරට දැම්මෙ අක්කා ගියපු ජාතික පාසලට. ඒකට ගියෙ දවස් දෙකයි. කෑම පෙට්ටිය අරන් පන්තිය වටේ ඇවිද ඇවිද කනව කියලා අම්මට කම්ප්ලේන් කරලා තිබ්බා. කරන්න දෙයක් නෑ චූටිකාලෙ මට කවලා තිබ්බෙ ඇවිද ඇවිද. මොන්ටිසෝරියෙ මට කවන්න වෙනම කෙනෙක් හිටියා. මොන්ටිසෝරි කතාම තියනවා කියන්න බර ගානක්….ඒවා පසුවට.
කොහොමහරි දවසක් ලේන්නුන්ට බත් කවන්න කියලා පොල් ගහක් ගාව ඉදගෙන කනකොට මිස් ඇවිත් පන්තියට ඇදන් ගියා. ඊටපස්සෙ ඉදන් ගියෙ අම්මත් එක්ක අම්මගෙ ඉස්කෝලෙට. ඒකත් එපා උනා හැමදාම යන්නෙ එකම තැනට. අනික මන් කැමති නැ ස්කෝලෙන් දෙන ගෙදර වැඩ කරන්න. ඒ හින්දා මන් කරේ දවසක් අම්මත් එක්ක අම්මලාගෙ ඉස්කෝලෙට යනවා.. ඊලග දවසෙ අප්පච්චිත් එක්ක ඒ ඉස්කෝලෙට යනවා. ඒකත් කරන්න බෑ කියලා අම්මගෙ ඉස්කෝලෙන් අස් කරගෙන අප්පච්චිගෙ ඉස්කෝලෙට දැම්මා.
ඔය ඉස්කෝලෙ ඉන්නකොට අපිට චිත්ර අදින්න කීවා. මාතෘකාව තමයි ම්ගේ පවුල.. මන් ඉතින් කොහොමත් කම්මැලියනෙ..කොහොමහරි ඉක්මනට වැඩේ ඉවර කරන්නයි ඕනෙ මට. අනික චිත්ර අදිනවා කියන්නෙ හෙනම කම්මැලියි.. පැන්සලෙන් අදින අස්සෙ මකනෙන් මකන්න ඕනේ.. පැන්සලෙන් ඇදපු එක උඩින්ම ආයෙ පාට කරන්නත් ඕනා. ඒකත් ගැලපෙන පාටවලින්. මන් ඇන්දා චිත්රයක් විනාඩි දෙකයි තුනයි. හානේ හරි ලස්සනයි පුතේ කියලා ටීචත් කොලෙ අරගත්තා. මන් ඒ ඉස්කෝලෙ හිටියට වැඩිහරියක් හිටියෙ අප්පච්චිත් එක්ක විද්යාගාරෙ. ( ඒ උනාට මට අදටත් සයන්ස් අරහං ) කොහොමහරි චිත්රෙ බාර දීලා අප්පච්චි හම්බවෙලා එන්නම් කියලා ටීචගෙනුත් පර්මිසන් ගත්තම ටීච කීවා අප්පච්චිවත් එක්කන් එන්න කියලා. හා කියලා මාත් ගියා. මන් තමයි එකටම ඇදල ඉවර උනෙ. අප්පච් බලන්න ඉස්සර මන් යන්නෙ හරකට අස්සයා පනිනවා වගෙ පැන පැන.. ඒක හරිම ලස්සන ගමන් තාලයක්. ඉදලාම අදටත් මන් පැන පැන තමා යන්නෙ. එතකොට ගමන ඉක්මන්.
කොහොමහරි අප්පච්චිත් ආවා පන්තියට. මිස් චිත්ර පෙන්නුවා.. මාතෘකාවත් කීවා. අප්පච්චිත් හිනා වෙනවා මිසක් මුකුත් කීවෙ නෑ. මිස් මගෙ චිත්රෙ මටම පෙන්නලා ඇහුවා..
“” කො දරුවො දැන් මෙකෙ ඔයාගෙ අම්මා තාත්තා..අක්කා.. කියලා… මාතෘකාව පවුලනෙ… මන් ඇදලා තිබුනෙ ගෙදරකුයි හදකුයි විතරයි.
වටේටම කලුපාටින් කෙලල ඇරලා තිබ්බා. හදට කහ ගාලා…. ගෙදරට දුබුරු පාට උලලා…ඔච්චරයි..!! වැඩේ ඉවරයි!! ඊටපස්සෙ මන් මිස්ට පහදලා කීවා… අපේ ගෙවල්වල රෑට මිනිස්සු ගේ ඇතුලට වෙලා බුදියාගන්නවා මිසක් එලියට වෙලා අල හිටවන්නෙ නෑය… මිස් රෑට ඇහැරගෙන මක් කොරනවද කියලා… ඇහුවා.. . අප්පච්චිත් කොහොමහරි මිස්ව සමතයකට පත් කරා පස්සෙ… ඊටපස්සෙ එක චිත්රයක් ඇන්දා ඒක සමස්තලංකා වලින් තේරිලා ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගත්තා. ඒකත් අම්මගෙ මරණ තර්ජන හමුවේ හදවතට බලහත්කාරයෙන් තිත්ත රූප මංදු කොරලා ඇදපු චිත්ර පොජ්ජක්. චිත්ර වලින් කියලා එච්චරයි අදටත් ඉතුරු.
ඉක්මනටම අප්පච්චිගෙ ඉස්කෝලෙටත් මාසයක් දෙකකින් වගේ සමුදෙන්න උනා. ඒකට හේතුව අම්මා අලුත් ඉස්කෝලෙකට ගියපු එක. ඒ ඉස්කෝලෙටත් යන්න ආසයි මට දැන්.. අඩලා අඩලා කෝහහොමහරි ඒකටත් ගියා. ඉතින් අම්මා ආයෙත් මාව අස්කරගෙන අලුත් ඉස්කෝලෙට දැම්මා. ඔන්න ඔය ඉස්කෝලෙන් තමයි අර අකුරු ලියවගන්න යාලුවාව සෙට් උනේ. මේ ඉස්කොලෙන්මයි අර මංගල ගාතා ඉගෙන ගත්තෙ. ශිෂ්යත්වෙ ලියනකන්ම කොහොමහරි ඕකෙ හිටිය.
ඔය ඉස්කෝලෙ ඉන්නකොට දවසක් රුක් කලාවක් අරන් එන්න කියලා තිබ්බා පරිසර පාඩමකට. කටද අනේ ගෙදර ගියාම ඕවා මතක් වෙන්නෙ. උදේ ඉස්කෝලෙට ආවාමයි මතක් උනෙ ඒකත් යාලුවො කියලා .දුවන් ගිහින් අම්මට කීවා.. ම්ම්හ්හ්ම්ම්ම් අම්මගෙන් කිසිම සපෝට් එකක් නෑ.. තො ගුටිකාපන් කියලා මාව එලෙව්වා. එහෙම ඉතින් සකන්ඩ් වෙලා පුරුද්දකුත් නෑ නෙ. බඩ අල්ලන් කෑ ගහලා පපුවෙ හිලක් කියලා මිස්ව ශේප් කරගෙන පන්සිල් ගන්න යන්නෙ නැතුව පන්තියෙ නැවතුනා.මිසා කේලම කියලා ඒ වෙනකොට මන් අඩනවා කියලා. අම්මා කඩල ගොට්ටකුත් උස්සන් ආවා මාව බලන්න .අම්මා දන්නවා දැන් මන් ඇබරෙන්නෙ මොකටද කියල. ඒ හින්දමද කොහෙදෝ අම්මා තරයේ අවවාද කරා මැරුනත් ගෙදර යවන්නෙ නෑ. ඉස්කෝලෙ ඇරෙනකන්ම ඉන්න ඕනා කියලා. ඒ පාර නම් ඇත්තටම ශ්වසන අපහසුතවයක් ආවා. දැන් වැඩේ හරි යන පාටක් නෑ. එකසිය තුන්වෙනි පාරටත් මන් කල්පනා කරා මේකට මොකද කරන්නෙ කියලා. හොඩවැල කැපුවට ගණ දෙයියො තරහක් නෑ.. අදටත් මට තක්කෙටම නුවණ දෙන්නෙ උන්නාන්සෙ……….
ඒ කරලා ගියා ටොයිලට් තියෙන පැත්තට. ඒ ඉස්කෝලෙ ටොයිලට් වල උතුරනවා. ඔතන වගුරුබිම වගේ. අඩිය තියන්න බැ එරෙනවා. බලු බෙටි එකෙමත් තියනවා. ඒත් ඔය හරියෙන් වල්පැල ගලවන්න ලේසියි. හොදට බුරුල් වෙලා එනවා. ගිහින් වල් පැල දෙක්ස් තුනක් ඇද්දා වලේ බැහලා..මන් ලග දැන් රොස මල් දහසක සුවද.. ලක්ස් කැට පිටින් ගිලලා වගේ.. ඔය වල් පැල වල මුල් ටික එකට කරලා අමුතු කලාවක් හදලා මිස්ගෙන්ම සෙලොටේප් එකයි කතුරයි අරන් කලාව සෙට් කරලා බෑග් එකේ දාලා කඩල ටිකත් ගිලලා කිරි ඉබ්බා වගේ උන්නා. මිස් පන්තියට ආව භැටියෙ කෙලින්ම මන් ලගට ඇවිත් ඇහුවා.. පුතේ ඔයාට බඩේ අමාරුවද?… අම්මට කියන්නද???… කියලා.. නෑ කියලා මාත් පැත්ත හැරිලා හිටියා. උදේම රුක්කලා පාඩම කරුපු මිස් මගෙ කලාව දැකලා ඒ සුවදින් මත් වෙලා අම්මටත් කතා කරලා අම්මගෙනුත් අවසර අරන් පන්තියෙන් එලියට දැම්මා. පස්සෙ ඉතින් අම්මා ස්ටාෆ් රූම් එක්කන් ගිහින් මාව හේදුවා..ඒක වෙනම කතාවක්.
තව දවසක් ඉස්කෝලෙ කොන්සට් එකේ අපි හිටියා
“”අයි හෑව් ඇන් ආන්ටි… ආන්ටි මොනිකා…””
කියන්න.
ලස්සනට අන්දලා අපිව ස්ටේජ් එක උඩින් තියලා ලයිට් එකක් එහෙම වැටුනාම ඔන්න ඉතින් මාව පිකප් වෙන්න ගත්තා.. පේලියට වැනි වැනී ඉන්න හිතෙන්නෙම නෑ මට දැන්…. බෑමයි කියලා හිතිලා ගියා ඉස්සරහටම.. නැටුවා ඇති වෙනකන් ආන්ටි මොනිකා වැහිලා වගේ…අත්පුඩි ගහනකන්ම නටලා තමයි ස්ටේජ් එකෙන් බැස්සෙ.. පස්සෙ පස්සෙ අම්මාට මාව පහ වසරට එනකන්වත් ඉස්කෝලෙට අරන් යන්න අමාරු උනා. කොටින්ම අන්තිම වෙනකොට මන් අම්මට වැදලා ඉස්කොලෙ ගියා නෙමෙයි අම්මා මට වැදල ඉස්කෝලෙ ගියා වගේ එකක් තමා උනෙ.
ඒ කාලෙ ඇතුලත් උන සිද්දි තව එමටයි.
හය වසරෙන් ආයෙ ජාතික පාසලට ගියා අක්කා එක්ක. අක්කා කීර්තිමත් ශිෂ්යාවක්! මන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. සතියකට සැරයක් නඩුවක් තියනවාමයි..පස්සෙ පස්සෙ අම්මලාව ඉස්කෝලෙට ගෙන්නලාම එපා වෙලා ෆෝන් නම්බර් ඉල්ලන් ගෙදරට කෝල් කරන තැනට එනකන්ම මන් දස්කම් පෑවා.
දවසක් පිට්ටනිය මැද්ද්ට අඩගහලා කොල්ලෙක්ට ගහලා ප්රින්සිපල්ගෙන් ගුටිත් කෑවා. ඒ ඌ මගෙ සල්ලි හොරකන් කරලා පන්තියෙ රන්ඩු වෙලා කේස් එක දුරදිග ගිහින් බහින්න කීවා ඕපන් ගෙර්ම් එකකට පිට්ටනියට.සත්තකින්ම මන් ඌට ගැහුවා එදා. පොර දෙපාරක් විතර හැරෙනකන් ඉදලා සාකච්ඡාවට අත සාක්කුවට යන වෙලාවක් බලලා…මගෙ අතේ තිබුනු වතුර බොතලේ පටිය කරකවලා කරකවලා බෝතලෙන්ම කෙලලා ඇරියා. මේකා දැන් වයින් කරපු රිලව වගේ වැනෙනවා… මූ මට ගහන්න ආපු පාර අත උස්සලා අවන්තට අනුහස් මෙව්වා වෙලා වගේ මාත් ගහගෙන ගහගෙන ගියා…අන්තිමට දිව්මි වගේ පරම පවිත්ර ස්ත්රීත්වය සීතාගෙන් පටන් අරන් ගීතාගෙන් විනාස උන හැටි දක්වා ඌට කියලා දීලා.. එන්න කියලා තිබුනු පනිවිඩේකට ප්රින්සිපල් සර්ව පොඩ්ඩක් මීට් වෙන්න ගියා. මට වෙලාවක් තිබ්බෙත් නෑ ඒත් හරි නෑ නෙ මොනා උනත් ඉස්කෝලෙ ප්රාධානියා එන්න කීවම ආරාධනාව බාරගන්න ඕනා අකමැත්තෙන් උනත්.
කොහොමහරි අපෙ හත්මුතු පරම්පරාවෙනම ප්රින්සිපල්ගෙන් ගුටිකාලා තියෙන්නේ මන් විතරයි.
ඒ උනාට අපි ශිෂ්යනායිකා පට්ටම් ගහපු ඈයො.
දවසක් ඔය පට්ටමටත් කෙලවෙන්න ගියා මල්ලි කෙනෙක්ගෙ කනට ගහලා.. ඌ හරියට භාවනා කරේ නෑ.. මට විරිත්ත විරිත්ත හිටියා.. සුවපත් වෙත්වා!! කියද්දිම දීලා ඇරියා..මේකා එවලෙ ඉදන් කන අල්ලන් කූන් කූන් ගානවා කියලා ඇඩුවා.. එදා නම් මාත් හොදටම බය් උනා.
තව දවසක් දහතුන වසරෙ අයියෙක් බැජ් එක අල්ලන් ඇවිත් නෑ සාක්කුවේ. අපි පොඩි එවුන් නිසා දවස් දෙක තුනක් කීවට අහලා නැ. ඊලග දවසක කට්ටිය මාව ෆෝම් කරලා තියලා තිබ්බා. මාත් ඉතින් අමුතුවෙන් පෙට්ට්රල් ඕනෙ නෑ ඔටො වයින් වෙනවනෙ. කොහෙදෝ නැති කේන්තියක් කිහිල්ලෙ ගහන් පොර එනකන් රැකලා හිටියා. බඩු හරි ඌ එදා ඇදන් ඇවිත් තිබ්බෙත් ඒකමයි..
අයියෙ ටිකක් එන්ටකො.. ඇවිදින් හිටගන්ටකෝ…. කීවට මේක ඇහුවෙ නැ… පුහුණු නෙට්බෝල් ගෝල් කීපර් ක්රිඩිකාවක් උනු මා පන්දුව රැක ගනිමින් අරූගෙ ඇගේ ඉල්ලී අතේ තිබුනු නිල් පෑනෙන් සාක්කුව මත මනරම් කුරුටු බලියක් ඇන්දා…ගොම්බෙට්ටෙ වහපු නිලාමැස්සෙක්ව වලිගෙකින් පන්නවා වගේ ඒකා අතින් ගගහා මාව පැන්නුවා. ඒත් උත්සාහය සාර්ථකයි. බැජ් එකට වඩා හොද දිස්නෙ දෙන මෙව්වා එකක් තිබුනා ඒකෙ.
ආයෙ දවසක් පීරියඩ් එකක් කට් කරලා අහුවෙලස් මිස් පස්සෙන් පන්නන් ඇවිත් ලග තිබ්බ අඹ ගහට නැග්ගා. ටිකකින් හත වසරෙ ළමයි ටිකක් පුටුත් අරන් සර් කෙනෙක් එක්ක ඒ ගහ යටට ආවා. මොනා කරන්නද දිමි තල තල විනාඩි හතලිස් පහක් අඹහහ උඩට වෙලා හිටියා. මාව දැක්කා එකා දෙන්නා හිනාව කාලා කෙල ටිකක් බ්ලා අත පිහදාන් හිටියා මට තිබ්බ බයටම. සර් දැක්කනම් ඉතින්.
තව දවසක් යාලුවෙන්න අහපු කොල්ලෙක් මට ලියුම් ලියලා තිබ්බා හැමදාම දවසට එක ගානෙ. ඉස්සර මගෙන් කොල්ලො යාලු වෙන්න අහන්න බයයි.. මට එතකොට සොහොන් කාලි ආවෙස වෙන පොඩි දිස්ටි ස්වබාවයක් තිබ්බා. ඒ හින්දා මූ ලියුම් ලියලා ලියලා උගෙ අකලංක මෙව්වා එක ප්රකාශ කරලා තිබ්බා. ලියන්නෙ මොකාද කියලා බලන්න වෙනම මිෂන් ඉම්පොසිබල් එකක් කරලා හොයාගත්තා. හැබැයි මොනා උනත් අදටත් පාරක්රම ස්මුද්රේ තරම් මට ආදරෙයි කියලා කියපු එකම එකා ඌ විතරයි. ඒ දවස් වල අපිට මින්නේරිය දෙයියො ගැන එහෙම උගන්නලා තිබ්බෙ.ආයෙ ලියලා තිබ්බා
“”මගෙ චන්ඩි කෙල්ලට රත්නත්තරේ පිහිටයි””” කියලා..
ඒකගෙ කටවහද කොහෙදෝ මට දැන් හදිස්සියකට මදුරුවෙක්ට තලාගන්න බෑ…. . ඕකා එක්ක මට තරහක් තිබ්බා.. ඌ දවසක් ඇර දවසක් පන්තියට තිබ්බටු ඇට ගෙනල්ලා මට ඒවගෙන් ගහනවා. ඉතින් මාත් දවසක් එනකන් බලන් ඉදලා… සේරම ලියුම් එකතු කරලා ෆයිල් එකක දාලා ගුරුදෙගුරු රැස්වීමෙදි කොල්ලගෙ අම්මා අතටම දුන්නා.
ආයෙ දවසක්….ඒවා ඕනෙ නැ.. කතාව දිග වැඩි..ඒ කාලෙ කතා වෙනම එකින් එක කියන්නම්.. දැනටමත් කතාව ගොඩක් දික්වෙලා.
කොහොමහරි උසස්පෙලට කුරුණෑගල ප්රසිද්ද බාලිකා පාසලකට ගිහින් දැන් විශ්වවිද්යාලයක උපාධිය හදාරනවා. උසස් පෙල කරන කාලෙ තමයි අර රගපාලා රැවුල් ගිල්ලෙ. ඒ කාලෙ ගැනත් වෙනම කියන්න ඕනා. අපි තාමත් ඉතින් ඉගෙන ගන්නවා. ඒත් අදටත් වරදිනකන් බලන් ඉන්න පිරිසක් ඉන්නවා. මොනවා උනත් තාම ගේම් එකේ මාත් ඉන්නවා… අදටත් අහකින් යන හූනෙක් යමින් එමින් දාන බෙට්ටක් හරි හුලගේ පාවෙලා ඇවිත් ඇගේ වදින්න තරම් වාසනාවක් තියෙන හින්දා ලියන්න කියන්න කතා ගොඩයි මට… තමුසෙ කෙල්ලෙක් ද? කියන වචන ටික මන් අහල ඇති මගෙ නමට වඩා.
එහෙම කියනකොට මතක් උනේ කොරෝනා නිවාඩුවට ගෙදර එන දවසෙ බස් එකෙ ඉස්සරහම ඉදගෙන ආවේ. අපායට ගියත් පාර බලාගෙන යන්න තමයි මන් කැමතිම . ඉස්සරහින් ඉදගන්න චාන්ස් එකක් නම් අනිවාර්යයෙන්ම මන් ඉදගන්නවා. දුම් දාගෙන පච්ච කොටාගෙන හූ කියාගෙන තොරන් රාජයා බස් එකක තමයි ආවෙ මන්. දුර් බස්නෙ. ඉතින් මාත් දාලා තිබුනු ටිවී එකේ තුෂාර ජෝ අයියා දරුනුවටම මයික් එක ගිලලා බොක්කෙන් සුතිය අල්ලන දිහා දෑස් අයා කට පියා හක්ක පන්නාගෙන බලන ගමන් හිටියෙ. ඉස්සරහ ටවුමෙන් බහින කට්ටියට නම් අඩගහලා රෙඩි කරාන ඩ්රයිවර් අයියත් සුක්කානම පාගගෙන හෝන් එක උඩ ඉදගෙන ගියෙ.. එක පාරම අයියා ඇල්ලුවා බ්රේක් එක ආයෙ මයිනහම අදිනවා වගේ..
ඒ සැනින්ම මගෙත් උකුලෙ පොට රිවස් ගියා වගේ දැනුනා මට. බලනකොට පැයට කිලෝමීටර් තුන්සීයක වේගෙන් සුනාමියට කලින් රැල්ල මැදටම ඇදුනා වගේ බහින්න හිටපු අන්කල් කෙනෙක් ඇදිලා ඇවිත් ඉස්සරහා තියලා තිබ්බ කතරගම දෙයියන්ටත් ශීර්ෂ නමස්කාර කරලා එල්ලලා තිබ්බ මිදි වැලත් හපාගෙන ඩ්රයිවර් උත්තමයගෙ උරහිසත් සිප ගෙන ඒ ගැම්මෙන්ම පාවෙලා කෝඩු ආකාසෙ දැවෙටෙමින් මේකගෙ ආච්චිට පොලෙ යන්න තකස් තහ්!! ගාලා මගෙ ඔක්ක උඩ පතබෑවුනානෙ… හප්පේ හැමදාම වගේ ලැජ්ජාව මාස්ක් එකෙන් ඔතාගෙන.. අන්කල් ටිකක් නැගිටිනවද කියලා මිනිහට තට්ටු කරපු පාර තමයි කොමා එකක හිටපු ඒ පරාණෙට සිහිය ආවේ… ඉස්සරහම ඉද්ගත්ත නම් දැන් ඉතින් ප්රදර්ශනය වෙවී පලකෝ කියලා මටම බැන බැන…ග්ලාස් එකත් ඇරියා ලැජ්ජාව හුලගින්වත් පල කියලා.. ඒකත් හොදා කොන්දොස්තර අයියාගෙ සුමුදු මුදු මුවින් මුදාහරින ලද රුදිරය වන් රත් පැහැ ඛේට බිදිති මදිටියා ඇට වරුසාවක් වගේ මගේ මුවකමල තෙමාගෙන කිස් කොරාගෙන ගියා….
((මියුසික්…….ඔන්න්!! ඕඕඕඕඕ ඕඕඕඕඕ ඕඕඕඕ))
අනේ වාසනාවන් මෙවුන්දලාගෙ අම්මලා අප්පලා පොකුරු පිටින් නිවන් දැකලා බුදුන් දකින්න ඕන කියලා හිතාගෙන.. මන් දැන් ඉදන් ක්ලියෝපැට්රා කියලා මවාගෙන… මාගේ රාජ ධානියට පැමිණ මා නැසීමට තැත් කරන දුෂටයිනි…ආයෙත් මොකක් හරි උනොත් තොපි එකින් එකා බාවනවා කියලා මනෝ පාරක් දාගෙන ඉස්සරහා බලාගෙන ගෙදර ආවා..

Read More Like This

PHP Code Snippets Powered By : XYZScripts.com
error: Content is protected !!